bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 1
Judges 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 2 →
1
ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.
2
සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක.
3
ජුදාගේ ගෝත්රය සිමියොන් නම් තම සහෝදර ගෝත්රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියොන්ගේ ගෝත්රය ජුදාගේ ගෝත්රය සමඟ ගියහ.
4
ජුදා ගෝත්රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය.
5
බෙශෙක්හි දී අදොනි-බෙශෙක් ඔවුන්ට හමු විය. ඔව්හු ඔහුට විරුද්ධ ව යුද්ධ කොට කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත් පහර දුන්නෝ ය.
6
එහෙත්, අදොනි-බෙශෙක් පලා ගියේ ය. ඔව්හු ඔහු ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන ඔහුගේ අත්පාවල මාපටැඟිලි කපාදැමූ හ.
7
අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.
8
ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය.
9
ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය.
10
එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.
11
ඔව්හු එතැනින් දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියෝ ය. කලින් දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර් ය.
12
කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා බිරිඳ කොට පාවා දෙන්නෙමි”යි කීවේ ය.
13
කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට බිරිඳ කොට විවාහ කර දුන්නේ ය.
14
ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, “ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය.
15
ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.
16
කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය.
17
ජුදා සෙනඟ තමන් සහෝදර සිමියොන් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී.
18
ජුදා සෙනඟ ගාසා, අෂ්කෙලොන් සහ එක්රොන් යන නගර ද ඒවාට අයත් පළාත් ද අල්ලාගත්හ.
19
සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය.
20
මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්රොන් නගරය දුන්නෝ ය. ඔහු එතැනින් අනාක්ගේ පුත්රයන් තිදෙනා පන්නා දැමී ය.
21
බෙන්ජමින්ගේ ගෝත්රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.
22
ජෝසෙප්ගේ ගෝත්ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක.
23
ජෝසෙප්ගේ ගෝත්ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය.
24
ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, “නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය.
25
නගරයට ඇතුළු වන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේ ය. ඔව්හු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් බේරා හැරියෝ ය.
26
ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.
27
මනස්සේගේ ගෝත්රයේ සෙනඟ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නගරවල වැසියන් වත්, තයනාක් හා ඊට අයිති නගරවල වැසියන් වත්, දෝර් සහ ඊට අයිති නගරවල වැසියන් වත්, ඉබ්ලෙයාම් හා ඊට අයිති නගරවල වැසියන් වත්, මෙගිද්දෝ හා ඊට අයිති නගරවල වැසියන් වත් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඒ රටේ ම වාසය කළෝ ය.
28
ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.
29
එප්රායිම්ගේ ගෝත්රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.
30
සාබුලොන්ගේ ගෝත්රයේ සෙනඟ කිත්රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ.
31
ආෂෙර් ගෝත්රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය.
32
ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය.
33
නප්තලී ගෝත්රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය.
34
අමෝරිවරු දාන්ගේ ගෝත්රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය.
35
අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය.
36
අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21