bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Judges 18
Judges 18
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 19 →
1
ඒ කාලයේ ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. තවද, ඒ දවස්වල දී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝ ය. එසේ කෙළේ, ඒ දවසේ ඒ වන තෙක් ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණ නිසා ය.
2
දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස, තමන්ගේ සියලු සෙනඟ අතරෙන් තමන්ගේ ම පෙළපෙත් වික්‍රමාන්විත මිනිසුන් පස්දෙනෙකු තෝරාගෙන, ශොරා ද එෂ්තායොල් ද සිට යවමින්, “ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නැ”යි ඔවුන්ට කීවෝ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝ ය.
3
ඔව්හු මීකාගේ නිවෙස ළඟ සිටිය දී, ලෙවීවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින, එහි ගොස් ඔහුට කතා කොට, “ඔබ මෙහි ගෙනාවේ කවරෙක් ද? මෙතැන ඔබ කරන්නේ කුමක් ද? මෙහි ඔබේ වගකීම කුමක් දැ”යි ඇසුවෝ ය.
4
“මීකා මට මේ මේ දේ කර ඇත. මා ඔහුගේ පූජකයා ව සිටින පිණිස ඔහු මට වැටුපක් ගෙවන්නේ යැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.
5
ඔව්හු ඔහුට කතා කොට, “අප යන මේ ගමන සඵල වේ ද කියා අප දැනගන්න පිණිස දෙවියන් වහන්සේගෙන් විමසන්නැ”යි කී හ.
6
“ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය.
7
එවිට ඒ පස්දෙනා පිටත් ව ගොස්, ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ ආරක්ෂා සහිත ව, සීදොන් වැසියන් හා සමාන ව සාමකාමී ව ද නිශ්චල ව ද වාසය කරන බව දුටුවෝ ය. ඔවුන්ට කිසි අගහිඟයක් තිබුණේ නැත. ඔව්හු සීදොන්වරුන්ගෙන් ඈත් ව වාසය කළහ. අරමීයයන් සමඟ ඔවුන්ට කිසි ගනුදෙනුවක් නො වී ය.
8
ඉන්පසු ඔව්හු ශොරාහි ද එෂ්තායොල්හි ද සිටි තමන්ගේ සහෝදරයන් වෙත පෙරළා ආවෝ ය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කතා කොට, “ඔබ සොයාගත් තොරතුරු මොනවා දැ”යි ඇසුවෝ ය.
9
ඔව්හු පිළිතුරු දෙමින්, “අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද, ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන් ද? ඒ රටට ඇතුළු වී එය හිමි කරගන්න පිණිස යන්නට මැළි නොවන්න.
10
ඔබ ගිය විට, ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහු ය. ඒ රට විශාල ය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකැ”යි කී හ.
11
එවිට එතැනින් දාන්ගේ පෙළපතේ සෙනඟ හයසියයක් සන්නාහ සන්නද්ධ ව ශොරා ද එෂ්තායොල් ද සිට පිටත් ව ගියෝ ය.
12
ඔව්හු ජුදයේ තිබෙන කිරියත්-ජෙයාරීම්හි කඳවුරු බැඳගත්තෝ ය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා දාන්ගේ කඳවුර යන අර්ථය ඇති මහනේ-දාන් ය යි කියති. එය පිහිටා තිබෙන්නේ කිරියත්-ජෙයාරීම්ට බටහිරෙන් ය.
13
ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ නිවෙස ළඟට පැමිණියෝ ය.
14
එවිට ලායිෂ් රටට ඔත්තු බලන්න ගිය පස්දෙනා තමන්ගේ සහෝදරයන්ට කතා කොට, “මේ ගෙවල ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද තිබෙන බව ඔබ දන්නහු ද? ඉතින් දැන් ඔබ කළ යුතු දේ කල්පනා කරන්නැ”යි කී හ.
15
එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය.
16
සන්නාහ සන්නද්ධ ව සිටි දාන්වරුන් වන ඒ මිනිස්සු හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය.
17
රටේ ඔත්තු බලන පිණිස ගිය පස්දෙනා නැඟී ගොස් නිවෙසට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද ගත්තෝ ය. පූජකයා සහ සන්නාහ සන්නද්ධ හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය.
18
ඔවුන් මීකාගේ ගෙට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද පිටතට ගෙනා විට, පූජකයා, “ඔබ කුමක් කරන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
19
ඔව්හු පිළිතුරු දෙමින්, “නිශ්ශබ්ද ව අතින් කට වසාගෙන අප සමඟ ගොස්, අපට පියෙකු ද පූජකයෙකු ද වන්න. එක මිනිසෙකුගේ පවුලකට පූජකයෙකු වීමට වඩා ඉශ්රායෙල් ගෝත්‍රයකටත්, පෙළපතකටත් පූජකයෙකු වීම හොඳ නොවේ දැ”යි ඇසූ හ.
20
එවිට පූජකයාගේ සිත සතුටු ව ඔහු ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු රූපය ද රැගෙන සෙනඟ අතරට ගියේ ය.
21
මෙසේ ඔව්හු ආපසු හැරී බාලයන් ද ගවමහිෂයන් ද බඩු ද පෙරටු කොටගෙන ගියෝ ය.
22
ඔවුන් මීකාගේ නිවෙසින් ඈතට ගිය කල, මීකාගේ නිවෙස අසල නිවෙස්වල මිනිස්සු එක්රැස් ව දාන්වරුන් පසුපස ගොස්, ඔවුන්ට ළං ව මොරගැසුවෝ ය.
23
ඔව්හු හැරී බලා, “මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ.
24
ඔහු පිළිතුරු දෙමින්, “මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.
25
දාන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “තවත් කතා නොකරන්න, කතා කළොත්, රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතය ද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිත ද හානි වනු ඇතැ”යි කියා යන්නට ගියෝ ය.
26
ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක ආපසු හැරී තමාගේ ගෙදරට ගියේ ය.
27
ඔව්හු මීකා සාදා තිබුණු දේ රැගෙන, ඔහු සමඟ සිටි පූජකයා කැටුව ගොස්, සාමකාමී ව ද සුරක්ෂිත ව ද සිටි ලායිෂ්හි සෙනඟ වෙත පැමිණ, කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝ ය.
28
ඒ නුවර සීදොන් නුවරින් ඈත් ව තිබුණ නිසා ද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනුවක් නොවූ නිසා ද ඔවුන් ගළවන්නට කිසිවෙක් නො වූ හ. ඒ නුවර බෙත්-රෙහොබ්හි පිහිටි මිටියාවතේ තිබුණේ ය. ඔව්හු ඒ නුවර ගොඩනඟා එහි වාසය කළෝ ය.
29
ඉශ්රායෙල්ට දාව උපන් තමන්ගේ පියා වූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නගරයට දාන් යන නාමය තැබුවෝ ය. කලින් ඒ නගරයේ නම ලායිෂ් ය.
30
දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.
31
මීකා විසින් සාදන ලද වාත්තු රූපය ඔව්හු පිහිටුවාගත්හ. දෙවියන් වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණ තාක් කල් එය එහි තිබුණේ ය.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21