bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 3
Deuteronomy 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 4 →
1
එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය.
2
ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට භයනොවන්න. මක්නිසාද මම ඔහු සහ ඔහුගේ මුළු සෙනඟද ඔහුගේ දේශයද ඔබ අතට පාවා දුනිමි; හෙෂ්බොන්හි වාසයකළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් ඔහුටත් කරන්නැයි කීසේක.
3
එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු.
4
එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගතිමු; ඔවුන්ගෙන් අල්ලා නොගත් එක නුවරක්වත් නොවීය; එනම් නුවරවල් හැටක් ඇත්තාවූ බාෂාන්හි වූ ඕග්ගේ රාජ්‍යය වන මුළු අර්ගොබ් පළාත අල්ලාගතිමු.
5
මේ සියලු නුවරවල් උස්වූ පවුරුවලින්ද ද්වාරවලින්ද අගුල්වලින්ද සුරක්ෂිතකර තිබුණේය; ඒවා ඇර පවුරු නැති නුවරවල් මහත් ගණනක්ද අල්ලාගතිමු.
6
අප විසින් හෙෂ්බොන්හි රජවූ සීහොන්ට කළාක්මෙන් ඔව්නුත් සහමුලින් විනාශකෙළෙමු, සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද සම්පූර්ණයෙන් විනාශකෙළෙමු.
7
එහෙත් සියලු සිව්පාවුන්ද නුවරවල සම්පත්ද අපට කොල්ලයක් කොට ගතිමු.
8
එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු.
9
(සීදොන්වරු හෙර්මොන්ට සිරියොන්යයි කියත්, අමෝරිවරු ඊට සෙනීර්යයි කියත්;)
10
තලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද්ද බාෂාන්හි ඕග්ගේ රාජ්‍යයේ නුවරවල් වූ සලෙකා සහ එද්රෙයි දක්වා මුළු බාෂාන් රටද අල්ලා ගතිමු.
11
(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)
12
අපි එකල්හි ඒ දේශය හිමිකරගතිමු. අර්ණොන් ඔය අසබඩ තිබෙන අරෝයෙර් පටන් ගිලියද් කඳුකරයෙන් දෙකෙන් කොටසක් හා එහි නුවරවල්ද රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් දුනිමි.
13
ගිලියද්හි ඉතුරු කොටසද ඕග්ගේ රාජ්‍යයවූ මුළු බාෂාන් රටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. (ඒක රෙඵායිම් යෝධයන්ගේ දේශයයයි කියන මුළු බාෂාන් වන මුළු අර්ගොබ් පළාතය.
14
මනස්සේගේ පුත්‍රවූ යායිර් තෙම ගෙෂූර්වරුන්ගේද මාකාත්වරුන්ගේද සීමාව දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලාගන ඒවාට එනම් බාෂාන්ට අද දක්වා තිබෙන්නාක්මෙන් තමාගේ නාමය ප්‍රකාර හව්වොත්-යායිර්යයි නම තැබුවේය.)
15
ගිලියද් මාකීර්ට දුනිමි.
16
තවද ගිලියද් පටන් අර්ණොන් ඔය ඇතුළත දක්වාම තිබෙන පළාතත් අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා තිබෙන පළාතත්,
17
කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.
18
මම එකල්හි ඔබ සැමට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය ඔබ සැමට දී තිබේ. සන්නාහ සන්නද්ධව ඔබ සැමගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් ඔබ සැමගේ සහෝදරවූ ඉශ්රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය.
19
එහෙත් ඔබ සැමගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මා ඔබ සැමට දී තිබෙන නුවරවල සිටිත්වා; (ඔබ සැමට බොහෝ සිව්පාවන් ඉන්න බව දනිමි.)
20
ස්වාමීන්වහන්සේ ඔබ සැම මෙන් ඔබ සැමගේ සහෝදරයන්ද එහි පදිංචිකරවන තුරුද යොර්දානෙන් එගොඩ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් හිමිකරගන්නා තුරුද ඔබ සැම ගොස් පසුව එකිනෙකා මා ඔබ සැමට දී තිබෙන දේශයට හැරී එන්න කියා ඔබ සැමට කීමි.
21
එකල මම යෝෂුවාට අණ දෙමින්: ඔබ සැමගේ ස්වාමීන්වහන්සේ මේ රජුන් දෙදෙනාට කළ සියල්ල ඔබේ ඇසින් දුටුවෙහිය. ඔබ පැමිණෙන සියලු රාජ්‍යවලට ස්වාමීන්වහන්සේ එසේම කරනසේක.
22
ඔවුන්ට භය නොවන්න. මක්නිසාද ඔබ සැම උදෙසා සටන්කරන්නේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීමි.
23
මම එකල්හි ස්වාමීන්වහන්සේ ට කන්නලව් කොට:
24
අහෝ, ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ උතුම්කමද බලවත් හස්තයද ඔබගේ මෙහෙකරුවාට පෙන්වන්ට ඔබ පටන්ගත්සේක. මක්නිසාද ඔබගේ ක්‍රියාවලද ඔබගේ බලපරාක්රමයේද හැටියට කරන්ට පුළුවන් වෙන මොන දෙවිකෙනෙක් ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඇත්තේද?
25
එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි.
26
එහෙත් ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මා කෙරෙහි උදහස්ව මට ඇහුම්කන්නොදී මට කථාකොට: ඔය ඇත, මේ කාරණය ගැන තවත් මට කථානොකරන්න.
27
ඔබ පිස්ගා මුදුනට නැගී ඇස් ඔසවා බස්නා ඉර දෙසද උතුරු දෙසද දකුණු දෙසද නැගෙනහිර දෙසද ඔබේ ඇස් යොමා බලන්න. මක්නිසාද ඔබ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහිය.
28
එහෙත් යෝෂුවාට අණදී ඔහු ධෛර්යමත්කර ඔහු ශක්තිමත්කරන්න. මක්නිසාද ඔහු මේ සෙනඟට පෙරටුව ගොස් ඔබ දක්නා දේශය තෙමේම ඔවුන්ට උරුම කරදෙන්නේයයි මට කීසේක.
29
මෙසේ අපි බෙත්-පෙයෝර් ඉදිරිපිට මිටියාවතේ නැවතී සිටියෙමුව.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34