bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 28
2 Chronicles 28
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 29 →
1
ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය.
2
ඔහු තමාගේ පියවූ දාවිත් කළාක් මෙන් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකොට, ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගවල හැසිරෙමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිමද සෑදුවේය.
3
ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.
4
ඔහු උස්තැන්වලත් හෙල් පිටත් සියලු අමු ගස් යටත් පූජාද සුවඳ දුම්ද ඔප්පුකෙළේය.
5
ඒ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සිරියේ රජු අතට පාවාදුන්සේක; සිරියවරු ඔහුට පහරදී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙනගියෝය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවී ඒ රජ තෙමේ මහත් මැරීමකින් ඔහුට පහර දුන්නේය.
6
රෙමලියාගේ පුත්‍රවූ පෙකා බලවන්තයන්ව සිටි එක්ලක්ෂ විසි දහසක් එක දවසේ යුදාහිදී මැරුවේය; මෙසේ වුණේ ඔවුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.
7
එප්‍රායිම්හි බලසම්පන්න මනුෂ්‍යයෙක්වූ සික්රී තෙම රජුගේ පුත්‍රවූ මයසේයාද රජ ගෙයි අධිපතියාවූ අස්රිකාම්ද රජුගේ දෙවෙනියාවූ එල්කානාද මැරුවේය.
8
තවද ඉශ්රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන්ද පුත්‍රයන්ද දූවරුන්ද දෙලක්ෂයක් අල්ලාගන, ඔවුන්ගෙන් මහත් කොල්ලයකුත් රැගෙන, ඒ කොල්ලය සමාරියට ගෙනගියෝය.
9
නුමුත් එහි සිටි ඕදෙද් යන නමැති ස්වාමීන්වහන්සේ ගේ ප්‍රොපේත කෙනෙක් සමාරියට ආ සේනාව සම්මුඛවෙන්ට පිටත්ව ගොස් ඔවුන්ට කථාකොට: ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යුදා කෙරෙහි උදහස්වූ නිසා උන්වහන්සේ ඔවුන් ඔබ සැම අතට පාවාදුන්සේක, ඔබ සැම අහසට නැගෙන තරම් මහත් කෝපයකින් ඔවුන් මැරුවහුය.
10
දැනුත් යුදාහිද යෙරුසලමේද දරුවන් දාසයන්ද දාසීන්ද කොට යටත්කරගන්ට ඔබ සැම අදහස් කරන්නහුය. නුමුත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කළ අපරාධ ඔබ සැම පිටත් නැද්ද?
11
එබැවින් මට ඇහුම්කන්දී ඔබ සැමගේ සහෝදරයන්ගෙන් අල්වාගත් තැනැත්තන් ආපසු යවන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ තද උදහස ඔබ සැම කෙරෙහි තිබේයයි කීවේය.
12
එකල එප්‍රායිම් පුත්‍රයන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙක් වූ යොහානාන්ගේ පුත්‍රවූ අසරියාද මෙෂිල්ලේ-මොත්ගේ පුත්‍රවූ බෙරෙකියාද ෂල්ලුම්ගේ පුත්‍රවූ යෙහිස්කියාද හද්ලයිගේ පුත්‍රවූ අමාසාද යුද්ධයෙන් ආ අයට විරුද්ධව නැගිට සිට,
13
ඔවුන්ට කථාකොට: අල්ලාගන ආ තැනැත්තන් මෙහි නොගෙනායුතුය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ට විරුද්ධව අප කළ වරද හැර අපේ පාප සහ අපේ අපරාධ වැඩිකරන්ට ඔබ සැම සිතන්නහුය. මක්නිසාද අපේ අපරාධය මහත්ය, තද උදහසද ඉශ්රායෙල් කෙරෙහි තිබේයයි කීවේය.
14
එවිට ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අයින් සහ කොල්ලය අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැරදමා ගියෝය.
15
එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.
16
ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාරකරන්ට කියා අෂූර්හි රජුන් වෙතට පණිවිඩයක් ඇරියේය.
17
මක්නිසාද ඒදොම්වරු නැවත ඇවිත් යුදාවරුන්ට පහරදී සමහරුන් අල්ලාගන ගියෝය.
18
පිලිස්තිවරුද පාත රටේ සහ යුදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය.
19
මක්නිසාද යුදාහි රජවූ ආහාස් යුදාවරුන් සල්ලාලකමට පමුණුවා ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ද්‍රෝහිකම්කළ බැවින්, ස්වාමීන්වහන්සේ යුදා මනුෂ්‍යයන් යටත්කළසේක.
20
අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නේසර් ඔහු වෙතට ඇවිත් ඔහුට පීඩාකළා මිස ඔහු ශක්තිමත් කළේ නැත.
21
ආහාස් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙන්ද රජුගෙත් අධිපතීන්ගෙත් ගෙදරවලින්ද වස්තු රැගෙන අෂූර්හි රජුට දුන් නුමුත් එයින් ඔහුට පලක් නොවීය.
22
මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තව ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ද්‍රෝහිකම්කෙළේය.
23
තමාට පහරදුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජාකොට: සිරියේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවෙන බැවින් ඔවුන් මටත් පිහිටවෙන පිණිස මම ඔවුන්ට පූජාකරමියි කීය. නුමුත් ඔව්හු ඔහුගේද මුළු ඉශ්‍රායෙල්ගේද විනාශයට හේතුවූහ.
24
ආහාස් දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ එකතුකර, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ කැබෙලිකොට කපා, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ දොරවල් වසා, යෙරුසලමේ සියලු මුළුවල පූජාසන සාදාගත්තේය.
25
යුදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.
26
මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු මාර්ගද යුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
27
ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36