bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 21
Judges 21
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
1
“අපෙන් කිසිවෙක් තමාගේ දුවක බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාව වශයෙන් නොදෙන්නේ ය”යි ඉශ්රායෙල් සෙනඟ මිශ්පාහි දී දිවුරා තිබුණේ ය.
2
සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස් වන තෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි හිඳ, මහත් ශෝකයකින් ශබ්ද නඟා ඇඬුවෝ ය.
3
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, අද ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩු වී යන හැටියට මේ දේ ඉශ්රායෙල්හි සිදු වුණේ කුමක් නිසා දැ”යි ඔව්හු ඇසුවෝ ය.
4
පසු දා සෙනඟ අලුයම නැඟිට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය.
5
ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි.
6
ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන් ගැන අනුකම්පා කර, “මේ දවසේ දී ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් නැති වී ඇත.
7
ඔවුන්ගෙන් ඉතිරි ව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමු ද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන් වශයෙන් නොදෙන හැටියට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අපි දිවුළෙමු”යි කීවෝ ය.
8
තවදුරටත් ඔව්හු කතා කරමින්, “ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිශ්පාහි සමිඳාණන් වහන්සේ ඉදිරියට නොපැමිණියේ කවුරු දැ”යි ඇසූ හ. ජාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙකු රැස්වීමට සහභාගි වන පිණිස කඳවුරට නොපැමිණි බව දැනගත්තෝ ය.
9
සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය.
10
එබැවින් එහි රැස් වූ බලසම්පන්න මිනිසුන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින්, ඔවුන් මරන්නට අණ කරමින්, “ඔබ හැම ගොස් ස්ත්‍රීන් ද බාලයන් ද ඇතුළු ව ජාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුවෙන් පහර දෙන්න.
11
ඔබ කළ යුතු දේ නම්, සියලු පුරුෂයන් ද පුරුෂයන් සමඟ සේවනයෙහි යෙදුණ සියලු ස්ත්‍රීන් ද මුළුමනින් ම විනාශ කර දැමීම ය”යි කීවෝ ය.
12
පුරුෂයන් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් හාරසියයක් ජාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බ වී කානාන් දේශයේ ෂිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝ ය.
13
එවිට රිම්මොන් පර්වතයේ බෙන්ජමින්වරුන් සමඟ කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස, ඒ සභාව මිනිසුන් යැව්වා ය.
14
එකල බෙන්ජමින්වරු හැරී ආවෝ ය. ඉශ්රායෙල්වරු ජාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරු කළ කාන්තාවන් ඔවුන්ට දුන්නෝ ය. එහෙත්, කාන්තාවෝ සෑහෙන ගණනක් නොසිටියහ.
15
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා, සෙනඟ බෙන්ජමින්වරුන් ගැන ශෝක වූ හ.
16
එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද?
17
ඉශ්රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්ජමින් ගෝත්‍රයෙන් ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතු ය.
18
එහෙත්, අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්නට බැරි ය. මන්ද, ‘බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාවක දෙන තැනැත්තාට සාප වේ වා’යි කියා ඉශ්රායෙල්වරුන් දිවුරා තිබේ ය”යි කීවෝ ය.
19
තවද, ඔව්හු කතා කොට, “බෙතෙල්ට උතුරෙන් ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන් ද ලෙබොනාට දකුණෙන් ද තිබෙන ෂිලෝහි දී අවුරුදු පතා සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේ යැ”යි පවසා,
20
බෙන්ජමින්වරුන්ට අණ කරමින් මෙසේ කීවෝ ය; “ඔබ ගොස් මිදිවතුවල සැඟවී සිට,
21
ෂිලෝහි දූවරුන් නටන්නට පිටතට ආවොත්, ඔබ මිදිවතුවලින් නික්ම අවුත්, එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක බැගින් අල්ලාගෙන බෙන්ජමින් රටට යන්න.
22
ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලි කරන්නට පැමිණි විට, අපි ඔවුන්ට කතා කොට, ‘කරුණාවෙන් ඔවුන් අපට දුන මැනව. මන්ද, අපි යුද්ධයේ දී එක එකාට භාර්යාවක ඉතිරි නොකෙළෙමු. ඔබවත් ඔවුන්ට භාර්යාවන් දුන්නේ නැත. ඔබ දුන්නහු නම් වරදකරුවෝ වන්නහු ය’යි කියන්නෙමු.”
23
බෙන්ජමින්වරු එසේ කර, නටන්නට ආ තරුණියන්ගෙන් තමන්ගේ ගණන ලෙස තමන්ට භාර්යාවන් අල්ලාගෙන තමන්ගේ උරුම ප්‍රදේශයට හැරී ගොස්, නගර ගොඩනඟා එහි විසුවෝ ය.
24
එකල ඉශ්රායෙල්වරු සියලු දෙනා තමන්ගේ ගෝත්‍රය ද පවුල ද කරා ගියෝ ය. එතැනින් ඔව්හු එකිනෙකා තම තමාගේ උරුම ප්‍රදේශයට ගියෝ ය.
25
ඒ දවස්වල දී ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. එකිනෙකා තම තමා රිසි දේ කෙළේ ය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21