bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 27
Genesis 27
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 28 →
1
ඊසාක් මහලු වයසට පැමිණ, ඔහුගේ ඇස් ද නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි. ඔහු තම දෙටු පුත් ඒසව් කැඳවා, “පුතා” කියා ඇමතී ය. ඔහු ද, “ඇයි තාත්තේ” කියා උත්තර දුනි.
2
එවිට ඔහු කතා කොට, “බලන්න, දැන් මම මහලු ය. කවදා මා මැරේ දැ යි නො දනිමි.
3
එබැවින් කරුණාකර නුඹ දැන් නුඹේ දඩයම් උපකරණ වන හී කොපුව සහ දුන්න රැගෙන වනයට ගොස්, මට මුව මස් රැගෙන,
4
මා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් පිළියෙළ කර එය ගෙනැවිත්, මට කන්න දෙන්න. එවිට මම මැරෙන්නට පෙර නුඹට ආශීර්වාද කරන්නෙමි”යි කී ය.
5
ඊසාක් සිය පුත් ඒසව්ට මෙය කියනු රෙබෙකා අසාගෙන සිටියා ය. ඒසව් ද දඩයම් කර මුව මස් ගෙනෙනු පිණිස වනයට පිටත් විය.
6
එවිට රෙබෙකා, තම පුත් ජාකොබ් අමතා, “මෙය අහගන්න, නුඹේ පියා නුඹ සොහොයුරු ඒසව්ට කතා කොට,
7
‘මට මුව මස් ගෙනැවිත් ප්‍රණීත ආහාරයක් පිස දෙන්න; මම ද එය අනුභව කොට මා මැරෙන්නට පෙර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම නුඹට ආශීර්වාද කරන්නෙමි’යි කියනු මම අසාගෙන සිටියෙමි.
8
එබැවින් මාගේ පුත්‍රය, දැන් මා කියන දේ කරන්න.
9
එළු රැළට ගොස්, හොඳ එළු පැටවුන් දෙන්නෙකු මට ගෙනැවිත් දෙන්න; එවිට මම නුඹේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිළියෙළ කරමි.
10
නුඹ ද එය නුඹේ පියා වෙත රැගෙන යන්න. එවිට ඔහු එය අනුභව කොට මැරෙන්නට පෙර, නුඹට ආශීර්වාද කරනු ඇතැ”යි කීවා ය.
11
එහෙත්, ජාකොබ් තම මව වන රෙබෙකාට කතා කොට, “මාගේ සහෝදර ඒසව් ඇඟ පුරා මයිල් ඇති මිනිසෙකි. එහෙත්, මම සිනිඳු හමක් ඇති කෙනෙක්මි.
12
අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය.
13
එවිට මව ඔහු අමතා, “පුතා, ඒ සාපය මා පිට වැටේ වා! මට කීකරු ව, මා කී දේ සොයාගෙන එන්නැ”යි කීවා ය.
14
ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය.
15
පසුව ඈ, ගෙදර තිබුණු දෙටු පුත් ඒසව්ගේ අගනා වස්ත්‍ර රැගෙන, තම බාල පුත් ජාකොබ්ට හඳවා,
16
ඔහුගේ අත් දෙක හා බෙල්ලේ සිනිඳු හරිය එළු හම්වලින් වසා,
17
ඈ පිසූ ප්‍රණීත ආහාරය ද රොටි ද ඔහු අත තැබුවා ය.
18
ඔහු ද පියා වෙත පැමිණ, “තාත්තේ” කියා ඇමතී ය. පියා ද, “ඇයි පුතා, උඹ කවරෙක් දැ”යි ඇසී ය.
19
එවිට සිය පියාට ජාකොබ් උත්තර දෙමින්, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් ය. ඔබ කී පරිදි මම ඉටු කෙළෙමි. කරුණාකර, නැඟිට, වාඩි වී, මාගේ මුව මස් අනුභව කරන්න. එවිට මට ආශීර්වාද කරන්න ඔබට පුළුවනැ”යි කී ය.
20
ඊසාක් තම පුතුට කතා කරමින්, “පුතා, උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේ දැ”යි ඇසී ය. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලැසූ සේකැ”යි ඔහු උත්තර දුනි.
21
එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය.
22
ජාකොබ් ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින්, “කටහඬ නම් ජාකොබ්ගේ වගෙයි; අත් දෙක නම් ඒසව්ගේ හැඩය”යි කී ය.
23
සිය සොහොයුරුගේ අත් දෙක මෙන් ඔහුගේ අත් ලොම්වලින් වැසී තිබුණ බැවින්, ඔහු තම පුතා හැඳින නොගත්තේ ය. එබැවින් ඔහු ආශීර්වාද කරන්නට අරඹමින්,
24
“නුඹ මාගේ පුත් ඒසව් ම දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු ද උත්තර දුනි.
25
“එසේ නම් නුඹ පිළියෙළ කළ මුව මස් අනුභව කොට මා නුඹට ආශීර්වාද කරනු පිණිස එය මා ළඟට ගෙනෙන්නැ”යි ඊසාක් කී ය. ඔහු එය පියා ළඟට ගෙනා විට පියා එය අනුභව කෙළේ ය. තවද ජාකොබ් මිදියුස ද ගෙනා විට, පියා එය ද පානය කෙළේ ය.
26
ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක්, ඔහු අමතමින්, “පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නැ”යි ඉල්ලී ය.
27
ඔහු ද ළඟට කිට්ටු වී පියා සිඹගත්තේ ය. එවිට පියාට තම පුත්‍රයාගේ වස්ත්‍රවල සුවඳ දැනී, ඔහුට මෙසේ ආශීර්වාද කෙළේ ය: “බලන්න, මා පුතු සුවඳ, සමිඳුන් ආසිරි දුන් කෙතක සුවඳ මෙනි.
28
අහසින් පිනි ද පොළොවේ සරු බව ද බොහෝ ධාන්‍ය හා මිදියුස ද දෙවිඳාණෝ නුඹ හට දෙන සේක් වා!
29
ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”
30
ඊසාක් ජාකොබ්ට ආශීර්වාද දී නිමවා, ඔහු තම පියා වෙතින් යද්දී ම ඔහු සොහොයුරු වන ඒසව් දඩයමෙන් හැරී ඇවිත් ගෙට ඇතුළු විය.
31
ඔහු රස මුසු ආහාරයක් පිළියෙළ කොට, පියා වෙත ගෙනැවිත්, ඔහුට කතා කරමින්, “තාත්තේ, නැඟිට, මට ආශීර්වාද කරනු පිණිස ඔබ පුතු ගෙනා මුව මස් අනුභව කරන්නැ”යි ඉල්ලී ය.
32
එවිට තම පියා වූ ඊසාක් ඔහුට කතා කරමින්, “නුඹ කවරෙක් දැ”යි ඇසූ විට, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් යැ”යි ඔහු උත්තර දුනි.
33
ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, “එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය.
34
පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.
35
පියා ද උත්තර දෙමින්, “කූට උපායකින් නුඹේ සහෝදරයා පැමිණ නුඹේ ආශීර්වාදය උදුරාගත්තේ ය”යි කී ය.
36
එවිට ඒසව්, “ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය.
37
ඊසාක් ද පිළිතුරු දෙමින් ඔහුට කියනුයේ, “බලන්න, මම ජාකොබ් නුඹේ අධිපතියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් සේවකයන් කොට මම ඔහුට දුනිමි. ධාන්‍යයෙන් හා මිදියුසින් මම ඔහු සමෘද්ධ කෙළෙමි. මා පුත්‍රය, දැන් මා නුඹට කුමක් කරන්න දැ”යි ඇසී ය.
38
ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය.
39
එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ.
40
කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”
41
තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.
42
දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි.
43
එබැවින් දැන් ඉතින් පුතේ, නැඟිට හාරාන්හි මාගේ සහෝදර ලාබන් වෙත පලායන්න,
44
පලාගොස්, නුඹ සොහොයුරුගේ දරුණු කෝපය පහ වී,
45
ඔහුගේ කෝපාග්නිය නිවී, නුඹ ඔහුට කළ දේ අමතක වන තුරු මාගේ සහෝදරයා සමඟ ටික කලක් නවතින්න. පසුව මම නුඹට පණිවුඩයක් එවා, එහෙන් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ ම මා නුඹලා දෙදෙනා ම නැති කරගන්නේ කුමට දැ”යි කීවා ය.
46
රෙබෙකා ඊසාක්ට කතා කොට, “හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50