bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 18
2 Chronicles 18
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 19 →
1
තවද යෙහෝෂාපාට්ට බොහෝසෙයින් වස්තුවද ගෞරවයද තිබුණේය; ඔහු ආහබ් සමඟ නෑකම් බැඳගත්තේය.
2
අවුරුදු ගණනකට පසු ඔහු සමාරියට ආහබ් ළඟට ගියේය. එවිට ආහබ් ඔහුද ඔහු සමඟ සිටි සෙනඟද උදෙසා බොහෝ බැටළුවන්ද ගවයන්ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්ට ඔහු පෙළඹෙවුවේය.
3
ඉශ්රායෙල් රජවූ ආහබ් නැවත යුදාහි රජවූ යෙහෝෂාපාට්ට කථාකොට: ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. ඔහුද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය; යුද්ධයේදී අපි ඔබ සමඟ සිටින්නෙමුයයි ඔහුට උත්තරදුන්නේය.
4
තවද යෙහෝෂාපාට්: අද ස්වාමීන්වහන්සේ ගේ වචනය විචාළ මැනවැයි ඉශ්රායෙල් රජුට කීවේය.
5
එකල ඉශ්රායෙල් රජ ගණනින් හාරසියයක්වූ ප්‍රොපේතවරුන් රැස්කොට: අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නොහොත් මා නොගොස් සිටින්ටදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හුද: ගිය මැනවි; දෙවියන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
6
නුමුත් යෙහෝෂාපාට් මොවුන් හැර අප විසින් විචාරන පිණිස ස්වාමීන්වහන්සේ ගේ ප්‍රොපේත කෙනෙක් මෙහි නැද්දැයි ඇසුවේය.
7
ඉශ්රායෙල් රජද: ස්වාමීන්වහන්සේ ගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත්‍රවූ මීකායා නම්වූ තව එක්කෙනෙක් සිටියි, නුමුත් ඔහු නිතරම මා ගැන නපුරක් මිස යහපතක් අනාගතවාක්‍යයෙන් නොකියන නිසා මම ඔහුට වෛරවෙමියි යෙහෝෂාපාට්ට කීවේය. යෙහෝෂාපාට්: රජ්ජුරුවෝ එසේ නොකියන්නයි කීවේය.
8
එවිට ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬ ගසා: ඉම්ලාගේ පුත්‍රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය.
9
ඉශ්රායෙල් රජද යුදාහි රජවූ යෙහෝෂාපාට්ද රාජවස්ත්‍ර හැඳ තම තමුන්ගේ සිංහාසනවල හිඳගත්තෝය, ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩිවී උන්නෝය; සියලු ප්‍රොපේතවරු ඔවුන් ඉදිරියෙහි අනාගතවාක්‍ය කීවෝය.
10
කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් විනාශවන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහිය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
11
සියලු ප්‍රොපේතවරුද එසේම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් සඵලවුණ මැනවි. ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
12
මීකායා කැඳවාගෙන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එක ලෙසම රජු ගැන යහපත්ව තිබේ. ඒ නිසා ඔබේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය.
13
මීකායාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
14
ඔහු රජු ළඟට ආකල රජු ඔහුට කථාකොට: මීකායා, අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නැතහොත් මා නොගොස් සිටින්ටදැයි ඔහුගෙන් ඇසුවේය; ඔහුද: ගොස් සඵලවෙන්න; ඔව්හු ඔබ සැම අතට පාවාදෙනු ලබන්නෝයයි කීය.
15
රජ තෙමේ: ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන ලෙස මම කී වරක් ඔබ දිවුරවම්දැයි ඔහුට කීය.
16
එවිට ඔහු කථාකොට: සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර ඉඳිනු දුටුමි. එවිට ස්වාමීන්වහන්සේ -මොවුන්ට ස්වාමියෙක් නැත; එකිනෙකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරීයේවයි කියා වදාළසේකැයි කීවේය.
17
ඉශ්රායෙල් රජද: ඔහු මා ගැන අනාගත වාක්‍යයෙන් නරකක් මිස යහපතක් නොකියන්නේය කියා මම ඔබට නොකීයෙම්දැයි යෙහෝෂාපාට්ට කීවේය.
18
මීකායා කථාකොට: එබැවින් ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේගේ දකුණු පැත්තේද වම් පැත්තේද සිටිනවාත් දුටුමි.
19
ස්වාමීන්වහන්සේ ද—ඉශ්රායෙල් රජවූ ආහබ් රාමොත්-ගිලියද්හිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු කැමතිකරවන්නේ කවුදැයි ඇසූසේක. එවිට එක්කෙනෙක් මේ ආකාරද අනික් කෙනෙක් ඒ ආකාරද කීවේය.
20
එකල ආත්මයක් ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට: මම ඔහු කැමතිකරවමියි කීය. කුමකින්දැයි ස්වාමීන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.
21
මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක්වෙමියි ඔහු කීවේය. උන්වහන්සේද: ඔබ ගොස් ඔහු පොළඹවා සඵලවන්නෙහිය. ගොස් එසේ කරන්නැයි කීසේක.
22
එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; ස්වාමීන්වහන්සේ ඔබ ගැන නරකක් කියා තිබේයයි කීවේය.
23
එවිට කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා ළංවී මීකායාගේ කම්මුලට ගසා: ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ඔබට කථාකරන්ට මා කෙරෙන් ගියේ මොන මාර්ගයෙන්දැයි ඇසුවේය.
24
මීකායාද: බලව, ඔබ සැඟවෙන්ට ඇතුල් ගෙයකට යන දවසේදී දැනගන්නෙහියයි කීවේය.
25
ඉශ්රායෙල් රජ: ඔබ සැම මීකායා රැගෙන නුවර අධිපතියාවූ ආමොන්ද රජුගේ පුත්‍රවූ යෝවාෂ්ද ළඟට ගෙනගොස්,
26
මොහු හිරගෙයිලා, මා සමාදානයෙන් හැරී එන තුරු මොහුට කන්ට දුක් කෑමද දුක් වතුරද දෙන්නය කියා කියන්නැයි කීවේය.
27
මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත් ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැතැයි කියා: ජනයෙනි, ඔබ සැම සියල්ලෝම අසන්නැයි කීවේය.
28
මෙසේ ඉශ්රායෙල් රජද යුදාහි රජවූ යෙහෝෂාපාට්ද රාමොත්-ගිලියද්ට ගියෝය.
29
ඉශ්රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට යන්නෙමි; නුමුත් ඔබ ඔබගේ වස්ත්‍ර හැඳගතමැනවියි කීවේය. මෙසේ ඉශ්රායෙල් රජ වෙස් මාරුකරගත්තේය; ඔව්හු සටනට ගියෝය.
30
සිරියේ රජ තමාගේ රථාධිපතීන්ට අණකරමින්: ඉශ්රායෙල් රජු සමඟ මිස ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැයි අණකර තිබුණේය.
31
රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක.
32
ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳ යාමෙන් ආපසු හැරුණෝය.
33
නුමුත් එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා නොදැනම ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: ඔබේ අත හරවා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මක්නිසාද මට හොඳටම තුවාලවීයයි රථාචාර්යයාට කීවේය.
34
ඒ දවසේ යුද්ධය තදබල විය. එසේවී නුමුත් ඉශ්රායෙල් රජ සවස්වෙන තුරු සිරියවරුන්ට ඉදිරි-පිට ආධාර ඇතුව රථයේ කෙළින් සිටුවනු ලැබ, ඉර බසින වේලාව පමණේදී මළේය.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36