bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 11
2 Chronicles 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 12 →
1
රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යුදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.
2
නුමුත් ස්වාමීන්වහන්සේ ගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ:
3
ඔබ සාලමොන්ගේ පුත්‍රවූ යුදාහි රජවූ රෙහොබොවම්ටත් යුදා සහ බෙන්යමින්හි සියලු ඉශ්රායෙල්වරුන්ටත් කථාකොට-
4
ඔබ සැම නොයන්න, ඔබ සැමගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න, එක එකා තම තමාගේ ගෙදරට හැරී යන්න; මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කියන්නැයි කීය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ වචනවලට ඇහුම්කන්දී, යෙරොබොවම්ට විරුද්ධව නොගොස් හැරී ආවෝය.
5
රෙහොබොවම් යෙරුසලමෙහි වාසයකරමින් ආරක්ෂාව පිණිස යුදාහි නුවරවල් ගොඩනැඟුවේය.
6
ඔහු බෙත්-ලෙහෙම්, ඒතාම්, තෙකෝවා,
7
බෙත්-ශූර්, සෝකෝ, අදුල්ලාම්,
8
ගාත්, මාරෙෂා, ශීප්,
9
අදොරයිම්, ලාකීෂ්, අසේකා,
10
ශොරා, අයාලොන්, හෙබ්‍රොන් යන යුදාහිද බෙන්යමින්හිද තිබෙන නුවරවල් බලකොටු නුවරවල් කෙළේය.
11
ඔහු බලකොටු සවිකර, එහි අධිපතීන් සිටුවා, ආහාර සහ තෙල්ද මුද්‍රිකපානයද රැස්කොට තැබුවේය.
12
යළිත් හෙතෙම එක එක නුවර පලිස් සහ හෙල්ල තබා, ඒවා ඉතා බලවත් ලෙස සවිකෙළේය. ඔහුට තිබුණේ යුදා සහ බෙන්යමින් ප්‍රදේශවල්ය.
13
සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටි පූජකයෝද ලෙවීවරුද තමුන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙතට ආවෝය.
14
මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේ ගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යුදාටත් යෙරුසලමටත් ආවෝය.
15
තවද ඔහු තමා විසින් සෑදූ උස්තැන්වලටත් එළුවන්ටත් වස්සන්ටත් පූජකයන් පත්කරගත්තේය.
16
යළිදු, ලෙවීවරුන්ට පසු සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගත් අය තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජාකරන පිණිස යෙරුසලමට ආවෝය.
17
මෙසේ ඔව්හු යුදා රාජ්‍යය ශක්තිමත්කොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් තුන් අවුරුද්දකට ස්ථිරකළෝය. මක්නිසාද ඔව්හු තුන් අවුරුද්දක් දාවිත්ගේද සාලමොන්ගේද මාර්ගයෙහි හැසුරුණෝය.
18
තවද රෙහොබොවම් දාවිත්ගේ පුත්‍රවූ යෙරිමොත්ගේද යෙස්සේගේ පුත්‍රවූ එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේද දූවූ මාහලත් භාර්යාව කොට පාවාගත්තේය.
19
ඈ යෙවූෂ්ද ෂෙමරියාද සාහම්ද යන පුත්‍රයන් ඔහු නිසා බිහිකළාය.
20
ඈට පසුව ඔහු අබ්සලොම්ගේ දූවූ මයකා පාවාගත්තේය; ඈ අබියාද අත්තයිද සීසාද ෂෙලොමිත්ද ඔහු නිසා බිහිකළාය.
21
රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.
22
රෙහොබොවම් වනාහි මයකාගේ පුත්‍රවූ අබියා රජකමට පත්කරන්නට සිතා ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත්කෙළේය.
23
ඔහු නුවණින් හැසිර, තමාගේ සියලු පුත්‍රයන්ගෙන් කීපදෙනෙක් යුදාහිත් බෙන්යමින්හිත් පළාත් මුළුල්ලෙහි එනම් සියලු බලකොටු නුවරවලට බෙදා යවා, බොහෝසෙයින් ඔවුන්ට ආහාර දුන්නේය. ඔවුන්ට බොහෝ භාර්යාවන්ද සොයාදුන්නේය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36