bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 15
Judges 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 16 →
1
ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේ දී සම්සොන් එළු පැටවෙකු රැගෙන තමාගේ බිරිඳ බලන්නට ගියේ ය. “මාගේ බිරිඳ වෙත ඇතුළු ගෙට මම යමි”යි ඔහු ඇගේ පියාට කීවේ ය. එහෙත්, ඇගේ පියා ඔහුට යන්නට ඉඩ නොදී,
2
“සැබැවින් ම ඔබ ඈට මුළුමනින් ම වෛර වුණෙහි යැ යි මා සිතා, මම ඈ ඔබේ මිතුරාට දිනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා සුරූපී ය. ඈ වෙනුවට මෑ පාවාගන්නැ”යි සම්සොන්ට කීවේ ය.
3
සම්සොන් පිළිතුරු දෙමින්, “මේ වතාවේ දී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි”යි කීවේ ය.
4
එසේ කියා සම්සොන් ගොස්, හිවලුන් තුන්සියයක් අල්ලාගෙන, හුළු අතු ද ගෙන, උන්ගේ වල්ගා දෙකක් එකට බැඳ, ඒ දෙක මැද හුළු අත්තක් බැගින් තැබුවේ ය.
5
ඉන්පසු ඔහු ඒ හුළු අතුවලට ගිනි තියා පිලිස්තිවරුන්ගේ ගොයම් අතරට උන් යන්නට හැරියේ ය. කැපූ ගොයම් ද නොකැපූ ගොයම් ද ඔලීව වතු ද එයින් දාලා ගියේ ය.
6
එවිට පිලිස්තිවරු, “මේ දේ කෙළේ කවුරු දැ”යි ඇසුවෝ ය. “තිම්නියයාගේ බෑණා වන සම්සොන් ය; ඔහු සම්සොන්ගේ බිරිඳ ඔහුගේ මිතුරාට දුන් නිසා සම්සොන් මෙසේ කෙළේ යැ”යි මිනිස්සු පිළිතුරු දුන්නෝ ය. එවිට පිලිස්තිවරු අවුත් ඒ ස්ත්රිය ද ඇගේ පියා ද ගින්නෙන් දවා දැමුවෝ ය.
7
සම්සොන් ඔවුන්ට කතා කොට, “ඉදින් මේ අන්දමින් ඔබ ක්රියා කරන්නහු නම්, සැබැවින් ඔබෙන් පළිගන්නෙමි; ඉන්පසු නවතින්නෙමි”යි කීවේ ය.
8
සම්සොන් ඔවුන්ට ගිය ගිය අතේ පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. ඉන්පසු ඔහු ගොස් ඒතාම් පර්වතයේ ගුහාවේ නැවතී සිටියේ ය.
9
එකල පිලිස්තිවරු පිටත් ව ගොස් ජුදාහි කඳවුරු බැඳගෙන ලෙහි නගරයට පහර දුන්නෝ ය.
10
ජුදා වැසියෝ, “කුමක් නිසා ඔබ අපට විරුද්ධ ව ආවහු දැ”යි ඇසුවෝ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අප ආවේ, සම්සොන් අත්අඩංගුවට ගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිස යැ”යි කීවෝ ය.
11
එවිට ජුදා සෙනඟගෙන් තුන්දහසක් ඒතාම් පර්වතයේ ගුහාව ළඟට ගොස් සම්සොන්ට කතා කොට, “පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩු කරන බව ඔබ දන්නේ නැද් ද? එසේ නම්, ඔබ අපට කර තිබෙන මේ දේ කුමක් දැ”යි ඇසුවෝ ය. “ඔවුන් මට කළ ලෙස ම මමත් ඔවුන්ට කෙළෙමි”යි ඔහු ඔවුන්ට කී ය.
12
ඔව්හු ද, “ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, “ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය.
13
ඔව්හු ද, “ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබැවින් අපි ඔබ නොමරන්නෙමු”යි ඔහුට කියා, අලුත් කඹ දෙකකින් ඔහු බැඳ පර්වතයෙන් ගෙනාවෝ ය.
14
ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය.
15
ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.
16
එවිට සම්සොන් මෙසේ කී ය: “කොටළු හකු ඇටයකින්, කොටළුවන් මෙන් ඔවුන් මැරීමි; කොටළු හකු ඇටයකින්, මිනිසුන් දහසක් මැරීමි.”
17
ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය.
18
එවිට ඔහු ඉතා පිපාසිත ව, සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “ඔබේ මෙහෙකරුවා ලවා ඔබ ම මේ මහා ගැළවීම දුන් සේක; දැන් මම පිපාසාවෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසු වන්නෙම් දැ”යි කීවේ ය.
19
එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ.
20
පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21