bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 24
Genesis 24
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 25 →
1
ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි.
2
ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;
3
මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,
4
මාගේ රටට, මාගේ ඥාතීන් අතරට නුඹ ගොස්, මා පුත් ඊසාක්ට භාර්යාවක ගන්නා ලෙසත්, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ද, පොළොවේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි”යි කීවේ ය.
5
මෙහෙකරුවා එවිට ඔහුට කියනුයේ, “සමහරවිට ඒ කාන්තාව මා සමඟ මේ රටට ඒමට අකමැති වන්නට පුළුවන, එසේ වුවහොත් ඔබ නික්ම ආ රටට ම, මා ඔබේ පුත්‍රයා ගෙන යා යුතු දැ”යි ඇසී ය.
6
ආබ්‍රහම් උත්තර දෙමින්, “මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න.
7
මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක.
8
නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය.
9
එවිට මෙහෙකරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේ ය.
10
ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.
11
ඔහු සවස් භාගයෙහි, කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි, නුවරින් පිටත ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්වී ය.
12
පසුව ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට කරුණාකර, මෙදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා.
13
මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. මේ නගරයේ කාන්තාවන් දැන් එනු ඇත.
14
මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.
15
ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය.
16
ඒ තරුණිය රූමත් ය. ඈ කන්‍යාංගනාවකි; කිසි ම පුරුෂයෙකු සමඟ සම්බන්ධයක් නොවී ය. ඈ ළිඳට බැස කළය පුරවාගෙන, උඩට පැමිණියා ය.
17
ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, “කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය.
18
“භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.
19
මෙසේ ඈ ඔහුට බොන්න දුන් පසු, “ඔබේ ඔටුවන්ටත් උවමනා තරම් වතුර ඇද දෙමි”යි කියා,
20
හනික වතුර කළය ගව ඔරුවේ වත් කොට, ඔටුවන් සියල්ලන්ට ම වතුර ඇදීම පිණිස නැවත ළිඳට දිව ගියා ය.
21
මෙහෙකරුවා ද නිහඬ ව, ඈ දෙස බලාගත්ගමන්, ‘සමිඳාණන් වහන්සේ තමාගේ ගමන සාර්ථක කළ සේක් ද නැද්දැ’යි සිත සිතා සිටියේ ය.
22
ඔටුවන් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් මුද්දක් ද, ඇගේ අත්වලට වටිනා රන් වළලු දෙකක් ද දමා,
23
“ඔබ කාගේ දියණියන් දැ යි කරුණාකර මට කියන්න; අපට නවාතැන් ගැනීමට ඔබ පියාගේ ගෘහයෙහි ඉඩකඩ ඇත් දැ”යි ඇසී ය.
24
ඈ ද, “මම, නාහෝර් හා මිල්කාගේ පුත් බෙතුයෙල්ගේ දුව වෙමි.
25
අප ළඟ සෑහෙන තරම් පිදුරුත්, සිව්පාවුන්ට දෙන කෑමත්, නැවතීමට ඉඩකඩත් ඇතැ”යි තවදුරටත් කීවා ය.
26
ඔහු ද හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කොට,
27
“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.
28
තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය.
29
රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය.
30
මොහු තම සොහොයුරිය වන රෙබෙකා පැළඳ සිටි නාසාභරණය ද, ඇගේ අත්වලට දැමූ වළලු ද දැක, “ඒ මිනිසා මට මෙසේ කතා කෙළේ ය”යි ඈ පැවසූ වචන ඇසූ විගස ම ආබ්‍රහම්ගේ මෙහෙකරුවා වෙත පැමිණියේ ය. මෙහෙකරුවා ද ළිඳ ළඟ ඔටුවන් සමඟ සිටියේ ය.
31
එවිට ලාබන් ඔහු අමතමින්, “සමිඳාණන් වහන්සේගෙන් ආසිරි ලත් භවතාණෙනි, පිටත සිටින්නේ මන් ද? ඇතුළට එන්න. මම නිවාසය ද ඔටුවන්ට ස්ථානයක් ද පිළියෙළ කෙළෙමි”යි කී ය.
32
මෙහෙකරුවා නිවසට ඇතුළු විය. එවිට ලාබන් ඔටුවන්ගේ සෑදල ලිහා උන්ට පිදුරු ද කෑම ද දුන්නේ ය. තවද, ඔහු ආබ්‍රහම්ගේ මෙහෙකරුවාට හා පිරිසට පාද සේදීමට වතුර ද දුනි.
33
පසුව ඔහු ඉදිරියෙහි කෑමට ආහාර තබන ලදී. එහෙත්, මෙහෙකරුවා කතා කොට, “ආහාර වළඳන්නට පළමුවෙන් මා ආ කාරිය කියන්න ඕනෑ ය”යි දැන්වී ය. ලාබන් ද, “එය කියන්නැ”යි පිළිතුරු දුනි.
34
එවිට ඔහු මෙසේ කී ය: “මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙක්මි.
35
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවෙතකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.
36
තවද, මාගේ ස්වාමියාගේ බිරිඳ වන සාරා ඇගේ මහලු වයසේ මාගේ ස්වාමියාගෙන් පුතෙකු ලැබුවා ය. ආබ්‍රහම් තමන් සතු සියල්ල ඔහුට පවරා ඇත.
37
තවද, ඔහුගේ පුතු හට තමා වසන කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක නො ගන්න ලෙසත්,
38
ඔහුගේ පියාගේ ගෙවැසියන් හා ඥාතීන් වෙත ගොස් තම පුතු හට බිරිඳක නොගතහොත් මට සාපයක් වන ලෙසත් ස්වාමියා ඉදිරියේ මාගෙන් දිවුරුම් ගත්තේ ය.
39
එවිට මම ඔහු අමතමින්, ‘ඒ කාන්තාව මා කැටුව ඒමට අකමැති විය හැකි’යි ආබ්‍රහම්ට කීවෙමි.
40
එවිට ඔහු මට කතා කොට, ‘මා සේවය කරන සමිඳාණන් වහන්සේ නුඹ කැටුව සිය දූතයා එවමින් නුඹේ ගමන සාර්ථක කරන සේක. නුඹ මාගේ පුතු හට මාගේ ඥාතීන් අතුරින් හා මාගේ පියාගේ ගෘහයෙන් බිරිඳක ගත යුතු ය.
41
නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය, ඔව්හු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය’යි කීවේ ය.
42
“මම ද අද ළිඳ ළඟට පැමිණ, මාගේ ස්වාමීන් වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ මා යන ගමන සාර්ථක කරන සේක් නම්,
43
මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. දැන් කන්‍යාවක වතුර ඇදීමට පැමිණි විට මම ඈ අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියන්නෙමි.
44
‘ඔබත් බොන්න. ඔබේ ඔටුවන්ට ද මම වතුර අදින්නෙමි’ කියා යම් කන්‍යාවක් මට කියන්නී ද, අන්න, ඒ තැනැත්තී සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාගේ පුත්‍රයා හට නියම කළ බිරිඳ වේවා යි මම සිතුවෙමි.
45
“මෙලෙස මා සිතූ විගස ම පුදුමයකි, රෙබෙකා කළය උරහිස මත තබාගෙන පැමිණියා ය; ඈ ළිඳට බැස ගොස් වතුර අදින විට, ‘කරුණාකර, මට වතුර ටිකක් බොන්න ඉඩ හරින්නැ’යි කීවෙමි.
46
ඈ ද කඩිනම් කොට කළය ඇලකර, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කීවා ය. මෙසේ මා බීවායින් පසු ඈ මගේ ඔටුවන්ට ද වතුර දුන්නා ය.
47
පසුව මම, ‘ඔබ කාගේ දියණියන් දැ’යි ඇසීමි. ඈ ද, ‘මම නාහෝර්ගෙන් මිල්කා ලැබූ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව වෙමි’යි කී විට, මම ඇගේ නාසයට මුදුව ද අත්වලට වළලු ද දැමීමි.
48
ඉන්පසු මම හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළෙමි. ඇරත්, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ සොහොයුරුගේ දියණිය ලැබෙන පිණිස මා යන මඟ ගෙන ගිය, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළෙමි.
49
දැන් ඔබ මාගේ ස්වාමියාට කරුණාව හා හිතවත්කම දක්වන්න කැමැති නම් මට එසේ කියන්න; අකමැති නම් එය ද කියන්න; එවිට කුමක් කළ යුතුදැ යි මම තීරණය කරමි.”
50
එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.
51
මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.
52
ඔවුන්ගේ මේ වචන ඇසූ විට ආබ්‍රහම්ගේ මෙහෙකරුවා පසඟ පිහිටුවා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.
53
තවද, ඔහු රන් රිදී ආභරණ ද වස්ත්‍ර ද ගෙන රෙබෙකාට ප්රදානය කෙළේ ය. ඇගේ සහෝදරයාට හා මවට ද වටිනා තෑගි බෝග දුන්නේ ය.
54
ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා පිරිස කා බී මුළු රාත්‍රිය එහි ගත කළහ. උදෑසන ඔවුන් නැඟිටි පසු ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වෙත යෑමට මට අවසර දෙන්නැ”යි කී ය.
55
එවිට රෙබෙකාගේ සොහොයුරා සහ මව කතා කරමින්, “තරුණිය අප සමඟ තව ටික දිනක්, අඩු ගානේ දහ දිනක් වත් සිටියා වේ. පසු ව ඈට යත හැකිය”යි පිළිතුරු දුන්හ.
56
එහෙත්, මෙහෙකරුවා ඔවුන් අමතා, “මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කෙළේ සමිඳාණන් වහන්සේ ය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නැ”යි කී ය.
57
එවිට ඔව්හු, “අපි තරුණිය කැඳවා ඇගෙන් විමසමු”යි පිළිතුරු දුන්හ.
58
ඔවුන් ද රෙබෙකා කැඳවා, “ඔබ මේ මිනිසා කැටුව යන්න කැමැති දැ”යි ඇසූ විට, “කැමැති ය”යි ඈ උත්තර දුන්නා ය.
59
ඉන්පසු ඔව්හු තම සොහොයුරිය වන රෙබෙකා ද ඇගේ කිරි මව ද ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා ඔහුගේ පිරිස ද පිටත් කර යැවූ හ.
60
මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.
61
ඉන්පසු රෙබෙකා සහ ඇගේ සේවිකාවෝ නැඟිට, ඔටුවන් පිට නැඟී ආබ්‍රහම්ගේ මෙහෙකරු කැටුව ගියහ.
62
එකල නේගෙබ් ප්‍රදේශයෙහි පදිංචි ව සිටි ඊසාක්, ලහයි-රොයි නම් ස්ථානයේ ළිඳ අසල පාළුකරයට පැමිණ සිටියේ ය.
63
ඉර බැස යද්දී ඔහු කෙතෙහි ඇවිදිමින්, හිස ඔසවා බලන විට ඔටුවන් එනු දුටුවේ ය.
64
රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස
65
මෙහෙකරුවා අමතා, “අප හමුවීමට කෙතෙහි සිට ඇවිදගෙන එන මේ මිනිසා කවරෙක් දැ”යි විචාළා ය. ඔහු ද පිළිතුරු දෙමින්, “ඒ මාගේ ස්වාමියා ය”යි කී ය. එවිට ඈ සළුව ගෙන මුහුණ වසාගත්තා ය.
66
මෙහෙකරුවා තමා කළ සියල්ල ඊසාක්ට පැවසී ය.
67
ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50