bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 9
Judges 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 10 →
1
ජෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක් ෂෙකෙම්හි සිටි තමාගේ මවගේ සහෝදරයන් ළඟට ගොස්, ඔවුන්ටත්, තමාගේ මවගේ පිය වංශයේ මුළු පවුලටත් කතා කොට,
2
“ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.
3
ඔහුගේ මවගේ සහෝදරයෝ ඔහු වෙනුවෙන් ෂෙකෙම්හි සියලු වැසියන් සමඟ මේ කරුණ ගැන කතා කළහ. ඔව්හු අබිමෙලෙක් අනුගමනය කරන්නට තීරණය කරගත්හ. ඔවුන් එසේ කෙළේ, ඔහු ඔවුන්ගේ ම ඥාතියෙකු වන බැවිනි.
4
තවද, ඔව්හු බාල්-බෙරිත්ගේ දේවාලයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝ ය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තේ ය.
5
ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.
6
ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය.
7
මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: “ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.
8
එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ.
9
ඔලීව ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘දෙවියන් වහන්සේට ද මනුෂ්‍යයන්ට ද ගෞරව කරන්නට පාවිච්චි කරන මාගේ තෙල් අත්හැර ඔබ කෙරෙහි රජ කරන පිණිස යාම මට යුතු දැ’යි ඇසී ය.
10
එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ.
11
අත්තික්කා ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජ කරන පිණිස, මාගේ හොඳ ඵල ද එහි මිහිර ද අත්හැරීම යුතු දැ’යි ඇසී ය.
12
එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි මිදි වැලට කී හ.
13
මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.
14
එවිට සියලු වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි කටුඇඹිල්ල ගසට කී හ.
15
කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.
16
“දැන් ඉතින් ෂෙකෙම් වැසියෙනි, ඔබ හැම සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කොට අබිමෙලෙක් රජකමට පත් කළහු ද? ජෙරුබ්බාල්ගේ ක්‍රියාවලට ඔබින ලෙස ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත් යුතු දේ කළහු ද?
17
මාගේ පියා තමාගේ ජීවිතය නොතකා ඔබ උදෙසා යුද්ධ කර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ ගැළෙවුවේ ය.
18
එහෙත්, ඔබ අද මාගේ පියාගේ වංශයට විරුද්ධ ව නැඟී සිට ඔවුන්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙකු එක ගල පිට මරා, ඔහුගේ දාසියගේ පුත්‍ර අබිමෙලෙක් ඔබේ ඥාතියෙකු වන බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත් කළහු ය.
19
ඔබ මෙසේ අද දවසේ ජෙරුබ්බාල්ට සහ ඔහුගේ පවුලට සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කළහු නම්, අබිමෙලෙක් ගැන ප්‍රීති වන්න; ඔහුත් ඔබ ගැන ප්‍රීති වේ වා.
20
එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”
21
එවිට ජෝතාම් තමාගේ සහෝදර අබිමෙලෙක්ට බියෙන් බෙයේර්ට පලා ගොස් එහි විසුවේ ය.
22
අබිමෙලෙක් ඉශ්රායෙල්හි අවුරුදු තුනක් රජකම් කෙළේ ය.
23
ඉන්පසු අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරේ විරුද්ධවාදිකමක් දෙවියන් වහන්සේ ඇති කළ සේක. ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.
24
මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය.
25
ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධ ව කඳු මුදුන්වල මිනිසුන් රහසින් සිටෙව්වෝ ය. ඔව්හු ඒ මාර්ගයෙහි ඔවුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝ ය. එපවත් අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.
26
තවද, ඒබෙද්ගේ පුත් ගයල් සිය සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමිණියේ ය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ හ.
27
ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.
28
ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔබට සේවය කළ යුත්තේ මන් ද?
29
අහෝ! මේ මිනිස්සු මා යටතේ සිටිත් නම්, මම අබිමෙලෙක්ට පහර දෙන්නෙමි. ‘ඔබේ සේනාව තර කරගෙන සටන් කරන පිණිස පිටතට එන්නැ’යි අබිමෙලෙක්ට කියන්නෙමි”යි කීවේ ය.
30
නගරයේ අධිපතියා වන ශෙබුල් ඒබෙද්ගේ පුත් ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේ ය.
31
ඔහු රහසින් පණිවුඩකාරයන් අබිමෙලෙක් වෙත යවා, “බලන්න, ඒබෙද්ගේ පුත් ගයල් ද ඔහුගේ ඥාතීහු ද ෂෙකෙම්ට අවුත් සිටිති. ඔව්හු ඔබට විරුද්ධ ව නගරවැසියන් පොළඹවති.
32
එබැවින් ඔබ සහ ඔබ සමඟ සිටින සෙනඟ රාත්‍රියේ පිටත් වී, කෙතේ සැඟවී සිට
33
ඉර උදා වූ වහා ම නැඟිට, නුවර ආක්‍රමණය කරන්න. එවිට ඔහු ද ඔහු සමඟ සිටින සෙනඟ ද ඔබට විරුද්ධ ව පිටතට ආ කල්හි ප්‍රස්තාවෝචිත ලෙස ඔවුන්ට කළ යුතු දේ කරන්නැ”යි කියන්නට කීවේ ය.
34
අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද රාත්‍රියේ පිටත් ව අවුත් කණ්ඩායම් හතරකට බෙදී ෂෙකෙම්ට පහර දෙන්නට රැකබලා සිටියෝ ය.
35
ඒබෙද්ගේ පුත් ගයල් ද පිටතට ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියේ ය. අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සැඟවී සිටි තැනින් නැඟිට ආවෝ ය.
36
ගයල් සෙනඟ දැක, “අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් එති”යි ශෙබුල්ට කීවේ ය. ශෙබුල් ද, “සෙනඟ මෙන් ඔබට පෙනෙන්නේ කඳුවල ඇති සෙවණැලි යැ”යි ඔහුට කීවේ ය.
37
ගයල් නැවත කතා කොට, “අන්න, රටේ සෙනඟ ද උස් පළාතෙන් බැස එති; තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි ආලෝන අරඹට යන මාර්ගයෙන් බැස එති”යි කී ය.
38
එවිට ශෙබුල් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘අප විසින් සේවය කරනු ලැබීමට අබිමෙලෙක් කවරෙක් දැ’යි කීවාවූ ඔබේ කට දැන් කොහේ ද? මේ ඔබ විසින් හෙළා දකින ලද මිනිස්සු නොවෙත් ද? ඉතින් දැන් ඔබ ඔවුන්ට විරුද්ධ ව ගොස් සටන් කරන්නැ”යි කීවේ ය.
39
එවිට ගයල් ෂෙකෙම් වැසියන්ට පෙරටුව ගොස් අබිමෙලෙක්ට විරුද්ධ ව සටන් කෙළේ ය.
40
අබිමෙලෙක් ඔහු එළවාගෙන ගියේ ය. ගයල් ද අබිමෙලෙක් ඉදිරියෙන් පලා ගියේ ය. නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම් කා වැටුණෝ ය.
41
අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.
42
පසු දින ෂෙකෙම් වැසියෝ පිටතට ගියෝ ය. ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.
43
ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේ ය. සෙනඟ නුවරින් පිටතට එන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් ඔවුන්ට පහර දුන්නේ ය.
44
අබිමෙලෙක් ද ඔහු සමඟ වූ කණ්ඩායම ද ඉදිරියට දිව ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියෝ ය. කණ්ඩායම් දෙකක් පිටත සිටි සියල්ලන් වෙත දිව ගොස් ඔවුන්ට පහර දුන්නෝ ය.
45
අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි ෂෙකෙම් නුවරට විරුද්ධ ව සටන් කොට, එය අල්ලාගෙන, එහි සෙනඟ මරා, නුවර බිඳ හෙළා එහි ලුණු වැපුරුවේ ය.
46
ෂෙකෙම්හි කොටුවේ සිටි සියලු දෙනා ඒ අසා, බෙරිත් නම් දෙවියාගේ දේවාලයේ කොතට ඇතුළු වුණෝ ය.
47
ෂෙකෙම්හි කොටුවේ මිනිසුන් සියලු දෙනා එක්රැස් ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.
48
අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, “මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය.
49
එවිට සියලු දෙනා එකිනෙකා අත්තක් බැගින් කපාගෙන, අබිමෙලෙක් පසුපස්සේ ගොස්, ඒවා කොත ළඟ තබා, මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනි ලෑවෝ ය. මෙසේ ෂෙකෙම් කොටුවේ සිටි දහසක් පමණ ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා මියගියහ.
50
ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, එය වටලා, එය අල්ලාගත්තේ ය.
51
ඒ නුවර තුළ ශක්තිමත් බලකොටුවක් තිබුණේ ය. ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා ද නුවර වැසි සියල්ලෝ ද එයට පලා ගොස් දොර වසාගෙන, කොටුවේ පියස්ස මුදුනට නැඟී සිටියෝ ය.
52
අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය.
53
එවිට එක්තරා ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ හිස පිටට ඇඹරුම් ගලක් හෙළා ඔහුගේ හිස් කබල පොඩි කළා ය.
54
අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය.
55
ඉශ්රායෙල් සෙනඟ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගියෝ ය.
56
දෙවියන් වහන්සේ, අබිමෙලෙක් තම සහෝදරයන් සැත්තෑදෙනා මැරීමෙන් තමාගේ පියාට කළ දුෂ්ටකමට ප්‍රතිවිපාක දුන් සේක.
57
ෂෙකෙම්හි මිනිසුන්ගේ දුෂ්ටකමේ ප්රතිවිපාකය දෙවියන් වහන්සේ ඔවුන් පිට පැමිණෙවු සේක. මෙසේ ජෙරුබ්බාල්ගේ පුත් ජෝතාම් කළ සාපය ඉෂ්ට විය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21