bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 38
Genesis 38
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 39 →
1
එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය.
2
එහි දී ඔහු කානානිය ජාතික, ෂුවා නමැත්තෙකුගේ දුවක දැක, ඈ සරණ පාවාගෙන, ඈ සමඟ විසුවේ ය.
3
ඈ ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ජුදා ඔහුට ඒර් යන නම තැබී ය.
4
ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ ඔහුට ඕනාන් යන නම තැබුවා ය.
5
ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.
6
ජුදා තම කුලුඳුල් පුත් ඒර්ට තාමාර් නමැති ස්ත්‍රියක විවාහ කොට දුනි.
7
එහෙත් ජුදාගේ කුලුඳුල් පුත් ඒර්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බොහෝ පව් කළ හෙයින් උන් වහන්සේ ඔහු මැරෙන්නට සැලැසූ සේක.
8
එවිට ජුදා ඕනාන්ට කතා කොට, “නුඹ සහෝදරයාගේ වැන්දඹුව සරණ පාවාගෙන, මස්සිනා කෙනෙකු නිසා ඈ වෙත යුතුකම ඉටු කර සහෝදරයාට දරුවන් උත්පාද කරන්නැ”යි කී ය.
9
එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය.
10
ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක.
11
එවිට ජුදා තම ලේලිය වන තාමාර්ට කතා කොට, “මාගේ පුත්‍ර ෂේලා වැඩිවියට පැමිණෙන තෙක් ඔබේ පියා වෙත වැන්දඹුවක මෙන් ආපසු යන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, ‘ඔහුගේ සහෝදරයන්ට වූ ලෙස ම ඇතැම් විට ඔහුත් මැරෙන්නට පුළුවනැ’යි සිතූ නිසා ය. එවිට තාමාර් ගොස්, තම පියාගේ ගෘහයෙහි පදිංචි වූවා ය.
12
කලක් ගිය පසු ෂුවාගේ දුව වූ ජුදාගේ භාර්යාව මළා ය. ඔහු ද අවමංගල්‍ය කාලය නිම වූ පසු, අදුල්ලම් නගරවැසි තම මිත්‍ර හීරා සමඟ, තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත, තිම්නා නම් ස්ථානයට ගියේය.
13
“ඔබේ මාමණ්ඩි ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේ ය” කියා තාමාර්ට දන්වන ලදින්,
14
ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.
15
ජුදා ඈ දුටු විට ඈ තම මුහුණ වසාගෙන සිටි බැවින් ‘ඈ වේශ්‍යාවකැ’යි ඔහු සිතී ය.
16
ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, “කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, “මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය.
17
“පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය.
18
එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය.
19
පසුව ඈ නැඟිට, පිටත් ව ගොස්, සළුව ඉවත ලා, කනවැන්දුම් ස්ත්‍රියකගේ ඇඳුම් ලාගත්තා ය.
20
ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය.
21
එවිට ඔහු එහි සිටිය මිනිසුන්ට කතා කොට, “ඒනයිම් නම් ස්ථානයේ මඟ අසල සිටි වේශ්‍යාව කොහි දැ”යි ඇසූ විට, “එහි වේශ්‍යාවක් සිටියේ නැතැ”යි ඔව්හු උත්තර දුන් හ.
22
පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, “මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය.
23
එවිට ජුදා කතා කොට, “ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය.
24
මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
25
ඈ ද පිටතට ගෙනෙනු ලැබූ විට, තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, “මේවා යම් කෙනෙකුගේ ද, ඒ මිනිසාට දාව මම පිළිසිඳ ගත්තෙමි. එබැවින් කරුණාකර මේ බඩු වන, මුද්‍රාවත්, මාලයත්, සැරයටියත් කාගේ ද කියා විමසා බලන්නැ”යි කීවා ය.
26
ජුදා ද ඒවා හඳුනාගෙන, “මා පුත් ෂේලා ඈට නුදුන් බැවින් මට වඩා හරි දේ කර ඇත්තේ ඈ ය”යි කී ය. එහෙත්, ඉන්පසු ඈ සමඟ ඔහු සයනය කෙළේ නැත.
27
ඈ ප්‍රසව වේදනාවෙන් පසු වන විට, පුදුමයකි, ඇගේ කුසේ නිඹුල්ලු සිටියහ.
28
ඈ දරුවන් ලබන කල, එක දරුවෙක් අත පිටතට දැමී ය. වින්නඹු මව ද එය ගෙන, “මොහු පළමුවෙන් පිට වී ය”යි කියා, ඔහුගේ අතේ තද රතු නූලක් බැන්දා ය.
29
එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, “ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය.
30
ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී.
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 39 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50