bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 13
Judges 13
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
1
ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.
2
දාන්ගේ වංශයට අයිති ශොරාහි එක්තරා මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම මානෝවා ය. ඔහුගේ භාර්යාව වඳ වූ බැවින් දරුවන් නොලැබ සිටියා ය.
3
සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී මෙසේ කීවේ ය: “නුඹ වඳ ව දරුවන් නොලැබ සිටින්නෙහි ය. එහෙත්, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය.
4
ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වගබලාගන්න.
5
මන්ද, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. දැළි පිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතු ය. මන්ද, දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු බැවිනි. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල්වරුන් ගළවා ගන්නේ ය.”
6
එවිට ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා වෙත අවුත් මෙසේ කීවා ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මා ළඟට ආවේ ය. ඔහුගේ පෙනීම දේව දූතයෙකුගේ පෙනීම හා සමාන ව ඉතා ප්රතාපවත් ව තිබුණේ ය. ඔහු කොතැනින් ආවේ ද කියා මම නොඇසීමි. ඔහු තමාගේ නම මට දැන්වූයේ නැත.
7
එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.”
8
එවිට මානෝවා සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “අහෝ, සමිඳුනි, ඔබ විසින් එවන ලද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා නැවත අප ළඟට අවුත්, උපදින්නට යන දරුවාට අප විසින් කරනු ලැබිය යුතු දේ ඉගැන්වුව මැනවැ”යි කීවේ ය.
9
දෙවියන් වහන්සේ මානෝවාගේ කන්නලව්වට ඇහුම්කන් දුන් සේක. දේව දූතයා ඒ ස්ත්‍රිය කෙතේ සිටිය දී යළිත් ඈ ළඟට පැමිණියේ ය. එහෙත්, ඇගේ පුරුෂයා වන මානෝවා ඈ ළඟ නොසිටියේ ය.
10
ස්ත්‍රිය ඉක්මනින් දුව ගොස්, “මෙන්න, එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේ යැ”යි ඇගේ පුරුෂයාට දැන්වූවා ය.
11
මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, “මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.
12
එවිට මානෝවා කතා කොට, “ඔබ කී දේ ඉටු වූ විට, දරුවා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහු කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය.
13
සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා.
14
මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.
15
මානෝවා සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “අප විසින් ඔබට එළු පැටවෙකු උයා පිළියෙළ කරනු ලබන තුරු, ඔබ නවත්වාගන්නට අපට අවසර ලැබේවා”යි කීවේ ය.
16
සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය.
17
මානෝවා ද, “ඔබ කී ලෙස සිද්ධ වූ කල අප ඔබට ගෞරව කරන පිණිස ඔබේ නාමය කිමෙක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේ ය.
18
සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය.
19
එවිට මානෝවා එළු පැටවාත්, ආහාර පූජාවත් ගෙනවුත්, අරුමපුදුම දේ කරන සමිඳාණන් වහන්සේට පර්වතය මත පූජා කෙළේ ය.
20
ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය.
21
ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට වත්, ඔහුගේ භාර්යාවට වත් නොපෙනුණේ ය. එවිට මානෝවා ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව දැන ගත්තේ ය.
22
මානෝවා කතා කොට, “අප දෙවියන් වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසින්නෙමු”යි තම භාර්යාවට කීවේ ය.
23
එහෙත්, ඔහුගේ භාර්යාව, “සමිඳාණන් වහන්සේ අප නසන්නට කැමැති සේක් නම්, උන් වහන්සේ අපේ අතින් දවන යාග පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේ වත්, උන් වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේ වත්, මේ කාලයේ දී අපට මෙබඳු දේවල් දන්වන්නේ වත් නැතැ”යි ඔහුට කීවා ය.
24
ඒ ස්ත්‍රිය පුත්‍රයෙකු ලැබූ පසු ඈ ඔහුට සම්සොන් යන නම තැබුවා ය. දරුවා වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
25
සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21