bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 11
Judges 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 12 →
1
ගිලියද් වැසියෙකු වූ ජෙප්තා බලසම්පන්න හේවායෙක් විය. ඔහු වේශ්‍යා ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියාගේ නම ගිලියද් ය.
2
ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, “ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය.
3
එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.
4
කලකට පසු අම්මොන්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය.
5
අම්මොන්වරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට, ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ ටෝබ් දේශයෙන් ජෙප්තා කැඳවාගෙන එන්නට ගොස්,
6
ඔහුට කතා කොට, “අප අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපේ අධිපතියා වන්නට පැමිණෙන්නැ”යි ඉල්ලා සිටියෝ ය.
7
ජෙප්තා පිළිතුරු දෙමින්, “ඔබ මා කෙරෙහි වෛර බැඳ, මාගේ පියාගේ ගෙදරින් මා පන්නා දැමුවා නොවේ ද? දැන් ඔබේ විපතේ දී කුමක් නිසා මා ළඟට ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.
8
එවිට ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප දැන් යළිත් ඔබ ළඟට ආවේ, ඔබ අප සමඟ ගොස්, අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, ගිලියද් වැසියන් වන අප සියල්ලන්ට ප්‍රධානියා වන පිණිස යැ”යි ජෙප්තාට කී හ.
9
ජෙප්තා ඔවුන්ට කතා කොට, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔබ මා යළිත් කැඳවා ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන්නොත්, මම ඔබේ ප්‍රධානියා වන්නෙම් දැ”යි ඇසුවේ ය.
10
එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අප අතරේ සාක්ෂි දෙන සේක. සැබැවින් ම ඔබේ වචනය ලෙස ම කරන්නෙමු”යි ජෙප්තාට කී හ.
11
එවිට ජෙප්තා ගිලියද්හි ප්‍රජා මූලිකයන් සමඟ නික්ම ගියේ ය. සෙනඟ ඔහු තමන්ගේ ප්‍රධානියා ද අධිපතියා ද කරගත්හ. ජෙප්තා මිශ්පාහි දී ඔහුගේ සියලු කොන්දේසි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.
12
ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යවා, “ඔබ මාගේ දේශයට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පැමිණියේ, මා සහ ඔබ අතරේ ඇති කුමන ආරාවුලක් නිසා දැ”යි ඇසුවේ ය.
13
අම්මොන්වරුන්ගේ රජ ජෙප්තාගේ පණිවුඩකාරයන්ට පිළිතුරු දෙමින්, “මා එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ කල අර්ණොන් පටන් ජබ්බොක් හා ජොර්දාන් දක්වා මාගේ දේශය පැහැරගත් නිසා ය; එහෙයින්, දැන් ඒ රටවල් සාමදානයෙන් ආපසු දෙන්නැ”යි කීවේ ය.
14
ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යැව්වේ ය.
15
“ජෙප්තා මෙසේ කියන්නේ යැ”යි ඔව්හු කී හ: “ඉශ්රායෙල්වරුන් මෝවබ් දේශය වත්, අම්මොන්වරුන්ගේ දේශය වත් පැහැරගත්තේ නැත.
16
එහෙත්, ඉශ්රායෙල්වරුන් මිසර දේශයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා පාළුකරයේ ගමන් කර කාදෙෂ්ට පැමිණියෝ ය.
17
එවිට ඉශ්රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර ලැබේවා’යි කී හ. එහෙත්, ඒදොම් රජු එයට සවන් නොදුන්නේ ය. මෝවබ් රජු වෙතටත් එසේ ම පණිවුඩකාරයෝ යවනු ලැබූ හ. ඔහු ද ඒ ඉල්ලීමට කැමැති නො වී ය. ඉශ්රායෙල්වරු කාදෙෂ්හි නැවතී සිටියෝ ය.
18
ඉන්පසු ඔව්හු පාළුකරය මැදින් ගමන් කොට ඒදොම් දේශයත්, මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයේ නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළතට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝ ය. මන්ද, අර්ණොන් ඔය මෝවබ් සීමාව වූ බැවිනි.
19
එවිට ඉශ්රායෙල්වරු හෙෂ්බොන්හි රජු වන අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් අපේ ම දේශයට යන්නට අපට අවසර දුන මැනවැ”යි කී හ.
20
එහෙත්, සීහොන් රජ තමාගේ දේශය මැදින් ඉශ්රායෙල්වරුන් යාම ගැන සැක කර, තමාගේ මුළු සෙනඟ රැස් කොට, ජහශ්හි කඳවුරු බැඳ, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
21
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සීහොන් රජු සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන් අතට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දී ඒ දේශවාසී වූ අමෝරිවරුන්ගේ මුළු රට හිමි කරගත්තෝ ය.
22
“ඔව්හු අර්ණොන් පටන් ජබ්බොක් දක්වා ද පාළුකරයේ පටන් ජොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමි කරගත්තෝ ය.
23
මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් අමෝරිවරුන් පන්නා දමා තිබිය දී, ඔබ ඔවුන්ගේ රට හිමි කරගන්නට අදහස් කරන්නෙහි ද?
24
ඔබේ දෙවි වන කෙමොෂ් ඔබට හිමි කරගැනීමට දුන් දේ ඔබට හිමි කරගත හැකි ය. එලෙස ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සියල්ලන්ගේ රට අපිත් හිමි කරගනිමු.
25
ශිප්පොර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක්ට වඩා ඔබ කොයි අයුරකින් වත් උතුම් ද? ඔහු ඉශ්රායෙල්වරුන් සමඟ කවරදා වත් ආරාවුල් කෙළේ ද? ඔවුන්ට විරුද්ධ ව කවරදා වත් යුද්ධ කෙළේ ද?
26
ඉශ්රායෙල්වරුන් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නගරවල ද අරෝයෙර් හා ඊට අයිති නගරවල ද අර්ණොන් අසබඩ තිබෙන සියලු නගරවල ද අවුරුදු තුන්සියයක් වාසය කරද්දී ඔබ ඒ කාලය අතරතුරේ දී ඒවා ගළවා නොගත්තේ මන් ද?
27
එබැවින් මම ඔබට විරුද්ධ ව වරදක් නොකෙළෙමි. එසේ වුව ද මට විරුද්ධ ව යුද්ධ කිරීමෙන් ඔබ මට අයුත්තක් කරන්නෙහි ය. විනිශ්චයකාරයාණන් වන සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතරේ අද විනිශ්චය කරන සේක් වා.”
28
එසේ වුවත්, අම්මොන්වරුන්ගේ රජ, තමාට ජෙප්තා එවූ පණිවුඩයට සවන් නුදුන්නේ ය.
29
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ජෙප්තා කෙරෙහි පහළ විය. ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පාට පැමිණ එතැන් සිට අම්මොන්වරුන් වෙත ගියේ ය.
30
ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්,
31
මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල, මා හමු වන පිණිස මාගේ ගෙයින් පිටත් ව එන කවරෙකු වුවත්, ඔහු සමිඳාණන් වහන්සේට අයිති වන්නේ ය; මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි”යි කීවේ ය.
32
මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක.
33
ඔහු නගර විස්සකින් සමන්විත අරෝයෙර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වා ද ආබෙල්-කෙරාමීම් දක්වා ද ඔවුන්ට පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. මෙසේ අම්මොන්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ.
34
ජෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන විට, ඔහුගේ දුව රබන් ගසමින් ද නටමින් ද ඔහුගේ පෙරමඟට ආවා ය. ඈ වූ කලී ඔහුගේ එක ම දරුවා ය. ඈ හැර ඔහුට පුතෙක් වත්, දුවක් වත් නො වූ හ.
35
ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.
36
ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය.
37
තවදුරටත් ඈ පියාට කතා කොට, “මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය.
38
ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය.
39
දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි.
40
එනම්, ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් ගෙදරින් පිටත් ව යාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක් ය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21