bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 26
2 Chronicles 26
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 27 →
1
එකල යුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්වූ උස්සියා කැඳවාගන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.
2
රජු තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා එය යුදාට නැවත අයිතිකරගත්තේය.
3
උස්සියා දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකිලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
4
ඔහු මාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
5
දේවදර්ශන පිළිබඳ තේරුම් ඇත්තාවූ ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන්වහන්සේ සෙවුවේය. ඔහු ස්වාමීන්වහන්සේ සෙවූතාක්ම දෙවියන්වහන්සේ ඔහු සඵල කළ සේක.
6
ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට, ගාත්හි පවුරත් යබ්නෙහි පවුරත් අෂ්දෝද්හි පවුරත් බිඳදමා, අෂ්දෝද් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩනැඟුවේය.
7
දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ටත් ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත් මෙයූනිවරුන්ටත් විරුද්ධව ඔහුට උපකාරකළසේක.
8
අම්මොනිවරුත් උස්සියාට තෑගි දුන්නෝය. ඔහු ඉතාම බලවත්වූ බැවින් ඔහුගේ නාමය මිසරයේ සීමාව දක්වා පතළව ගියේය.
9
තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.
10
ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.
11
යුද්ධයට යන්නාවූ සේනාවක්ද උස්සියාට සිටියාය. ලේකම් වන යෙයියෙල් විසින්ද මුලාදෑනියාවූ මයසේයා විසින්ද ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙක්වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය.
12
බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පියවංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදාස් හසියයක්ය.
13
ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.
14
උස්සියා ඒ මුළු සේනාවට පලිස්ද හෙල්ලද තොප්පිද යුද්ධ සැට්ටද දුනුද වීසිකිරීමට ගල්ද පිළියෙළ කෙළේය.
15
තවද ඔහු ඊගස්වලින්ද ලොකු ගල්වලින්ද විදින්ට මුර කොටු උඩත් කොත් උඩත් තබන පිණිස දක්ෂ මිනිසුන් විසින් සොයා දැනගත් යන්ත්‍ර යෙරුසලමෙහි සෑදෙවුවේය. ඔහුගේ නාමය දස දෙස පතළව ගියේය; මක්නිසාද බලවත්වන ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණේය.
16
නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේ ගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව වරද කෙළේය.
17
නුමුත් අසරියා පූජකයාද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමීන්වහන්සේ ගේ පූජකයන් අසූ දෙනෙක්ද උස්සියා රජු පස්සේ ගොස් ඇතුල්වී,
18
ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේ ගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.
19
එවිට උස්සියා උදහස් විය; සුවඳ දුම් ඔප්පුකිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේය; ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමඟ උදහස්ව සිටියදී, පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය හටගත්තේය.
20
උත්තම පූජකයාවූ අසරියාද සියලු පූජකයෝද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය තිබෙන බව දැක, ඔහු එතනින් වහාම නෙරපාදැමුවෝය; එසේය, ස්වාමීන්වහන්සේ තමාට පහරදුන් නිසා පිටතට යන්ට ඔහුම ඉක්මන්කෙළේය.
21
උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව සිටියේය, කුෂ්ඨරෝගියෙක් ලෙස වෙන්වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසයකෙළේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ඇතුල්වීම ඔහුට තහනම්ව තිබුණේය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.
22
උස්සියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොශ්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා විසින් ලියනලද්දේය.
23
උස්සියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; මනුෂ්‍යයෝ ඔහු කුෂ්ඨරෝගියෙක් කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන්පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36