bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 12
2 Chronicles 12
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 13 →
1
තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්රායෙල්වරුත් ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව අත්හැරියෝය.
2
ඔවුන් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ද්‍රෝහිකම්කළ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක්,
3
දොළොස් සියයක් රථද සැටදහසක් අසරුවන්ද ඇතුව යෙරුසලමට විරුද්ධව ආයේය; ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලූබ්වරුද සුක්කිවරුද කූෂ්වරුද ගණනාවක් නැතුව සිටියෝය.
4
ඔහු යුදාට අයිති බලකොටු නුවරවල් අල්ලා පසුව යෙරුසලම දක්වා ආයේය.
5
එවිට ප්‍රොපේතවූ ෂෙමායා රෙහොබොවම් වෙතටත් ෂීෂක්ට භයින් යෙරුසලමෙහි රැස්ව සිටි යුදාහි අධිපතීන් වෙතටත් ඇවිත් ඔවුන්ට කථාකොට: ඔබ සැම මා අත්හැරියහුය, එබැවින් මමත් ඔබ සැම ෂීෂක් අතට අත්හැරියෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
6
එවිට ඉශ්රායෙල්හි අධිපතීහුද රජද යටත්වී: ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේකැයි කීවේය.
7
ඔවුන් යටත්වූ බව ස්වාමීන්වහන්සේ දුටු විට උන්වහන්සේගේ වචනය ෂෙමායා වෙතට පැමිණ: ඔව්හු යටත්වූවෝය; මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි, මාගේ උදහසද ෂීෂක් අතින් යෙරුසලම පිටට වගුරුවනු නොලබන්නේය.
8
එසේවී නුමුත් මාගේ සේවයද දේශවල රාජ්‍යයන්ගේ සේවයද ඔවුන් දැනගන්නා පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ යයි වදාළසේක.
9
මෙසේ මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ වස්තුද රජගෙයි තිබුණු වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම ගෙනගියේය. සාලමොන් සෑදූ රන් පලිස්ද ඔහු ගෙනගියේය.
10
රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල්කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.
11
රජු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා ඔසවාගෙන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.
12
තවද ඔහු යටත්වුණ විට ඔහු මුළුමනින්ම විනාශනොකරන හැටියට ස්වාමීන්වහන්සේ ගේ උදහස ඔහු කෙරෙන් හැරුණේය. ඇරත් යුදාහිද යහපත් දේ සම්බවුණේය.
13
මෙසේ රෙහොබොවම් රජ යෙරුසලමෙහි ස්ථිරවී රජකම්කෙළේය. රෙහොබොවම් තෙම රජවෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමෙහි දහහත් අවුරුද්දක් රජකම්කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.
14
ඔහු ස්වාමීන්වහන්සේ සෙවීමට තමාගේ සිත යොමුනොකර නපුරුකම් කෙළේය.
15
මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.
16
රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ අබියා ඔහු වෙනුවට රජවුණේය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36