bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 31
2 Chronicles 31
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 32 →
1
මේ සියල්ල නිමවූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු යුදාහි නුවරවලට ගොස් රූපස්තම්භ බිඳදමා, අෂේරා කණු කපාදමා, මුළු යුදාගෙන්ද බෙන්යමින්ගෙන්ද එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද උස්තැන් සහ පූජාසන නැතිවීයන තුරු ඒවා කඩාදැමුවෝය. ඉන්පසු සියලු ඉශ්රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ නුවරවල තම තමුන්ගේ උරුම දේශවලට හැරී ගියෝය.
2
හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේ ගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.
3
තවද ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිද්දෙන් දවන පූජා සඳහා එනම් උදේ සවස දවන පූජාද සබත් දවස්, අමාවක් සහ නියම මංගල්‍ය සම්බන්ධ දවන පූජාද සඳහා ඔහු ස්වකීය සම්පතින් රාජ කොටස නියමකෙළේය.
4
ඇරත් පූජකයන්ද ලෙවීවරුන්ද ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටින පිණිස ඔවුන්ගේ කොටස දෙන්ට කියා ඔහු යෙරුසලමෙහි විසූ සෙනඟට අණකෙළේය.
5
මේ ආඥාව පතළවුණ විට ඉශ්රායෙල් පුත්‍රයෝ බොහෝසෙයින්ම ධාන්‍යවලත් මුද්‍රික යුසයෙත් තෙල්වලත් මීපැණිවලත් භූමියේ සියලු අස්වැන්නෙහිත් ප්‍රථමඵල සහ සියල්ලෙන් දසයෙන් කොටසක්ද යහමින් ගෙනාවෝය.
6
යුදාහි නුවරවල විසූ ඉශ්රායෙල් සහ යුදා පුත්‍රයෝ ගොනුන්ගෙනුත් බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාවෝය, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට කැපකළාවූ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක්ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය.
7
ඔව්හු තුන්වෙනි මාසයේදී ඒ ගොඩවල් තබන්ට පටන්ගෙන හත්වෙනි මාසයේදී නිමකළෝය.
8
හෙසකියාද අධිපතීහුද ඇවිත් ගොඩවල් බලා ස්වාමීන්වහන්සේ ටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්රායෙල්ටත් ප්‍රශංසාකළෝය.
9
හෙසකියා ඒ ගොඩවල් ගැන පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද විභාගකෙළේය.
10
එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයාවූ අසරියා ඔහුට උත්තරදෙමින්: සෙනඟ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට පඬුරු ගෙනෙන්ට පටන්ගත්දා සිට අපි සෑහෙන පමණ කා බොහෝ සෙයින් ඉතුරු කෙළෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාදකළසේක; මේ රාශියද ඉතිරිවී තිබේයයි කීවෝය.
11
එකල හෙසකියා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි ඇතුල්ගෙවල් පිළියෙළකරන්ට අණකෙළේය; ඔව්හු එසේ පිළියෙළකොට,
12
පඬුරුද දසයෙන් කොටස්ද කැපකළ දේවල්ද විශ්වාසලෙස ඇතුළට ගෙනාවෝය. ලෙවීයවූ කොනනියා ඒවා බලාගැනීමට පත්ව සිටියේය, ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවෙනියාව සිටියේය.
13
හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.
14
නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේ ගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.
15
ඔහු යටතේ වාර පිළිවෙළින් තමුන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදාදෙන පිණිස ඒදෙන්ද මිනියාමින්ද යේෂුවාද ෂෙමායාද අමරියාද ෂෙකනියාද පූජකයන්ගේ නුවරවල පත්ව සිටියෝය.
16
තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියවුණ ඔවුන්ගේ පිරිමින් හැර තමුන්ගේ පංක්තිවල හැටියට තමුන්ගේ තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ඇතුල්වූ සියල්ලන්ටත් එසේ දුන්නෝය.
17
එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,
18
ලියවුණාවූ ඔවුන්ගේ සියලු බාලයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද යන මුළු සභාවට දුන්නෝය. තවද තමුන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධව සිටියෝය.
19
තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.
20
හෙසකියා යුදා මුළුල්ලෙහි මෙසේ කරමින් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව, හරිව, යුතුව තිබුණු දේ කෙළේය.
21
ඔහු තමාගේ දෙවියන්වහන්සේ සොයමින් උන්වහන්සේගේ ගෘහයේ මෙහෙයද ව්‍යවස්ථාවද ආඥාවද සම්බන්ධව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ටකොට සඵලවිය.
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 32 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36