bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 31
Genesis 31
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 32 →
1
“ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි.
2
ඇරත් තමා කෙරෙහි ඔහු කලින් මෙන් ප්රිය මනාප නො වූ බව ලාබන්ගේ මුහුණින් ම ජාකොබ්ට පෙනී ගියේය.
3
තවද, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ඔබේ පියවරුන්ගේ දේශයට, ඔබේ නෑයන් වෙතට ආපසු යන්න. මම ද ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.
4
එවිට ජාකොබ්, රාකෙල් සහ ලෙයා වෙත පණිවුඩයක් යවා, තමාගේ සතුන් සිටි පිට්ටනියට ඔවුන් කැඳවා,
5
“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක.
6
තවද, මාගේ මුළු ශක්තිය යොදා මා ඔබේ පියාට සේවය කළ බව ඔබ දන්නහු ය.
7
එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
8
‘ඔබේ කුලිය පුල්ලි වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම පුල්ලි වැටුණු පැටවුන් ගැසූ හ. ‘ඔබේ කුලිය වයිරම් වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම වයිරම් වැටුණු පැටවුන් ගැසූ හ.
9
මෙලෙස දෙවියන් වහන්සේ ඔබේ පියාගේ සතුන් රැගෙන මට දුන් සේක.
10
“තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ.
11
එවිට දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් මට කතා කරමින්, ‘ජාකොබ්’ කියා මා ඇමතුවෙන්, මම ද, ‘මම මෙහි ය’ කියා පිළිතුරු දුනිමි.
12
එවිට ඔහු, ‘දෙනුන් සමඟ පට්ටි ගසන සියලු බැටළුවන් ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් සහිත සතුන් බව නෙත් යොමා බලන්න. එසේ වන්නේ, ලාබන් ඔබට කරන සියල්ල මා දුටු හෙයිනි.
13
ඔබ සිහිවටන ස්ථම්භයක් ආලේප කර, මට භාරයක් පොරොන්දු වූ ස්ථානය වන බෙතෙල්හි දී ප්රකාශ වූ දෙවියන් වහන්සේ මම ය. දැන් නැඟිට, මේ දේශයෙන් පිටත් වී, නුඹ උපන් දේශයට ආපසු යන්න’ කියා කීවේ යැ”යි ඔවුන්ට සැළ කෙළේ ය.
14
එවිට රාකෙල් සහ ලෙයා පිළිතුරු දෙමින්, “අපේ පියාගේ ගෘහයෙහි අප වෙනුවෙන්, තව යම් කිසි කොටසක් හෝ උරුමයක් හෝ තිබේ ද?
15
ඔහු අප අමුත්තන් මෙන් සලකනවා නොවේ ද? මන්ද, ඔහු අප විකුණා ඇත. අපේ සම්පත ද යසට කාදමා ඇත.
16
තවද, දෙවියන් වහන්සේ අපේ පියාගෙන් රැගත් සියලු සම්පත අපේ ය; අප දරුවන්ගේ ය. දැන් ඉතින් දෙවියන් වහන්සේ යමක් ඔබට වදාළ සේක් නම් එය ඉටු කරන්නැ”යි කීවෝ ය.
17
එවිට ජාකොබ් ද සූදානම් ව, තම පුතුන් හා භාර්යාවන් ඔටුවන් පිට නංවා,
18
මෙසොපොතේමියාවෙහි දී තමා හිමිකරගත් එළු බැටළු රැළවල් ද, උපයාගත් සියලු සම්පත් ද, තමාගේ සතුන් ද දක්කාගෙන කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස නික්මිණි.
19
ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.
20
ජාකොබ් තමා පලායන බව අරමීය ජාතික ලාබන්ට නොදැන්වූයෙන්, ඔහු රැවටී ය.
21
මෙසේ ජාකොබ් තමා සතු සියල්ල සමඟ පලාගොස් යුප්රටීස් නම් ගංගාවෙන් එතෙර වී, ගිලියද් කන්ද බලා ගියේය.
22
තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී.
23
ඔහු තමා කැටුව සිය පිරිස රැගෙන, සත් දිනක් ජාකොබ් ලුහුබැඳ ගොස් ගිලියද් කන්දේ දී ඔහුට ළඟා විය.
24
තවද, රාත්රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්රවේසම් වන්නැ”යි වදාළ සේක.
25
ලාබන් ද කන්ද උඩ සිය කඳවුරු බැඳ සිටි ජාකොබ් වෙතට පැමිණියේ ය. ලාබන් සිය පිරිස සමඟ කඳවුරු බැඳ සිටියේ ගිලියද් කන්දෙහි ය.
26
එවිට ඔහු ජාකොබ්ට කතා කොට, “මා රවටා මාගේ දූවරුන් කඩුවෙන් හිරබාරයට ගත්තවුන් මෙන් රැගෙන යාමෙන් ඔබ මට කෙළේ කුමක් ද?
27
ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද?
28
ඇරත් මාගේ මුණුබුරන් හා දූවරුන් සිඹගැනීමට ඔබ මට ඉඩ නොහැරියෙහි ය. මෙසේ කිරීමෙන් ඔබ පිස්සෙකු මෙන් හැසිරී ඇත.
29
ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්රවේසම් වන්නැ’යි වදාළ සේක.
30
ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.
31
එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “ඔබ බලහත්කාරයෙන්, ඔබේ දූවරුන් මාගෙන් පැහැරගන්නට තැත් කරති යි කියා මම බිය වුණෙමි.
32
එහෙත්, ඔබ සතු කුල දේවතා රූප යමෙකු ළඟ තිබී ඔබට සම්බ වේ ද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ. අප පිරිස ඉදිරිපිට අප ළඟ ඇති දේ සොයා බලා, ඔබට සතු දේ ගන්නැ”යි කී ය. එහෙත්, රාකෙල් ඒ කුල දේවතා රූප සොරාගත් බව ජාකොබ් දැන සිටියේ නැත.
33
එවිට ලාබන් ජාකොබ්ගේ කූඩාරමට ඇතුළු විය. පසුව ලෙයාගේ කූඩාරමට සහ සේවිකාවන් දෙදෙනාගේ කූඩාරම්වලට ද ඇතුළු විය. එහෙත් කුල දේවතා රූප ඔහුට සම්බ නොවී ය. ඉන්පසු ඔහු ලෙයාගේ කූඩාරමින් පිට වී, රාකෙල්ගේ කූඩාරමට ඇතුළු විය.
34
ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය.
35
ඈ තම පියාට කතා කරමින්, “තාත්තා ඉදිරියේ මට නැඟිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට දැන් ඇතැ”යි කීවා ය. ලාබන් ද ඒ රූප සෙවූ නමුත් ඒවා ඔහුට සම්බ නොවී ය.
36
එවිට ජාකොබ් තදින් රොස් වී, ලාබන්ට බැණ වැදුණේ ය. “ඔබ මා පසුපස්සේ මෙතරම් වේගයෙන් ලුහුබැඳ ඒමට මා කළ වැරැද්ද කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?
37
මා සතු සියල්ල ඔබ සොයා බැලූ නමුත්, ඔබ සතු කිසිවක් සොයාගත්තෙහි ද? යමක් සොයාගත්තෙහි නම්, එය මාගේ පිරිස හා ඔබේ පිරිස ඉදිරියෙහි තබන්න. එවිට අප දෙදෙන අතර විනිශ්චය ඔවුන්ට තීරණය කළ හැක.
38
මේ අවුරුදු විස්ස මම ඔබ සමඟ සිටියෙමි. ඔබේ බැටළු දෙනුන් හා එළු දෙනුන්ගෙන් කිසිවෙකු ගබ්සා වූයේ නැත. ඇරත් ඔබේ රැළවල, එක බැටළුවෙක් වත් මම නොකෑවෙමි.
39
තවද, වල් සතුන් මරාදැමූ ඔබේ සිවුපාවුන් මම ඔබ වෙත නොගෙනාවෙමි. ඒ පාඩුව, මම විඳදරාගත්තෙමි. රෑ කාලයේ වේ වා, දවල් කාලයේ වේ වා, පැහැරගන්නා ලද සතුන්ගේ වන්දිය ඔබ මගෙන් අය කෙළෙහි ය.
40
දවල් කාලයේ දී අවු රස්නයෙන් ද රාත්රි කාලයේ දී ශීතලයෙන් ද මම වැහැරී ගියෙමි. නින්ද පවා මාගේ ඇස්වලින් බැහැර ගියේය.
41
ඔබේ ගෘහයෙහි මා විසූ අවුරුදු විස්ස මෙසේ ගතවිණි. ඔබේ දූවරුන් දෙදෙන නිසා අවුරුදු දහහතරක් ද, ඔබේ එළු බැටළු පට්ටි නිසා අවුරුදු හයක් ද මම ඔබට සේවය කෙළෙමි. එහෙත්, ඔබ මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළෙහි ය.
42
මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.
43
එවිට ලාබන් ද ජාකොබ්ට පිළිතුරු දෙමින්, “මේ දූවරු මාගේ දූවරු ය; මේ මුණුබුරෝ මාගේ මුණුබුරෝ ය; මේ සිවුපාවෝ මාගේ සිවුපාවෝ ය. ඔබට පෙනෙන සියල්ල ද මාගේ ය. ඉතින් මේ දූවරුන්ටත්, ඔවුන් බිහි කළ ඔවුන්ගේ දරුවන්ටත් අද දින මා විසින් කුමක් කළ හැකි ද?
44
එබැවින්, එන්න, ඔබත් මමත් ගිවිසුමක් පිහිටුවා ගනිමු. එය ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කීවේ ය.
45
පසුව ජාකොබ් ගලක් රැගෙන සිහිවටනයක් මෙන් එය සිටෙව්වේ ය.
46
ඔහු එය සිටුවා, තම පිරිස අමතා, “ගල් රැස්කරන්නැ”යි කීවෙන් ඔව්හු ගල් ගෙන, ගොඩක් ගසා, එය මත වාඩි වී, ආහාර අනුභව කළෝ ය.
47
ලාබන් ඊටත් ජෙගර්-සාහදූතා යයි නම් කෙළේ ය. එහෙත් ජාකොබ් ඊට ගල්යේද් කියා නම් කෙළේ ය.
48
ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී.
49
තවදුරටත් ඔහු කතා කරමින්, “අප දදෙනො එකිනෙකාගෙන් වෙන් වූ කල සමිඳාණන් වහන්සේ ඔබත් මාත් දෙස සුපරීක්ෂාවෙන් බලා සිටින සේක් වා!”යි කීවේ ය. එබැවින් ඒ ගල් ගොඩට මිස්පා යන නාමය දෙන ලදී.
50
නැවත ඔහු කතා කොට, “ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න.
51
ඔබත් මාත් අතර ගොඩ ගැසූ මේ ගල් ගොඩත්, මේ සිහිවටනයත් දෙස හොඳින් බලන්න.
52
නපුරක් කරනු සඳහා මා මේ ගල් ගොඩ පසු කර ඔබ වෙත නො එන බවටත්, ඔබ ද මේ ගල් ගොඩ සහ සිහිවටනය පසු කර මා වෙත නො එන බවටත් මේ ගල් ගොඩ සාක්ෂියක් වේ වා! මේ සිහිවටනය සාක්ෂියක් වේ වා!
53
තවද, ආබ්රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.
54
ඉන්පසු ඔහු කන්ද මත යාග පූජාවක් පිදූ පසු, ආහාර අනුභව කිරීමට සිය පිරිස කැඳෙව්වේ ය. ඔව්හු ද ආහාර අනුභව කොට කන්ද මත මුළු රාත්රිය ම ගත කළහ.
55
ලාබන් ද උදය අලුයම නැඟිට තම මුණුබුරන් හා දූවරුන් සිඹගෙන ඔවුන්ට ආසිරි පතා, පිටත් වී තමාගේ ගෘහයට ආපසු ගියේය.
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 32 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50