bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 25
2 Chronicles 25
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 26 →
1
අමශියා විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දාන්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
2
ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් සම්පූර්ණ සිතකින් නොවේය.
3
තවද රජකම ඔහු කෙරෙහි ස්ථිර වුණ කල, ඔහු තමාගේ පිය රජ්ජුරුවන් මැරුවාවූ තමාගේ සේවකයන් මරාදැම්මේය.
4
නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා, එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ ලෙස, මෝසෙස්ගේ පොතේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේය.
5
තවද අමශියා යුදාවරුන් රැස්කර, මුළු යුදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය.
6
තවද ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ත සියයකට කුලියට ගත්තේය.
7
නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්: රජ්ජුරුවෙනි, සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉශ්රායෙල්වරුන් සමඟ ස්වාමීන්වහන්සේ නොසිටින නිසා ඉශ්රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.
8
නුමුත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත්වී සටනට බලවත් වෙන්න; දෙවියන්වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළාදමනසේක; මක්නිසාද උපකාරකරන්ටත් හෙළාදමන්ටත් දෙවියන්වහන්සේට බලය ඇත්තේයයි කීවේය.
9
අමශියාද: එසේ නම් මා ඉශ්රායෙල් සේනාවට දුන් තලෙන්ත සියය ගැන අපි මක්කරමුදැයි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගෙන් ඇසුවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: ඊට වඩා ඔබට දෙන්ට ස්වාමීන්වහන්සේ ට පුළුවනැයි කීවේය.
10
එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙතට ආ හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන්කෙළේය. ඒ නිසා ඔවුන්ගේ කෝපය යුදා කෙරෙහි බොහෝසෙයින් ඇවිළ, ඔව්හු තද කෝපයෙන් තමුන්ගේ ස්ථානයට හැරී ගියෝය.
11
ඉක්බිති අමශියා ධෛර්ය උපදවා, තමාගේ සෙනඟ කැඳවාගෙන ලුණු මිටියාවතට පැමිණ සෙයිර් පුත්‍රයන්ගෙන් දසදහසක් මැරීය.
12
යුදා පුත්‍රයෝ තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝය, ඔවුන් සියල්ලෝද සුනුවිසුනු වූහ.
13
අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යුදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.
14
අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය.
15
එවිට ස්වාමීන්වහන්සේ ගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේය, උන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඔහු වෙතට යැවූසේක. ඔහු කථාකොට: තමුන්ගේ සෙනඟ ඔබේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මක්නිසා හැරුණෙහිදැයි ඔහුගෙන් ඇසුවේය.
16
මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: ඔබ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; ඔබ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: ඔබ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ ඔබ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.
17
එකල යුදාහි රජවූ අමශියා මන්ත්‍රණයකොට: එන්න, අපි මුණගැසෙමුව කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාස්ගේ පුත්‍රයා වන ඉශ්රායෙල් රජවූ යෝවාෂ්ට කියා හැරියේය.
18
ඉශ්රායෙල් රජවූ යෝවාෂ් උත්තරදෙමින්: ඔබේ දුව මාගේ පුත්‍රයාට භාර්යා කොට පාවාදෙන්නැයි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වනමෘගයෙක් එහි යන විට ගොකටු ගස පාගාදැමීය.
19
මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි ඔබ කියයි; ඔබේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; ඔබද ඔබ සමඟ යුදාවරුන්ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යුදාහි රජවූ අමශියාට කියා හැරියේය.
20
නුමුත් අමශියා ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙතට හැරුණු බැවින් ඔවුන් පාවාදෙන පිණිස ඒක දෙවියන්වහන්සේ කෙරෙන් පැමුණුණේය.
21
මෙසේ ඉශ්රායෙල්හි රජවූ යෝවාෂ් පිටතට ගියේය; ඔහුද යුදාහි රජවූ අමශියාද යුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී මුණගැසුණෝය.
22
යුදාවරුන් ඉශ්රායෙල්වරුන්ට පරාජයවී එක් එක්කෙනා තම තමාගේ කූඩාරමට පලාගියේය.
23
ඉශ්රායෙල්හි රජවූ යෝවාෂ් තෙමේ යෙහෝවාහාශ්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ පුත්‍රයා වන යුදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ගෙනවුත්, එප්‍රායිම් දොරටුව සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙළා,
24
දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඕබෙද්-ඒදොම් ළඟ තිබුණු රන් රිදී සියල්ලද සියලු භාජනද රජ ගෙයි වස්තුද ඇපකාරයන්ද රැගෙන සමාරියට හැරීගියේය.
25
යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්රායෙල් රජවූ යෝවාෂ්ගේ මරණයෙන් පසු යුදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්ව සිටියේය.
26
අමශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා යුදාහි රජුන්ගේද ඉශ්රායෙල් රජුන්ගේද පොතෙහි ලියා තිබෙනවා නොවේද?
27
අමශියා ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගිය පසු මනුෂ්‍යයෝ යෙරුසලමෙහි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහිදී ඔහු මරා,
28
අශ්වයන් පිට තබා ගෙනවුත්, දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කළෝය.
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36