bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 19
Genesis 19
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 20 →
1
දූතයන් දෙදෙනා සවස් කාලයේ සොදොම් නුවරට පැමිණි විට නුවර වාසල් දොරකඩ ලොත් වාඩි වී සිටියේ ය. ලොත් ඔවුන් දුටු විට, නැඟිට ඔවුන් හමු වීමට ගොස්, හිස නමා වැඳ,
2
“මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.
3
එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ.
4
එහෙත්, අමුත්තන් නින්දට යන්නට පෙර ඒ සොදොම් නුවර සතර දිශාවෙන් පැමිණි, බාල මහලු සියල්ලෝ ගෙය වට කර,
5
ලොත්ට හඬගසමින්, “අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහේ ද? අප ඔවුන් සමඟ කම් සැප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නැ”යි කී හ.
6
ලොත් ද දොර වසාගෙන ඔවුන් වෙත පිටතට ආයේ ය.
7
ඔහු ඔවුන් අමතා, “මිතුරෙනි, මම වැඳ ඔබට කියමි: මෙවැනි නපුරුකමක් නොකරන්න.
8
මෙන්න, කන්යා දූවරු දෙදෙනෙක් මට සිටිති. මම ඔවුන් ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබ කැමැති පරිදි ඔවුන් සමඟ හැසිරෙන්න. එහෙත්, මේ මිනිසුන්ට නම් කිසි නපුරක් නොකරන්න. ඒ මන්ද, මොවුහු මාගේ නිවසට පැමිණි අමුත්තෝ ය”යි කී ය.
9
එහෙත් ඔව්හු උත්තර දෙමින්, “මෙතැනින් ඉවතට යව. විජාතිකයෙකු මෙන් ඇවිත් නතර වූ මිනිසා දැන් ලොකු මිනිහෙකු වෙන්න යන හැටි! අර අයටත් වඩා සැර ගිනිගෙඩියක් අපි නුඹට දෙමු”යි කී හ. මෙසේ කියා ඔව්හු ලොත් තදින් තල්ලු කරගෙන අවුත් දොර කැඩීමට කිට්ටු වූවෝ ය.
10
එහෙත්, ඇතුළේ සිටි අමුත්තෝ දෑත දිගු කර, ලොත් ගෙය ඇතුළට ඇද, දොර වසාදැමූ හ.
11
පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.
12
එවිට අමුත්තෝ දෙදෙන ලොත්ට කතා කොට, “ඔබට මෙහි වෙන කවුරුත් ඇද් ද? ඔබේ බෑණාවරුන් ද දරුදැරියන් ද මේ නුවර ඔබට සිටින සියල්ලන් ද රැගෙන මෙතැනින් පිටත් ව යන්න.
13
අපි මේ නුවර විනාශ කරන්නට යන්නෙමු. මෙහි වසන්නන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වෙත නැඟී ඇති චෝදනා ඉතා දරුණු බැවින්, මෙය විනාශ කිරීමට උන් වහන්සේ අප එවූ සේකැ”යි කී හ.
14
ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ.
15
පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, “ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ.
16
එවිට ලොත් අදිමදි කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූ සේක. අමුත්තෝ, ඔහු ද, ඔහුගේ බිරිඳ ද, දූවරුන් ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ.
17
නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.
18
එහෙත්, ලොත් ඔවුන්ට උත්තර දෙමින්, “ස්වාමීනි, එසේ නො වේ වා!
19
ඔබේ දාසයා වන මට අනුකම්පා කරමින්, මාගේ පණ බේරාගැනීමට මට මඟපෙන්වීමෙන් ඔබ මට කරුණාව දක්වා ඇත. එහෙත්, කඳුකරයට පලායාම නම් මට නොහැකි ය. මඟ දී කිසි යම් විපතකට අසු වී මා මැරෙන්න පුළුවන.
20
බලන්න, අර නගරය, එය කුඩා වූවත් පලායාමට මට එය කිට්ටු ය. ගැළවී එහි යන්නට මට අවසරයි! ඒ කුඩා නගරයක් නොවේ ද? එහෙත්, මට එහි සුරක්ෂිත ව ඉන්නට පුළුවනැ”යි කී ය.
21
දූතයා ද ඔහුට පිළිතුරු දෙමින්, “මෙන්න, ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි, ඔබේ කීම නිසා මම ඒ නගරය විනාශ නොකරමි.
22
කඩිනම් කරන්න. ගැළවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකි ය”යි කී ය. මෙලෙස ‘සුළු’ යන අර්ථයෙන් ඒ නගරයට ශොවර් යන නම කියන ලදී.
23
ලොත් ශොවර් නුවරට ඇතුළු වූ කල හිරු උදා වී තිබිණි.
24
එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.
25
උන් වහන්සේ ඒ නගර ද මුළු මිටියාවත ද නගර වාසීන් සෑම දෙන ද පොළොවේ ගස්කොළන් ද විනාශ කරදැමූ සේක.
26
ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවා ය. එවේලේ ම ඈ ලුණු කණුවක් වූවා ය.
27
ආබ්රහම් උදෑසනින් නැඟිට, කලින් සමිඳාණන් වහන්සේ හමු වූ ස්ථානයට ගියේය.
28
ඔහු සොදොම් සහ ගොමොරා දෙස ද මුළු මිටියාවත දෙස ද බැලූ විට, පුදුමයෙන් පුදුමයකි! පොළොවෙන් බුර බුරා නඟින දුම් කඳ, උදුනකින් දමන දුමක් මෙන් දිටී ය.
29
එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.
30
තවද, ලොත් ශොවර්හි පදිංචි වීමට බිය වූයෙන් ඉන් පිටත් වී සිය දූවරුන් දෙදෙන සමඟ කඳුකරයට ගොස් එක් ගුහාවක ජීවත් විය.
31
මෙසේ සිටිය දී, දූවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය, බාල සොහොයුරියට කතා කොට; “අපේ පියා දැන් මහලු ය. ලෝක සම්මත පිළිවෙළට අප සමඟ විවාහ වීමට මිහි පිට මිනිසෙක් නැත.
32
එන්න, අපි පියාට මිදියුස පොවා, පියාගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙමු”යි කීවා ය.
33
එදින රෑ තම පියාට මිදියුස පොවා අක්කා පියා සමඟ සයනය කළා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් තමා සමඟ එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
34
පසු දින අක්කා නංගීට කතා කොට, “බලන්න, ඊයේ රෑ මම පියා සමඟ සේවනයෙහි යෙදුණෙමි; අද රෑටත් අපි ඔහුට මිදියුස පොවමු; පොවා, ඔබ ඇතුළු වී අප පියාගේ පෙළපත රකිනු පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙන්නැ”යි කීවා ය.
35
එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
36
මෙසේ ඔහුගේ දූවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිළිසිඳගත්තාහ.
37
වැඩිමහල් සොහොයුරීට පුත්රයෙක් උපන්නේ ය. ඈ ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය.
38
බාල සොහොයුරියට ද පුත්රයෙක් උපන්නේ ය. ඈ ඔහුට බෙන්-අම්මි යන නම තැබුවා ය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදි පියා මොහු ය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50