bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 21
Genesis 21
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 22 →
1
තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.
2
සාරා ද පිළිසිඳගෙන, දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි, ආබ්‍රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුත්‍රයෙකු ලැබුවා ය.
3
ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය.
4
ඊසාක් වන තම පුතුට දින අටක් වූ කල දෙවියන් වහන්සේ අණ කළ පරිදි ආබ්‍රහම් ඔහු චර්මඡේදනය කෙළේ ය.
5
ඊසාක් උපදින විට ආබ්‍රහම්ට වයස අවුරුදු එකසියයකි.
6
සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.
7
සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද? ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි කීවා ය.
8
දරුවා වැඩී කිරි වැරුවේ ය. කිරි වැරූ දිනයෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය.
9
ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය.
10
එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය.
11
ඉෂ්මායෙල් ඔහුගේ පුත්‍රයා වන බැවින්, මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත් විය.
12
එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.
13
හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක.
14
පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.
15
බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා
16
හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. “දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. දරුවා ද කෑගසමින් හැඬුවේ ය.
17
දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත.
18
නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය.
19
දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවා ය. ඈ ද ගොස් භාජනය පුරවා, දරුවාට බීමට දුන්නා ය.
20
දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය.
21
ඔහු පදිංචි වූ පාළුකරය පාරාන් නම් විය. ඔහුගේ මව ඔහුට මිසර දේශයෙන් බිරිඳක ගෙන දුන්නා ය.
22
ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය.
23
එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය.
24
ආබ්‍රහම් ද පිළිතුරු දෙමින්, “මම දිවුරමි”යි කී ය.
25
ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය.
26
එවිට අබිමෙලෙක් උත්තර දෙමින්, “මෙය කෙළේ කවුදැ යි මම නොදනිමි. ඔබ ද මේ ගැන මට දැන්වූයේ නැත. මා මේ ගැන ඇසුවෙත් අද ය”යි කී ය.
27
ආබ්‍රහම් බැටළුවන් සහ ගවයන් රැගෙන අබිමෙලෙක්ට දුන්නේ ය. මෙලෙස දෙදෙන ගිවිසුමක් පිහිටුවාගත්හ.
28
තවද, ආබ්‍රහම් රැළෙන් බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ ය.
29
අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට, “ඔබ මේ බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ මන්දැ”යි විචාළේ ය.
30
ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය.
31
එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.
32
මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ.
33
ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
34
ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචි ව සිටියේ ය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50