bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 34
2 Chronicles 34
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 35 →
1
යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස්එක අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.
2
ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කරමින්, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පියවූ දාවිත්ගේ මාර්ගවල හැසුරුණේය.
3
ඔහුගේ රජකම්කිරීමේ අටවෙනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම, තමාගේ පියවූ දාවිත්ගේ දෙවියන්වහන්සේ සොයන්ට පටන්ගෙන, දොළොස්වෙනි අවුරුද්දේදී උස්තැන්ද අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද පහකර, යුදා සහ යෙරුසලම පිරිසිදුකරන්ට පටන්ගත්තේය.
4
ඔහු ඉදිරිපිටදී බාල්ගේ පූජාසන කඩා දමනලද්දේය; ඒවාට උඩින් තිබුණු සූර්ය-රූප ඔහු කපාදමා, අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද බිඳ කුඩුකොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඉස්සේය.
5
පූජකයන්ගේ ඇට ඔවුන්ගේ පූජාසන පිට ඔහු පුලුස්සා, යුදාද යෙරුසලමද පිරිසිදුකෙළේය.
6
එසේම ඔහු නප්තලී දක්වා හාත්පසින්ම මනස්සේහිද එප්‍රායිම්හිද සිමියොන්හිද නුවරවල් මුළුල්ලෙහි ඔවුන්ගේ ගෙවල් බිඳදැම්මේය.
7
ඔහු ඉශ්රායෙල් දේශය මුළුල්ලෙහි තිබුණ පූජාසන කඩාදමා, අෂේරා කණුද කැපූ රූපද බිඳදමා, කුඩුකර, සියලු සූර්ය-රූප කපාදමා, යෙරුසලමට හැරීආයේය.
8
තවද ඔහුගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදී දේශයත් ගෘහයත් පවිත්‍රකළාට පසු, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහය අලුත්වැඩියාකරන පිණිස, අසලියාගේ පුත්‍රවූ ෂාපාන්ද නුවර අධිපතියාවූ මයසේයාද වාර්තාකරුවා වන යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාද හැරියේය.
9
ඔව්හු උත්තම පූජකයාවූ හිල්කියා ළඟට පැමිණ, දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ, දොරටුපාලයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන්ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරුව සිටිය සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන්ද සියලු යුදාවරුන්ගෙන්ද බෙන්යමින්වරුන්ගෙන්ද යෙරුසලමේ වාසීන්ගෙන්ද එකතුකර ගත්තාවූ මුදල් භාරගෙන,
10
ස්වාමීන්වහන්සේ ගේ ගෘහය හරිගැස්සීමටත් අලුත්වැඩියාකිරීමටත් ගෘහයේ වැඩේකරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ වැඩකිරීමට පත්වී සිටිය තැනැත්තන් අතට ඒවා දුන්නෝය.
11
ඔව්හු කැපූ ගල්ද යුදා රජුන් විසින් නැතිකළ ගෙවල යටලීවලට සහ බාල්කවලටත් ලීද මිලේට ගන්න පිණිස වඩුවන්ටත් ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝය.
12
ඒ මනුෂ්‍යයෝ විශ්වාසලෙස වැඩකළෝය. වැඩ බලා කරවීමට ඔවුන් කෙරෙහි මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුවූ යහත්ද ඔබදියාද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මෙෂුල්ලාම්ද පත්වී සිටියෝය. ලෙවීවරු සියල්ලෝම තූර්ය භාණ්ඩ ගැන තේරුම් ඇති අය වූහ.
13
ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත් එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් මුලාදෑනියෝව සිටියෝය. ලෙවීවරුන්ගෙන් සමහරු ලියන්නෝව මුලාදෑනියෝව දොරටුපාලයෝව සිටියෝය.
14
තවද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගෙනා මුදල් ඔවුන් එළියට ගන්නකල මෝසෙස්ගේ අතින් දෙනලද ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථා පොත හිල්කියා පූජකයාට සම්බවිය.
15
හිල්කියා තෙමේ ලේකම්වූ ෂාපාන්ට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි තිබී මට සම්බවීයයි කියා ඒ පොත ෂාපාන්ට භාරදුන්නේය.
16
ෂාපාන්ද පොත අරන් නැවත රජු ළඟට ගෙනගොස්: ඔබගේ මෙහෙකරුවන්ට භාරදුන් සියල්ලම ඔව්හු කෙරෙති.
17
ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ තිබුණ මුදල් ගෙන ඔව්හු මුලාදෑනීන් අතටත් කර්මාන්තකාරයන් අතටත් දුන්නෝයයි රජුට දැන්විය.
18
තවද ලේකම්වූ ෂාපාන් රජුට කථාකොට: පූජකවූ හිල්කියා මට පොතක් භාරදුන්නේය කියා, රජු ඉදිරිපිට එයින් කියෙවුවේය.
19
රජ වනාහි ව්‍යවස්ථාවේ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගත්තේය.
20
තවද රජ හිල්කියාටද ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටද මීකාගේ පුත්‍රවූ අබ්දොන්ටද ලේකම්වූ ෂාපාන්ටද රජුගේ සේවකයාවූ අසායාටද අණකොට:
21
ඔබ සැම ගොස් මා උදෙසාත් ඉශ්‍රායෙල්ගෙන්ද යුදාගෙන්ද ඉතුරුව සිටින්නන් උදෙසාත් සම්බවූ පොතේ වචන ගැන ස්වාමීන්වහන්සේ ගෙන් විමසන්න. මක්නිසාද මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් ස්වාමීන්වහන්සේ ගේ වචනය රක්ෂා නොකළ බැවින් අප කෙරෙහි වගුරුවා තිබෙන ස්වාමීන්වහන්සේ ගේ උදහස මහත්යයි කීවේය.
22
එවිට හිල්කියාද රජුගේ ආඥාව ලැබූ අනික් අයද හස්රාගේ පුත්‍රයා වන තොක්හත්ගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් ප්‍රොපේතවරිය වෙතට ගොස් ඒ හැටියට ඈට කථාකළෝය; ඕතොම යෙරුසලමේ දෙවෙනි කොටසෙහි විසුවාය.
23
ඈ ඔවුන්ට කියන්නී: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න:
24
බලව, මම මේ ඉඩම පිටටත් මෙහි වැසියන් පිටටත් විපත එනම්, යුදා රජු ඉදිරියෙහි කියෙවු පොතෙහි ලියා තිබෙන සියලු ශාපවල් පමුණුවන්නෙමි.
25
ඔවුන් මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින් මාගේ උදහස මේ ඉඩම පිටට වගුරුවා තිබේ, ඒක නිවෙන්නෙත් නැත.
26
නුමුත් ස්වාමීන්වහන්සේ ගෙන් විචාරන පිණිස ඔබ සැම එවූ යුදාහි රජුට මෙසේ කියන්න-ඔබ ඇසූ වචන සම්බන්ධව ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
27
මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් විරුද්ධව දෙවියන්වහන්සේ කියා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබේ සිත මොළොක්වී ඔබ උන්වහන්සේ ඉදිරියෙහි යටහත්වූ බැවිනුත්, ඔබ මා ඉදිරියෙහි යටහත්වී ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි ඇඬූ බැවිනුත්, මමත් ඔබට කන්දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
28
මම ඔබේ පියවරුන් වෙතට ඔබ පමුණුවන්නෙමි, මා විසින් මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් පමුණුවන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හුද හැරී ඇවිත් රජුට සැලකළෝය.
29
එවිට රජ පණිවිඩකාරයන් යවා යුදා සහ යෙරුසලමේ සියලු වැඩිමහල්ලන් රැස්කරවාගන,
30
යුදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද පූජකයන්ද ලෙවීවරුන්ද ලොකු කුඩා මුළු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගියේය. තවද ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි තිබී සම්බවූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.
31
රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.
32
ඔහු යෙරුසලමෙහිද බෙන්යමින්හිද සිටි සියල්ලන් ඊට එකඟවෙන්ට සැලැස්සුවේය. යෙරුසලමේ වැසියෝද දෙවියන්වහන්සේගේ එනම් තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම ලෙස කළෝය.
33
යොෂියා වනාහි ඉශ්රායෙල් පුත්‍රයන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට සේවයකරන්ට සැලැස්සුවේය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් පහව නොගියෝය.
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 35 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36