bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 5
Judges 5
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 6 →
1
ඒ දවසේ දී දෙබොරා ද අබිනොවම්ගේ පුත් බාරාක් ද මෙසේ ගී ගැයූ හ:
2
“අධිපතීන් ඉශ්රායෙල්හි මූලික ව ගිය බැවින්, සෙනඟ සිය කැමැත්තෙන් ඉදිරියට ආ බැවින්, සමිඳුන් හට දෙව් ගී පැසසුම්.
3
රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි.
4
සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල, ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය; ගුවනින් වැසි වැස්සේ ය; මේඝයෙන් වතුර වෑස්සුණේ ය.
5
සීනයි කන්දේ සමිඳුන් ඉදිරියේ, ඉශ්‍රායෙල්ගේ දෙවි සමිඳුන් හමුයේ කඳු කම්පා වී ගියේ ය.
6
අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ.
7
දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය.
8
ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද?
9
සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්.
10
සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න.
11
ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ.
12
පිබිදෙන්න, දෙබොරා පිබිදෙන්න, පිබිදෙන්න, පිබිදෙන්න, ගීයක් ගයන්න, නැඟිටින්න; අබිනොවම් පුත් බාරාක්, නැඟිටින්න; වාලට ගත් අය ගෙනයන්න.
13
ඉශ්රායෙල් සෙනඟ එකල දොරටු කරා ගමන් ගත්හ. සමිඳුන්ගේ සෙනඟ වීරයන් ලෙස එතුමන් වෙනුවෙන් සටනට ආහ.
14
ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ.
15
ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ, ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය. ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ. එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.
16
එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.
17
ගිලියද් ගෝත්‍රය ජොර්දානෙන් එතෙර ද දාන් ගෝත්‍රය තණ බිම් අතර ද නතර වී වාසය කළහ: ආෂෙර් ගෝත්‍රය මුහුදු වෙරළේ ඔවුන්ගේ තොටුපොළවල් අතරේ සුව සේ වාසය කළෝ ය.
18
සාබුලොන් ගෝත්‍රයේ සෙනඟ මරණයට මුහුණ පෑ හ; නප්තලී ගෝත්‍රය ද රණ බිමට බට හ.
19
තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය.
20
තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝ ය; සිසෙරාට විරුද්ධ ව සිය කක්ෂයේ සිට යුද්ධ කළෝ ය.
21
කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය. සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි.
22
එවිට පොළොව මත අඩි තළ තළා, අශ්වයෝ පැන පැන ගියහ.
23
‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය.
24
කේනීය හෙබෙර්ගේ බිරිඳ වන ජායෙල් අන් කතුන්ට වඩා ආසිරි ලද්දියක් වන්නී ය.
25
සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය; අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය.
26
ඈ සිය වමතින් ඇණයක් ද දකුණතින් කම්කරු අතකොලුවක් ද රැගෙන අතකොලුවෙන් සිසෙරාට හිස සිදුරු වන්නට ගැසුවා ය. ඔහුගේ නළල සිදුරු කොට එය පොඩි කර දැම්මා ය.
27
ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය, දිගා වුණේ ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය. කිඳා වැටුණු තැන ම ඔහු නැසුණේ ය.
28
සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුsනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.
29
ඇගේ නැණවත් කුලඟනෝ ඈට පිළිතුරු දුන්නෝ ය. එය ඈ තමා හට ම මෙසේ කියාගත්තා ය:
30
‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’
31
සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21