bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 3
Judges 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 4 →
1
කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය.
2
උන් වහන්සේ එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයාගේ පරම්පරාවලින් මීට පෙර යුද්ධ කරන්නට දැනගෙන නොසිටිය අයට එය ඉගැන්වීමට ය.
3
ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.
4
ඔවුන් ඉතිරි කෙළේ, සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට අණ කර වදාළ උන් වහන්සේගේ ආඥාවලට ඔව්හු කීකරු වෙත් දැ යි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන් සෝදිසි කරන පිණිස ය.
5
ඉශ්රායෙල් සෙනඟ කානානිවරුන් ද හිත්තීවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද අතරෙහි වාසය කළහ.
6
ඔව්හු ඔවුන්ගේ දූවරුන් සරණ පාවාගෙන, තමන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.
7
ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට බාල් දේවතාවුන්ටත්, අෂෙර් දේවතාවියටත් වැඳුම්පිදුම් කළහ.
8
එබැවින් සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළ, මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් අතට උන් වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල් සෙනඟ කුෂාන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙවර කළහ.
9
ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ගැළවුම්කාරයෙකු එවා වදාළ සේක. ඔහු වූ කලී කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය.
10
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය.
11
එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.
12
ඉශ්රායෙල් සෙනඟ යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළ සේක.
13
ඔහු අම්මොන් සහ අමලෙක් සෙනඟ රැස් කරවාගෙන ගොස් ඉශ්රායෙල්වරුන්ට පහර දී, ඉඳි ගස් නුවර ද හිමි කරගත්තේ ය.
14
ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් මෙහෙවර කළෝ ය.
15
එහෙත්, ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට එවා වදාළ සේක. ඔහු වූ කලී බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ඒහුද් ය. ඔහු වමත හුරු මිනිසෙක් විය. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒහුද් අත කප්පම් යැවූ හ.
16
ඔහු රියනක් දිග දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කලවයෙහි ඇඳුම් යට බැඳගෙන ගොස්
17
මෝවබ්ගේ රජ වූ එග්ලොන්ට ඒ කප්පම පිරිනැමී ය. එග්ලොන් වනාහි ඉතා තර මිනිසෙකි.
18
ඒහුද් කප්පම පිරිනමා නිම වූ කල කප්පම ගෙන ගිය මිනිසුන් පිටත් කර හැරියේ ය.
19
එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය.
20
ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය.
21
ඒහුද් තමාගේ වමත දිගු කොට දකුණු කලවයෙන් කඩුව ඇදගෙන රජුගේ බඩට ඇන්නේ ය.
22
තලය සමඟ මිටත් බඩ ඇතුළට ගියේ ය. රජුගේ බඩෙන් ඒහුද් කඩුව ඇද නොගත් නිසා, තලය මාංසයෙන් වැසී ගොස් පිටුපසින් එළියට නෙරා ආයේ ය.
23
ඒහුද් පිටත ශාලාවට ගොස්, උඩුමහලේ දොරවල් වසා තබා, අගුලු දමා ගියේ ය.
24
ඔහු පිටත් ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ අවුත් බැලූ හ. ඔව්හු උඩුමහලේ දොරවල් අගුලු දමා තිබෙනවා දැක, රජ තෙම, ‘උඩුමහල් තලයේ රහස් කාමරයේ ශරීරකෘත්‍යය කරනු ඇතැ’යි සිතූ හ.
25
ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය.
26
ඔවුන් ප්‍රමාදවෙමින් සිටිය දී, ඒහුද් කැපූ ගල් ඇති ස්ථානය පසු කර සෙයිරාට ගැළවී ගියේ ය.
27
ඔහු අවුත් එප්‍රායිම් කඳු රටේ දී හොරණෑවක් පිම්බේ ය. එවිට ඉශ්රායෙල් ජනයා ඔහු සමඟ කඳු රටෙන් බැස ගියෝ ය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,
28
ඔවුන්ට කතා කොට, “මා පස්සේ එන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් වන මෝවබ්වරුන් ඔබේ අතට පාවා දී ඇතැ”යි කීවේ ය. ඔව්හු ඔහු පස්සේ ගොස්, මෝවබ් ළඟ තිබෙන ජොර්දාන්හි තොටුපොළවල් අල්ලාගෙන කිසිවෙකුට එයින් එගොඩ වන්නට ඉඩ නොදුන්නෝ ය.
29
ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත.
30
ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය.
31
ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21