bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 8
Judges 8
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 9 →
1
එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ.
2
ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැම කළ දේට සමාන කළ විට මා කළ දේ කුමක් ද? එප්‍රායිම් ගෝත්‍රයට අයත් ඔබ කළ සුළු දේ අබියෙශෙර් නම් මාගේ ගෝත්‍රය කළ සියල්ලට වඩා වටිනවා නොවේ ද?
3
ඔබ අතට දෙවියන් වහන්සේ මිදියන්හි අධිපතීන් වන ඔරෙබ් ද ශීබ් ද පාවා දුන් සේක. ඔබ කළ දේට සමාන ව මට කරන්නට හැකි වූයේ කිමෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණ ඔවුන්ගේ කෝපය සංසිඳුණේ ය.
4
ගිඩියොන් සහ ඔහුගේ මිනිස්සු තුන්සියදෙනා ජොර්දාන් ගඟ ළඟට පැමිණ එයින් එතෙර වූ හ. ඔව්හු අධික වෙහෙසට පත් වී සිටිය නමුත්, එතෙක් සතුරන් ලුහුබැඳ ගියෝ ය.
5
ගිඩියොන් සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා කැටුව යන මිනිසුන් අධික වෙහෙසට පත් ව සිටින බැවින් ඔවුන්ට රොටි දුන මැනව; මම මිදියන්හි රජවරුන් වන ශෙබා ද ශල්මුන්නා ද ලුහුබැඳ යමි”යි කීවේ ය.
6
සුක්කොත්හි අධිපතීහු, “අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ.
7
“සමිඳාණන් වහන්සේ ශෙබා ද ශල්මුන්නා ද මා අතට පාවා දුන් විට මම ඔබ හැමගේ මාංසය වනයේ කටුවලින් ද ගොකටුවලින් ද ඉරා දමන්නෙමි”යි ගිඩියොන් ඔවුන්ට කීවේ ය.
8
ගිඩියොන් එතැනින් පෙනුයෙල්ට ගොස් එහි වැසියන්ගෙන් ද එසේ ම ඉල්ලුවේ ය. ඔව්හු ද සුක්කොත්හි වැසියන් උත්තර දුන් ලෙස ම ඔහුට උත්තර දුන්නෝ ය.
9
ඔහු පෙනුයෙල්හි මිනිසුන්ට කතා කොට, “මම ජයාන්විත ව ආපසු ආ විට මේ බලකොටුව බිඳ දමන්නෙමි”යි කී ය.
10
ශෙබා ද ශල්මුන්නා ද පසළොස්දහසක් දෙනාගෙන් සමන්විත වූ ඔවුන්ගේ සේනාව සමඟ කර්කොර්හි සිටියෝ ය. පූර්ව දිශාවේ වැසියන්ගෙන් ඉතිරි වූයේ මේ අය පමණකි. මන්ද, යුද්ධයේ දී එකසිය විසිදහසක් දෙනා නැසුණෝ ය.
11
ගිඩියොන් නොබාට ද ජොග්බෙහාට ද පෙරදිගින්, කූඩාරම්වල වාසය කරන්නන්ගේ පාරෙන් ගොස්, සේනාව පරීක්ෂාකාරී ව නොසිටිය දී ඔවුන්ට පහර දුන්නේ ය.
12
ශෙබා ද ශල්මුන්නා ද පලා ගියෝ ය. ඔහු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් මිදියන් රජ වන ශෙබා ද ශල්මුන්නා ද අල්ලාගත්තේ ය. ඔහු මුළු සේනාව ද භයගන්වා විසුරුවා හැරියේ ය.
13
ඉන්පසු ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් හෙරෙස් දුර්ගමාර්ගයෙන් ගමන් කර අවුත්,
14
සුක්කොත්හි තරුණයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේ ය. ඔහු සැත්තෑසත්දෙනෙකුන් වන සුක්කොත්හි අධිපතීන් ද ප්‍රජා මූලිකයන් ද ගැන විස්තර ලියා දුන්නේ ය.
15
ගිඩියොන් සුක්කොත්හි වැසියන් ළඟට අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ මට සරදම් කළ අවස්ථාව සිහි කරන්න. ‘වෙහෙස වූ ඔබේ මිනිසුන්ට, අප විසින් කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද ඔබේ අතට අසු ව සිටිත් දැ’යි ඔබ කීවහු ය. ඒ ශෙබා ද ශල්මුන්නා ද මෙන්න, බලන්නැ”යි කී ය.
16
ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය.
17
ඔහු පෙනුයෙල්හි බලකොටුව ද කඩා දමා නගරයේ වැසියන් මැරුවේ ය.
18
එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.
19
ගිඩියොන් ද, “ඔව්හු මාගේ සහෝදරයෝ ය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝ ය. ඔබ ඔවුන් නොමැරුවහු නම්, මමත් ඔබ නොමරමි යි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි”යි කීවේ ය.
20
ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, “නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි.
21
එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය.
22
ඉශ්රායෙල් ජනයා ගිඩියොන්ට කතා කොට, “ඔබ ද ඔබේ පුත්‍රයා ද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයා ද අප කෙරෙහි ආණ්ඩු කළ යුතු ය. මන්ද, ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගළවා ගත්තෙහි යැ”යි කී හ.
23
ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය.
24
ගිඩියොන් තවදුරටත් කතා කරමින්, “මම ඔබ හැමගෙන් ඉල්ලීමක් කරමි. ඔබ එකිනෙකා කොල්ලකෑ කුණ්ඩලාභරණ මට දෙන්නැ”යි කීවේ ය. ඔහු එසේ කීවේ, සතුරන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණ නිසා ය.
25
ඔව්හු, “අපි ඒවා කැමැත්තෙන් ම දෙමු”යි පිළිතුරු දී වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා කොල්ලකෑ කුණ්ඩලාභරණ එහි දැමුවෝ ය.
26
මිදියන්හි රජු පැළඳ සිටි අඩ සඳ වැනි ආභරණ ද කර්ණාභරණ ද රත් නිල් වස්ත්‍ර ද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වටා තිබුණ මාල ද හැර ඔහු ඉල්ලා ගත් රන් කුණ්ඩලාභරණවල බර රන් කිලෝග්‍රෑම් විස්සක් පමණ විය.
27
ගිඩියොන් එයින් පිළිමයක් සාදා එය තමාගේ නගරය වූ ඔප්‍රාහි පිහිටෙවුවේ ය. ඉශ්රායෙල්වරු සියලු දෙනා සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී ඒ පිළිමය වැළඳගත්හ. එය ගිඩියොන්ටත්, ඔහුගේ පවුලටත් මලපතක් මෙන් විය.
28
මෙසේ මිදියන්වරු ඉශ්රායෙල් සෙනඟ විසින් යටත් කරනු ලැබූ හ: ඉන්පසු ඔවුන්ට බලය පාන්නට නොහැකි විය. ගිඩියොන්ගේ පාලන කාලයේ දී දේශයේ සතළිස් අවුරුද්දක් සාමය පැවතුණේ ය.
29
ජෝවාෂ්ගේ පුත් ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් තමාගේ ම ගෙදරට ගොස් එහි වාසය කෙළේ ය.
30
ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ හැත්තෑදෙනෙක් වූ හ. එසේ වූයේ, ඔහුට බොහෝ භාර්යාවන් සිටි බැවිනි.
31
ෂෙකෙම්හි ඔහුට උපභාර්යාවක් ද සිටියා ය. ඇගෙන් ඔහුට පුත්‍රයෙක් ලැබුණේ ය. ඔහු ඔහුට අබිමෙලෙක් යන නම තැබී ය.
32
ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් දීර්ඝායු වළඳා මියගොස්, අබියෙශ්‍රීවරුන්ට අයත් ඔප්‍රාහි තමාගේ පියා වූ ජෝවාෂ්ගේ සොහොන් ගෙහි තැන්පත් කරනු ලැබුවේ ය.
33
ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.
34
ඔවුන් වට කර සිටි සියලු සතුරන්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත් ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔව්හු අමතක කළෝ ය.
35
එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21