bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 24
2 Chronicles 24
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 25 →
1
යෝවාෂ් සත් අවුරුදු වයසේ රජවී යෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම ශීබියාය, ඈ බෙයෙර්-ෂෙබාහි ස්ත්‍රියෙක්ය.
2
යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෝවාෂ් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
3
යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු ගෙනදුන්නේය; ඔහුට දාව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.
4
ඉන්පසු යෝවාෂ් ස්වාමීන්වහන්සේ ගේ ගෘහය ප්‍රකෘතිමත්කරන්ට සිතට ගෙන,
5
පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කරගෙන ඔවුන්ට කියනුයේ: ඔබ සැම යුදාහි නුවරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් මුදල් එකතුකරන්න, ඒ කාරණය ගැන ඉක්මන්වෙන්නැයි කීවේය. නුමුත් ලෙවීවරු ඉක්මන් නොවූහ.
6
එවිට රජ තෙමේ ප්‍රධානියාවූ යෙහෝයාදා කැඳවා: ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්රායෙල් සභාවද විසින් සාක්ෂි-කූඩාරම උදෙසා නියමකළ සුංගම් මිල ලෙවීවරුන් විසින් යුදා සහ යෙරුසලමෙන් එකතුකර ගෙනෙන හැටියට ඔබ බලානොගත්තේ මක්නිසාදැයි ඇසුවේය.
7
මක්නිසාද දුෂ්ටවූ අතලියා සහ ඇගේ පුත්‍රයෝ දෙවියන්වහන්සේගේ ගෘහය කඩා, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ කැපවූ සියලු දේවල් බාල් දේවතාවුන් උදෙසා පාවිච්චියට ගත්තෝය.
8
තවද පෙට්ටියක් සාදා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණකෙළේය.
9
එවිට දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් කාන්තාරයේදී ඉශ්රායෙල්ට නියමකළ සුංගම ස්වාමීන්වහන්සේ උදෙසා ගෙනෙන්ට කියා යුදාහි සහ යෙරුසලමෙහි ප්‍රසිද්ධියක් කරනලද්දේය.
10
එවිට සියලු අධිපතීහුද මුළු සෙනඟද සන්තෝෂව, තීන්දුවෙන තුරු මුදල් ගෙනැවිත් පෙට්ටියේ දැම්මෝය.
11
මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ ගබඩාවට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම්ද උත්තම පූජකයාගේ සේවකයාද ඇවිත් පෙට්ටිය හිස්කර, ඒක නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබුවෝය. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මිල එකතුකළෝය.
12
රජු සහ යෙහෝයාදා ස්වාමීන්වහන්සේ ගේ ගෘහ මෙහෙයේ කටයුතු කරවන්නන්ට ඒවා දුන්නෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන්ද වඩුවන්ද ස්වාමීන්වහන්සේ ගේ ගෘහය හරිගැස්සීමට යකඩ සහ පිත්තල වැඩ කරන්නන්ද කුලියට ගත්තෝය.
13
කම්කරුවෝ වීර්යයෙන් වැඩකළෝය, මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණකරනලද්දේය; ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය නිසි ලෙස පිහිටුවා ඒක සවිකළෝය.
14
වැඩ නිමකළ පසු ඔව්හු ඉතිරි මිල රජු සහ යෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝය, එයින් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට භාණ්ඩ එනම් මෙහෙයටත් පූජා ඔප්පුකිරීමටත් බඩුද හැඳිද රන් රිදී භාජනද සාදනලද්දේය. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ දවන පූජා නිතරම ඔප්පුකරනලද්දේය.
15
නුමුත් යෙහෝයාදා මහලුව වයසින් පූර්ණව මළේය; මැරෙන කල ඔහු අවුරුදු එකසිය තිහක් වයස්ව සිටියේය.
16
ඔහු ඉශ්‍රායෙල්හිද දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෘහය උදෙසාද යහපතකළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත්කරනු ලැබීය.
17
යෙහෝයාදා මැරුණු පසු යුදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන්දුන්නේය.
18
ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහය අත්හැර අෂේරා කණුවලටත් පිළිමවලටත් සේවයකළෝය. ඔවුන්ගේ මේ වරද නිසා යුදාද යෙරුසලමද පිටට උදහස පැමිණියේය.
19
නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.
20
දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? ඔබ සැමට සඵලයක් නොවන්නේය. ඔබ සැම ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් ඔබ සැම අත්හැරියසේකැයි කීවේය.
21
ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.
22
මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය.
23
ඊළඟ අවුරුද්දෙහි සිරියවරුන්ගේ සේනාව ඔහුට විරුද්ධව ආවෝය. ඔව්හු යුදාටත් යෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකරදමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට ඇරියෝය.
24
සිරියවරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙක්ව පැමිණි නුමුත්, යුදාවරුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා ස්වාමීන්වහන්සේ ඉතා මහත් සේනාවක් ඔවුන් අතට පාවාදුන්සේක. මෙසේ ඔව්හු යෝවාෂ් කෙරෙහි දඬුවම් පැමිණෙවුවෝය.
25
ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය.
26
ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකළ අය නම්: අම්මොනිය ස්ත්‍රියෙක් වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ සාබාත් සහ මෝවබිය ස්ත්‍රියෙක් වන ෂිම්රීත්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ය.
27
ඔහුගේ පුත්‍රයන් ගැනද ඔහු පිට තබනලද බරේ මහත්කම සහ දෙවියන්වහන්සේගේ ගෘහය දෙවනු ගොඩනැගීම ගැනද රාජාවලි අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36