bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 41
Genesis 41
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 42 →
1
අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගාව අසල සිටිනු දිටී ය.
2
එවිට, බලන්න ලස්සන, තරබාරු එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, බට පඳුරු අතර තණ කන්නට වූ හ.
3
උන්ට පසුව, අවලස්සන, කැහැටු, තව එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, ගං ඉවුරේ පෙර කී එළදෙන්නු ළඟ සිටගත්හ.
4
තවද, අවලස්සන, කැහැටු එළදෙන්නු, ලස්සන තරබාරු එළදෙනුන් හත්දෙනා කා දැමූ හ. එවිට පාරාවෝ අවදි විය.
5
ඔහු නැවත නිදාගත්තේ ය. දෙ වන වරටත්, ඔහු සිහිනෙන්, ගොයම් ගහක හටගත් කදිම, රන්වන් ගොයම් කරල් හතක් දිටී ය.
6
ඉන්පසු එහි, පෙරදිග සුළඟින් වියළීගිය තව කේඬෑරි කරල් හතක් මතු විය.
7
තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය.
8
උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥායන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය.
9
එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, “මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි.
10
ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ පූප සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවෙසහි වූ හිරගෙයි දැමුවෙහි ය.
11
ඔහුත්, මමත් එක ම රාත්රියහි සිහින දුටුවෙමු. අප දුටු සිහින ද අප එක් එක්කෙනාට අදාළ තේරුම් ඇති සිහින විය.
12
තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලෙපන පරිදි ය.
13
ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් පූප සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය.
14
එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය,
15
පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය.
16
ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
17
එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “සිහිනෙන්, මම ගං ඉවුරේ සිටිනු දිටිමි.
18
එවිට පුදුමයකි! බලන්න ලස්සන තරබාරු, එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත් බට ගස් අතරෙහි තණ කන්නට වූ හ.
19
උන්ට පසුව වැහැරුණු, ඉතා අවලස්සන, කැහැටු එළදෙන්නු හත්දෙනෙක් ද නැඟී ආහ. මෙබඳු අවලස්සන සතුන් මුළු මිසර දේශයෙහි මීට පෙර මා කවදාවත් දැක නැත.
20
තවද, කෙට්ටු, අවලස්සන එළදෙන්නු, පළමු තරබාරු එළදෙන්නු හත්දෙන කා දැමූ හ.
21
උන් කා දැමූ පසු, උන් කෑ බවක් දැනගන්නට වත් බැරි විය. මන්ද, කලින් සිටියාක් මෙන් ම අවලස්සන තත්ත්වයක සිටි නිසා ය. එවිට මම පිබිදුණෙමි.
22
තව වරක් මම සිහිනෙන්, එක ගොයම් ගහක හටගත් කදිම, රන්වන් කරල් හතක් දිටිමි.
23
ඊට පසු මැළවුණු, නිසරු, පෙරදිග සුළඟින් වියළී ගිය තව කරල් හතක් එහි මතු විය.
24
එවිට නිසරු කරල්, රන්වන් කරල් ගිලදැමී ය. මම මෙය ඉන්ද්‍රජාලිකයන්ට කීවෙමි, එහෙත්, එය මට තෝරා දීමට සමත් කිසිවෙක් නැතැ”යි කීවේ ය.
25
එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක.
26
හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි.
27
තවද, උන්ට පසුව නැඟී ආ කැහැටු, බලන්න තරම් අවලස්සන එළදෙනුන් හත්දෙන ද පෙරදිග සුළඟින් වියළීගිය බොල් කරල් හත ද සාගතයක් පවතින අවුරුදු හතකි.
28
මෙය වූ කලී, මා පාරාවෝට කී පරිදි දෙවියන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවෝට කල්තියා පෙන්වාදීමකි.
29
මෙන්න, මුළු මිසර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු හතක් පැමිණෙන්නේ ය.
30
ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය.
31
පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය.
32
තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය.
33
“දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය.
34
පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය.
35
ඔවුන් ඒ සශ්‍රීක අවුරුදු හත තුළ ඇති වන සියලු ආහාර වර්ග එකතු කළ යුතු ය. තවද, ධාන්‍ය, පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින්, ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතු ය.
36
මිසර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු හත වළක්වාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැ”යි කීවේ ය.
37
ඔහුගේ යෝජනාව පාරාවෝට ද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ට ද සතුටුදායක විය.
38
එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.
39
මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත.
40
මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.
41
බලන්න, මුළු මිසර දේශාධිපති කොට මම ඔබ පත් කරමි”යි කියා,
42
ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය.
43
පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය.
44
තවද, ඔහු ජෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි, එහෙත් ඔබේ අවසරය නැති ව, මුළු මිසර දේශයෙහි කිසිවෙකු අත වත්, පය වත් නොසෙල්විය යුතු ය”යි කීවේ ය.
45
ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය.
46
මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි.
47
සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය.
48
ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය.
49
ඇරත්, ඔහු මුහුදේ වැලි මෙන් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කෙළේ ය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේ ය.
50
ඕන් නම් පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙකු ලැබුවා ය.
51
“දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි.
52
“දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය.
53
තවද, මිසර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු හත කෙළවර විය.
54
ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.
55
මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.
56
සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය.
57
ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 42 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50