bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 21
2 Chronicles 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 22 →
1
යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය.
2
යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝවූ අසරියාද යෙහීයෙල්ද සෙකරියාද අසරියාද මීකායෙල්ද ෂෙපාටියාද යන මොව්හු ඔහුගේ සහෝදරයෝය. මේ සියල්ලෝ ඉශ්රායෙල් රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝය.
3
ඔවුන්ගේ පියා රන් රිදීද අනර්ඝ දේවල්ද වන බොහෝ තෑගි යුදාහි බලකොටු නුවරවල් ඇතුළුව ඔවුන්ට දුන්නේය. නුමුත් යෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය දුන්නේය.
4
යෙහෝරාම්ද තමාගේ පියාගේ රාජ්‍යයට පැමිණ බලවත්වූ කල, තමාගේ සියලු සහෝදරයන්ද ඉශ්රායෙල්හි සමහර අධිපතීන්ද කඩුවෙන් මැරීය.
5
යෙහෝරාම් තිස් දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි අට අවුරුද්දක් රජකම්කෙළේය.
6
ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුවෙක් සරණපාවාගත්තේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
7
නුමුත් ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසාද ඔහුටත් ඔහුගේ දරුවන්ටත් සෑම කල්හිම පහනක් දෙන්ට පොරොන්දුවූ නිසාද දාවිත්ගේ වංශය නැතිකරන්ට අකැමැතිවූසේක.
8
ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා යුදාවරුන් යටතෙන් අහක්ව, තමුන් කෙරෙහි රජෙකු පත්කරගත්තෝය.
9
එවිට යෙහෝරාම් තමාගේ අධිපතීන්ද සියලු රථද සමඟ ගොස් රාත්‍රියේ නැගිට තමා වටකර සිටි ඒදොම්වරුන්ටත් රථාධිපතීන්ටත් පහරදුන්නේය.
10
මෙසේ ඒදොම්වරු අද දක්වා යුදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.
11
ඇරත් ඔහු යුදා කඳුවල උස්තැන් සාදා යෙරුසලමේ වැසියන් වේශ්‍යාකමට පමුණුවා, යුදාවරුන් මුළාකෙරෙවුවේය.
12
තවද ප්‍රොපේතවූ එලියාගෙන් ඔහුට ලියවිල්ලක් ලැබුණේය, එනම්: ඔබේ පියවූ යෙහෝෂාපාට්ගේ මාර්ගවලත් යුදාහි රජවූ ආසාගේ මාර්ගවලත් ඔබ නොහැසිර,
13
ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යුදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, ඔබේ පියාගේ වංශය වන ඔබට වඩා යහපත්වූ ඔබේ සහෝදරයන් මැරූ බැවින්,
14
ස්වාමීන්වහන්සේ ඔබේ සෙනඟටත් ඔබේ දරුවන්ටත් ඔබේ භාර්යාවන්ටත් ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩාකරනවා ඇත.
15
ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටීයන ලෙස ඔබේ බඩවැල්වල දරුණු රෝග වන්නේයයි ඔබේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි එහි ලියා තිබුණේය.
16
ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළෙඹවූසේක.
17
ඔව්හු යුදාට විරුද්ධව අවුත් ඇතුළට වැද, රජගෙදර තිබුණු සම්පත් සියල්ලද ඔහුගේ පුත්‍රයන්ද භාර්යාවන්ද රැගෙන ගියෝය; ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයාවූ යෙහෝවාහාස් හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරිනොවීය.
18
මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල්වල වැළඳි අසාධ්‍ය රෝගයකින් ස්වාමීන්වහන්සේ ඔහුට පහරදුන්සේක.
19
කල්යාමෙන්, දෑවුරුද්දක් පසුවූ කල, ඔහුගේ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේය, ඔහු දරුණු රෝග වේදනාවෙන් මළේය. ඔහුගේ පියවරුන් ගැන ගිනි මැලයක් දැල්වූවාක් මෙන් ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනිමැලයක් නොදැල්වූහ.
20
ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36