bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Chronicles 35
2 Chronicles 35
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 36 →
1
යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේ ට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.
2
ඔහු පූජකයන් ඔවුන්ගේ තනතුරුවල සිටුවා, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මෙහෙයට ඔවුන් ධෛර්යකෙරෙවුවේය.
3
සියලු ඉශ්රායෙල්වරුන්ට ඉගැන්නුවාවූද ස්වාමීන්වහන්සේ උදෙසා ශුද්ධව සිටියාවූද ලෙවීවරුන්ට ඔහු කථාකොට: ඉශ්රායෙල් රජවූ දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් විසින් සෑදූ ගෘහයෙහි ශුද්ධ පෙට්ටිය තබන්න; ඔබ සැමගේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබ සැමගේ දෙවිවු ස්වාමීන්වහන්සේ ටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්රායෙල්ටත් සේවයකර,
4
ඉශ්රායෙල් රජවූ දාවිත්ගේ ලියවිල්ලේද ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ලියවිල්ලේද ප්‍රකාරයට ඔබ සැමගේ පියවංශවල හැටියට ඔබ සැමගේ පංක්ති ලෙස සූදානම්වී,
5
සෙනඟගේ පුත්‍රයන් වන ඔබ සැමගේ සහෝදරයන් උදෙසා පියවංශවල බෙදීම්වල හැටියටද ලෙවීවරුන් උදෙසා පියවංශයකින් කොටසක් ඇතුවද ශුද්ධස්ථානයෙහි සිට,
6
පාස්කු බැටළුපැටවුන් මරන්න. ඔබ සැම පවිත්‍රව, මෝසෙස් අතින් ලැබුණ ස්වාමීන්වහන්සේ ගේ වචනයේ හැටියට කිරීමට ඔබ සැමගේ සහෝදරයන් උදෙසා උන් සූදානම්කරන්නැයි කීවේය.
7
යොෂියා රජද, ඇවිත් සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිසම ගණනේ හැටියට බැටළුපැටවුන්ද එළු පැටවුන්ද තිස්දහසකුත් ගොනුන් තුන්දහසකුත් තමාගේම සම්පතෙන් දුන්නේය.
8
ඔහුගේ අධිපතීහුද සෙනඟටත් පූජකයන්ටත් ලෙවීවරුන්ටත් සිය කැමැත්තෙන්ම දුන්නෝය. දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියෝවූ හිල්කියාද සෙකරියාද යෙහියෙල්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් දෙදාස් හසියයකුත් ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝය.
9
ලෙවීවරුන්ගේ අධිපතියෝවූ කොනනියාද ෂෙමායා සහ නෙතනෙල් යන ඔහුගේ සහෝදරයෝද හෂබියාද යෙයියෙල්ද යෝසාබාද්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් පන් දහසකුත් ගොනුන් පන්සියයකුත් ලෙවීවරුන්ට දුන්නෝය.
10
මෙසේ සේවය සූදානම්කරනලද්දේය, පූජකයෝ තමුන්ගේ ඉඩමේද ලෙවීවරු තමුන්ගේ පංක්තිවල ප්‍රකාරයටද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝය.
11
ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝය, පූජකයෝද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝය, ලෙවීවරු සතුන් හමගැසුවෝය.
12
ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන පිණිස දවන පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පියවංශ බෙදීම්වල හැටියට දීමට වෙන්කළෝය. ගවයින් ගැනත් එසේම කළෝය.
13
ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.
14
ඉන්පසු ඔව්හු තමුන්ටත් පූජකයන්ටත් පිළියෙළ කළෝය; මක්නිසාද ආරොන්ගේ පුත්‍රයෝවූ පූජකයෝ දවන පූජාද තෙලද රෑ වෙනතුරු ඔප්පුකරමින් සිටියෝය. ලෙවීවරුද තමුන්ටත් ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් පිළියෙළකළෝය.
15
ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.
16
මෙසේ යොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්ටත් ස්වාමීන්වහන්සේ ගේ පූජාසන පිට දවන පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේ ගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළකර තිබුණේය.
17
එහි සිටි ඉශ්රායෙල් පුත්‍රයෝ පාස්කුවත් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත්තුවෝය.
18
එයාකාර පාස්කුවක් ප්රොපෝතවූ සාමුවෙල්ගේ කාලයට පසුව ඉශ්රායෙල්වරුන් අතරේ නොපවත්වනලද්දේය; යොෂියාද පූජකයන්ද ලෙවීවරුන්ද එහි සිටි යුදා හා ඉශ්රායෙල්හි සියල්ලන්ද යෙරුසලමේ වැසියන්ද පැවැත්තුවාක් මෙන් ඉශ්රායෙල් රජුන්ගෙන් කිසිවෙක්වත් එයාකාර පාස්කුවක් පැවැත්තුවේ නැත.
19
ඒ පාස්කුව පැවැත්තුවේ යොෂියාගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදීය.
20
යොෂියා මේ සියල්ල කර ගෘහය පිළියෙළකළාට පසු, මිසරයේ රජවූ නෙකෝ ප්‍රාත් ළඟ තිබෙන කර්කෙමිෂ්ට විරුද්ධව යුද්ධකරන්ට ආවේය. යොෂියා ඔහුට විරුද්ධව පිටත්ව ගියේය.
21
නුමුත් ඔහු තානාපතියන් ඔහු වෙතට එවමින්: යුදාහි රජ්ජුරුවෙනි, මාගෙන් ඔබට කම මොකද? ඔබට විරුද්ධව නොව මා සමඟ යුද්ධකරන වංශයට විරුද්ධව අද මම එමි; ඉක්මන්වෙන්ට කියා දෙවියන්වහන්සේ මට අණකළසේක. දෙවියන්වහන්සේ මා සමඟ සිටිනසේක. උන්වහන්සේ ඔබ විනාශනොකරන පිණිස උන්වහන්සේගේ කාරණා ගැන හරස් නොවිය යුතුයයි කියා එවුවේය.
22
නුමුත් යොෂියා නෙකෝ කී දෙවියන්වහන්සේගේ වචනය නාසා, ඔහු වෙතින් අහක්ව නොගොස්, ඔහු සමඟ යුද්ධකරන පිණිස, වෙස් මාරුකරගන, මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමුණුණේය.
23
දුනුකාරයෝ යොෂියා රජුට විද්දෝය; එවිට රජ: මට බොහෝ තුවාලවූ බැවින් මා අහකට ගෙනයන්නැයි තමාගේ සේවකයන්ට කීය.
24
ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙවෙනි රථයට නංවාගන යෙරුසලමට ආවෝය; ඔහු මැරී තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත්කරනලද්දේය. සියලු යුදාවරුද යෙරුසලමේ වැසියෝද යොෂියා ගැන වැලපුණාහ.
25
යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.
26
යොෂියාගේ අනික් ක්‍රියාද ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩද,
27
මුල පටන් අග දක්වා ඔහුගේ කාරණාද ඉශ්රායෙල් සහ යුදා රජවරුන්ගේ පොතෙහි ලියා තිබේ.
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 36 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36