bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 23
2 Chronicles 23
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 24 →
1
සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා ධෛර්ය උපදවාගන, ශතාධිපතීන් වන යෙරොහාම්ගේ පුත්‍රවූ අසරියාද යෙහෝහානාන්ගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත්‍රවූ අසරියාද අදායාගේ පුත්‍රවූ මයසේයාද සික්රීගේ පුත්‍රවූ එලීෂාපාට්ද ගිවිසුමකින් බැඳ ගත්තේය.
2
ඔව්හු යුදාහි ඔබ මොබ ගොස්, යුදාහි සියලු නුවරවලින් ලෙවීවරුන්ද ඉශ්රායෙල්වරුන්ගේ පියවංශවල ප්‍රධානීන්ද රැස්කරගෙන යෙරුසලමට ආවෝය.
3
මුළු සභාව දෙවියන්වහන්සේගේ ගෘහයේදී රජු හා සමඟ ගිවිසුමක් කරගත්තාය. යෙහෝයාදා ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජවිය යුතුය.
4
ඔබ සැම කරන්ට ඕනෑ දේ මේය: සබත් දවසේදී ඇතුල්වෙන පූජකයන්ද ලෙවීවරුන්ද වන ඔබ සැමගෙන් තුනෙන් කොටසක් දොරටුපාලයන් විය යුතුය;
5
තුනෙන් කොටසක් රජගෙයිද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහිද සිටිය යුතුය. මුළු සෙනඟද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි මණ්ඩපවල සිටිත්වා.
6
නුමුත් පූජකයන්ද ලෙවීවරුන්ගෙන් සේවයකරන්නන්ද හැර වෙන කිසිවෙක් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ඇතුල් නොවේවා; ඔව්හු විශුද්ධව සිටින නිසා ඇතුල්වෙත්වා. නුමුත් මුළු සෙනඟ ස්වාමීන්වහන්සේ ගේ නියමය පවත්වාවා.
7
ලෙවීවරුද එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිත්වා; ගෘහයට ඇතුල්වෙන කවුරු නුමුත් මරනු ලබාවා. රජු ඇතුල්වන කල්හිද පිටත යන කල්හිද ඔබ සැම ඔහු සමඟ සිටින්නැයි කීවේය.
8
ලෙවීවරුද සියලු යුදාවරුද යෙහෝයාදා පූජකයා විසින් අණකළ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝය; මක්නිසාද යෙහෝයාදා පූජක තෙම රැකවල් පංක්ති නිදහස්කර නොහැරියේය.
9
යෙහෝයාදා පූජකයා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල සහ පලිස්ද මහ පලිස්ද ශතාධිපතීන්ටදී,
10
මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධය අතේ ඇතුව ගෘහයේ දකුණු පැත්තේ සිට ගෘහයේ වම්පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටෙවුවේය.
11
එවිට ඔව්හු රාජ පුත්‍රයා පිටතට ගෙනවුත් ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත්කළෝය. යෙහෝයාදාද ඔහුගේ පුත්‍රයෝද ඔහු ආලේපකොට: රජ සැරදේවයි කීවෝය.
12
සෙනඟ දුවමින් රජු වර්ණනාකරන ඝෝෂාව අතලියාට ඇසුණ විට, ඈ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි සිටි සෙනඟ ළඟට ආවාය.
13
ඈ බැලූ විට ඇතුල්වෙන තැන රජ තමාගේ මංචකය උඩ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත්, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත්ව හොරණෑ, පිඹිනවාත්, ගීකියන්නන්ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන්ද ප්‍රශංසා ගී කියනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමයයි කීවාය.
14
එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන් පිටතට ගෙනවුත් ඔවුන්ට කථාකොට: ඇය පේළි අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.
15
ඈට දෙපසින් ඉඩඇරිය විට ඈ රජගෙදරට අශ්ව දොරටුවෙන් ගියාය. එහිදී ඔව්හු ඈ මැරුවෝය.
16
ස්වාමීන්වහන්සේ ගේ සෙනඟව සිටින ලෙස යෙහෝයාදා තමා සහ මුළු සෙනඟත් රජුත් අතරේ ගිවිසුමක් කෙළේය.
17
මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩාදමා, ඔහුගේ පූජාසනද ඔහුගේ පිළිමද බිඳදමා, පූජාසන ඉදිරියේදී බාල්ගේ පූජකයාවූ මත්තන් මැරුවෝය.
18
තවද දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතියද ගීකීමද ඇතුව ස්වාමීන්වහන්සේ ගේ දවන පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පුකිරීමට, යෙහෝයාදා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මෙහෙයවල් දාවිත් විසින් ස්වාමීන්වහන්සේ ගේ ගෘහය කෙරෙහි බෙදා නියමකළ ලෙවීවරුන්වූ පූජකයන් අතට භාරකෙළේය.
19
යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙක් ඇතුල් නොවන පිණිස ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ දොරකඩවල දොරටුපාලයන් සිටෙවුවේය.
20
තවද ඔහු ශතාධිපතීන්ද වංශාධිපතීන්ද සෙනඟගේ ආණ්ඩුකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ සිට රජු ගෙනගියේය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජගෙට පැමිණ රජ්ජුරුවන් රාජාසනයෙහි හිදෙවුවෝය. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූහ,
21
නුවරද නිශ්චලව තිබුණාය. තවද ඔව්හු අතලියා කඩුවෙන් මැරුවෝය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36