bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 6
Judges 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 7 →
1
ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ මිදියන්වරුන් අතට ඔවුන් සත් අවුරුද්දකට පාවා දුන් සේක.
2
මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ.
3
ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය.
4
ඔව්හු ඒ ප්‍රදේශයේ කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භවභෝග නාස්ති කළෝ ය. ඔව්හු ආහාර වත්, එළු බැටළුවන් වත්, ගවයන් වත්, කොටළුවන් වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරි නොකළෝ ය.
5
ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය.
6
මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා දුඃඛිත තත්ත්වයකට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.
7
මිදියන්වරුන් නිසා ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල,
8
උන් වහන්සේ දිවැසිවරයෙකු ඉශ්රායෙල් ජනයා වෙත එවූ සේක. ඔහු ඔවුන් අමතා, “ඉශ්‍රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ”යි කී ය. “මම නුඹලා මිසරයෙන් පිටතට ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් පිටතට පැමිණෙව්වෙමි.
9
මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි.
10
මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ය කියා ද, නුඹලා වාසය කළ දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට ගරුබිය නොදක්වන්න කියා ද මම නුඹලාට කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නොදෙන්නහු ය.”
11
සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය.
12
සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට පෙනී, “ධෛර්යවත්, බලවත් මනුෂ්‍යය, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේකැ”යි කී ය.
13
ගිඩියොන් ඔහුට කතා කරමින්, “අහෝ මාගේ ස්වාමීනි, සමිඳාණන් වහන්සේ අප සමඟ සිටින සේක් නම්, මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක්නිසා ද? ‘සමිඳාණන් වහන්සේ අප මිසරයෙන් ගෙනා සේකැ’යි කියමින් අපේ පියවරුන් අපට මතක් කර දුන් උන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොහේ ද? දැන් නම්, සමිඳාණන් වහන්සේ අප අත්හැරදමා, මිදියන්වරුන් අතට අප පාවා දී ඇතැ”යි කීවේ ය.
14
සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, “නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක.
15
ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්‍රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය.
16
සමිඳාණන් වහන්සේ ද, “සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක.
17
ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්‍රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව.
18
ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.
19
ගිඩියොන් ඇතුළට ගොස්, එළු පැටවෙකු ද කිලෝග්‍රෑම් දහයක් පමණ පිටිවලින් මුහුන් නොදැමූ රොටි ද සූදානම් කොට, පෙට්ටියක මස් දමා, භාජනයක සොදි වත්කොට, ආලෝන ගස යටට ගෙන උන් වහන්සේට ඔප්පු කෙළේ ය.
20
දෙවියන් වහන්සේගේ දූතයා, “මස් සහ මුහුන් නොදැමූ රොටි ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය.
21
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ රොටි ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.
22
ගිඩියොන් දුටුවේ, සමිඳාණන් වහන්සේගේ දූතයා බව ඔහුට පෙනී ගිය විට, “මහෝත්තම දෙවි සමිඳාණන් වහන්ස, මම සමිඳාණන් වහන්සේගේ දූතයා මුහුණට මුහුණ ලා දිටිමි”යි කී ය.
23
සමිඳාණන් වහන්සේ, “නුඹට සාමදානය වේ වා! බිය නොවන්න; නුඹ නසින්නේ නැතැ”යි ඔහුට වදාළ සේක.
24
එවිට ගිඩියොන් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා, ‘සමිඳාණන් වහන්සේ සාමදානය ය’ යන අර්ථය ඇති ‘යාවේ-ෂාලොම්’ යන නාමය ඊට තැබුවේ ය. එය අද දවස දක්වා අබියෙශ්‍රීයවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.
25
එදා ම රාත්‍රියේ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “නුඹේ පියාට අයිති ගොනා එනම්, සත් අවුරුදු වයස් ඇති දෙ වන ගොනා ගෙන ගොස්, නුඹේ පියාට අයිති බාල් දෙවියාගේ පූජාසනය කඩා දමා, ඒ ළඟ තිබෙන අෂේරා කප් කණු කපා දමන්න.
26
මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, ගොනා ගෙන, නුඹ කපා දමන අෂේරා කප් ලීවලින් ඌ දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
27
එවිට ගිඩියොන් සිය වැඩකාරයන්ගෙන් දසදෙනෙකු කැඳවාගෙන, සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙස කෙළේ ය. ඔහු තමාගේ පියාගේ ගෙවැසියන් නිසාත්, නගර වැසියන් නිසාත් එය දවාලේ කරන්නට බිය වී රාත්‍රියේ කෙළේ ය.
28
නගර වැසියෝ අලුයම අවදි වූ විට, බාල්ගේ පූජාසනය කඩා තිබෙන බවත්, ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කපා, ගොඩනඟා තිබුණු පූජාසනය මත ගොනා පූජා කර තිබුණු බවත් දුටුවෝ ය.
29
මෙය කෙළේ කවරෙක් දැ යි එකිනෙකාගෙන් අසා විමසූ කල, “ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් එය කෙළේ යැ”යි ඔවුන්ට කියන ලද්දේ ය.
30
එවිට නගර වැසියෝ ජෝවාෂ්ට කතා කොට, “ඔබේ පුතා බාල් දෙවියාගේ පූජාසනය කඩා දැමූ නිසා ද ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කැපූ නිසා ද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.
31
ජෝවාෂ් ද ඔහුට විරුද්ධ ව සිටි සියලු දෙනාට කතා කොට, “ඔබ බාල් උදෙසා කරුණු කියන්නහු ද, නොහොත් ඔහු ගළවාගන්නට උත්සාහ කරන්නහු ද? බාල් උදෙසා කරුණු කියන්නට කැමැති තැනැත්තේ එළි වන්නට පෙර මරනු ලැබේ වා. බාල් දෙවි කෙනෙක් නම්, ඔහුගේ පූජාසනය යමෙකු කඩා දමා තිබෙන නිසා ඔහු ම තමා උදෙසා කරුණු කියා වා”යි කීවේ ය.
32
“බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.
33
එවිට සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද එකට රැස් ව ජොර්දාන් ගඟෙන් මෙගොඩට අවුත්, ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි කඳවුරු බැඳගත්තෝ ය.
34
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ගිඩියොන් කෙරෙහි පහළ වූයේ ය; ඔහු හොරණෑව පිම්බේ ය; එවිට අබියෙශ්‍රීයවරු ඔහු ළඟට රැස් වූ හ.
35
ඔහු මනස්සේ ගෝත්‍රය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු ද ඔහු ළඟට රැස් වූ හ. ඔහු ආෂෙර්වරුන් ද සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද වෙතටත් පණිවුඩකාරයන් යැවී ය. ඔව්හු ද ඔහු හමු වන පිණිස පැමිණියෝ ය.
36
ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන සේක් නම්,
37
මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය.
38
එය එසේ ම සිදු විය. ඔහු පසු දා අලුයම නැඟිට බඳුනක් පිරෙන තරමට වතුර ලොම් මිටියෙන් මිරිකා හැරියේ ය.
39
යළිත් ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධ ව නොඇවිළේ වා! තව එක වරක් කතා කරන්නට මට අවසර දුන මැනව. ලොම් මිටියෙන් තව එක් වතාවක් පමණක් මට අත්හදා බලන්නට අවසර ලැබේ වා. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබේ වා”යි කී ය.
40
දෙවියන් වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළ සේක. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබුණේ ය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21