bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 14
Judges 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 15 →
1
සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.
2
ඔහු අවුත් තම පියාටත් මවටත් කතා කොට, “පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් කාන්තාවක තිම්නාහි දී මම දිටිමි. ඈ මාගේ බිරිඳ කරගන්න පිණිස මට ඈ ලබාදෙන්නැ”යි කීවේ ය.
3
එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය.
4
මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.
5
සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය.
6
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේ ය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැති ව, එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේ ය. එහෙත්, ඔහු කළ දේ ඔහුගේ පියාට වත්, මවට වත් ඔහු දැන්නුවේ නැත.
7
ඉන්පසු ඔහු ගොස් ඒ කාන්තාව සමඟ කතා කෙළේ ය. ඈ ඔහුට බොහෝ ප්‍රියමනාප වූවා ය.
8
ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි.
9
ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.
10
ඔහුගේ පියා ඒ කාන්තාව සිටි තැනට ආවේ ය. සම්සොන් එහි දී මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. මෙය තරුණයන් අතරේ පැවති සිරිතක් විය.
11
පිලිස්තිවරු සම්සොන් දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝ ය.
12
සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි.
13
එය විසඳා මට කියන්නට ඔබට බැරි වුණොත්, ඔබ සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද මට දිය යුතු යැ”යි කීවේ ය. ඔව්හු, “අපට ඇසෙන්නට ඔබේ ප්‍රහේලිකාව කියන්නැ”යි ඔහුට කීවෝ ය.
14
ඔහු මෙසේ කී ය. “කන්නා කෙරෙන් කෑමකි; බලවතාගෙන් මිහිරකි.” ඒ ප්‍රහේලිකාව තුන් දවසකින් විසඳා කියන්නට ඔවුන්ට නුපුළුවන් විය.
15
සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.
16
සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින්, “ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරේ කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහේලිකාවක් කී නමුත්, ඒක මට තෝරා දුන්නේ නැතැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “බලන්න, මම මාගේ පියාට වත්, මාගේ මවට වත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේ දැ”යි ඈට කීවේ ය.
17
ඔවුන්ගේ මංගල්‍ය පැවති සත් දවස මුළුල්ලේ ම ඈ ඔහුගේ ගෙල බදාගෙන හැඬුවා ය. ඈ ඔහුට පෙරැත්ත කළ බැවින් ඔහු සත් වන දවසේ දී තේරුම ඈට කී ය. ඈ ද ඇගේ රට වැසියන්ට ඒ තේරුම කීවා ය.
18
සත් වන දවසේ දී ඉර බසින්නට පෙර නුවර වැසියෝ ඔහුට කතා කොට මෙසේ කී හ: “මී පැණිවලට වඩා මිහිරක් ඇද් ද? සිංහයෙකුට වඩා බලවෙතක් ඇද් ද?” සම්සොන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ මාගේ නෑම්බිය මඟින් සීසෑවේ නැත්නම්, මාගේ ප්‍රහේලිකාව දැනගන්නට නොහැකි වන්නේ ය.”
19
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.
20
සම්සොන්ගේ බිරිඳ, ඔහු යහළුවා කොටගත් ඔහුගේ මිතුරාට දෙන ලද්දී ය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21