bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 12
Deuteronomy 12
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 13 →
1
ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන දේශයේදී ඔබ සැම භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල ඔබ සැම විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය.
2
ඔබ සැම පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,
3
ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳහෙළා, ඔවුන්ගේ අෂේරා කණු ගින්නෙන් දවා, ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප කපාදමා, ඒවායේ නාම ඒ ඒ ස්ථානවලින් නැතිකර දමන්න.
4
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබ සැම එයාකාර නොකර,
5
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස ඔබ සැමගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.
6
ඔබ සැමගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද ඔබ සැමගේ අතෙහි එසවීම් පූජාවද ඔබ සැමගේ බාරද ඔබ සැමගේ ස්වෙච්ඡා පූජාද ඔබ සැමගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,
7
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකළ නිසා, ඔබ සැම අත තබන සියල්ල ගැන ඔබ සැමද ඔබ සැමගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.
8
මෙහි අප විසින් මේ දවසේ එකිනෙකා තම තමාට හරිව පෙනෙන කොයි දේත් කරන්නාක් මෙන් ඔබ සැම එහිදී නොකළ යුතුය.
9
මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් ඔබ සැම තවම පැමුණුණේ නැත.
10
එහෙත් ඔබ සැම යොර්දානෙන් එතරට ගොස් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට උරුම කරදෙන දේශයෙහි වසන කල්හිද, ඔබ සැම සුරක්ෂිතව වාසයකරන ලෙස වටකර සිටින ඔබ සැමගේ සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ඔබ සැමට විශ්‍රාමය දුන් කල්හිද,
11
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් ඔබ සැමට අණකරන ඔබ සැමගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද ඔබ සැමගේ අතෙහි එසවීම් පූජාවද ඔබ සැම කැමැත්තෙන්ම වෙන්නාවූ ඔබ සැමගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,
12
ඔබ සැමද ඔබ සැමගේ පුත්‍රයෝද දූවරුද වැඩකාරයෝද වැඩකාරියෝද ඔබ සැමගේ දොරටු ඇතුළත සිටින්නාවූ, ඔබ සැම සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබුවාවූ ලෙවීයයාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
13
ඔබ දකින සියලු තැන්හිම ඔබේ දවන පූජා නොපුදන්ට බලාගන්න.
14
නුමුත් ඔබේ ගෝත්‍රයන්ගෙන් එකක් තුළවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා වූ ස්ථානයෙහිම ඔබේ දවන පූජා පුදා මා විසින් ඔබට අණකරන සියල්ලත් එහිම කරන්න.
15
එසේ වී නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන ආශීර්වාදයේ හැටියට ඔබේ සියලු දොරටු ඇතුළේ ඔබේ සිතේ මුළු ආශාවේ හැටියට ඔබට සතුන් මරා මස් කන්ට පුළුවන. මුවමස්ද ගෝනමස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් ඒවා කන්ට පුළුවන.
16
නුමුත් ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත්කරන්න.
17
ඔබේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් ඔබේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් ඔබ වෙන්නාවූ ඔබේ කිසි බාර පූජාවක්වත් ඔබේ ස්වෙච්ඡා පූජාවල්වත් ඔබේ අතේ එසවීම් පූජාවවත් ඔබේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය.
18
නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ දාසයාද ඔබේ දාසීද ඔබේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, ඔබේ අත තබන සියල්ල ගැන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
19
ඔබේ දේශය මතුපිට ඔබ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න.
20
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවුණු ලෙස ඔබේ සීමාව විශාලකළ කල්හි මස් කන්ට ඔබේ සිත ආශාවෙන නිසා: මම මස් කන්නෙමියි ඔබ කියන විට ඔබේ සිතේ මුළු ආශාව ලෙස මස් කන්ට පුළුවන.
21
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය ඔබට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ ඔබට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා ඔබට අණකළ ලෙස මරා, ඔබේ සිතේ මුළු ආශාව ලෙස ඔබේ දොරටු ඇතුළතදී කන්න.
22
මුව මස්ද ගෝන මස්ද මෙන් ඔබ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන.
23
එහෙත් ලේ නොකන්ට ප්‍රවේසම් වන්න. මක්නිසාද ලේ ප්‍රාණයය; එබැවින් ඔබ මාංසය සමඟ ප්‍රාණය නොකෑ යුතුය.
24
ඔබ එය නොකා වතුර මෙන් එය භූමිය පිට වත්කළ යුතුය.
25
ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි ඔබටත් ඔබට පසු ඔබේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස ඔබ එය නොකා සිටින්න.
26
ඔබට තිබෙන ඔබේ ශුද්ධ දේවල්ද ඔබේ බාරවල්ද රැගෙන ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට පැමිණ,
27
ඔබේ දවන පූජා එනම් මාංසයත් රුධිරයත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පුජාසනය පිට ඔප්පුකරන්න. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය පිට වත්කරනු ලැබේ, මාංසය ඔබට කන්නට පුළුවන.
28
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි ඔබටත් ඔබට පසු ඔබේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා ඔබට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.
29
ඔබ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, ඔබ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට,
30
ඔවුන් ඔබ ඉදිරියෙන් විනාශකරනු ලැබූ පසු, ඔබ ඔවුන් අනුව යාමට අසුනොවෙන හැටියටත්: මේ ජාතීන් තමුන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නේ කෙලෙසද, මමත් එලෙස කරන්නෙමියි කියමින් ඔවුන්ගේ දෙවිවරුන් ගැන විභාග නොකරන හැටියටත් බලාගන්න.
31
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.
32
මා විසින් ඔබ සැමට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. ඔබ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34