bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 13
Deuteronomy 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 14 →
1
ඔබ සැම අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට,
2
ඔබ දැනනොගත්: අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින්, ලකුණක් හෝ ආශ්චර්යයක් ඔබට නියමකළ කල්හි, ඔහු ඔබට කී ලකුණත් ආශ්චර්යයත් සිද්ධවුණත්,
3
ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ සැමගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද ඔබ සැම ප්‍රේමකරනවාදැයි දැනගන්ට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම සෝදිසිකරන සේක.
4
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.
5
ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ මාර්ගයෙන් ඔබ අහක්කිරීමට, ඔබ සැම මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් ඔබ සැම මුදාගත්තාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ ඔබ සැම අතරෙන් ඒ නපුර පහකරන්න.
6
ඔබ සැම අවට ඔබට කිට්ටුව හෝ ඔබෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,
7
ඔබවත් ඔබේ පියවරුන්වත් දැන නොගත්: අන් දෙවිවරුන්ට අපි ගොස් සේවය කරමුයයි ඔබේ මවුගේ පුත්‍රවූ ඔබේ සහෝදරයාවත් ඔබේ පුත්‍රයාවත් ඔබේ දුවවත් ඔබේ ළයෙහි හොත් භාර්යාවවත් ඔබේම ප්‍රාණය වැනිවූ මිත්රයාවත් ඔබට රහසින් කියා ඔබ පොළඹවන්ට උත්සාහකරන්නේවී නම්,
8
ඔබ ඔහුට එකඟනොවෙන්න, ඔහුට ඇහුම්කන්නොදෙන්න; ඔබේ ඇස ඔහුට දයානොකෙරේවා, ඔහු ඉතුරු කරන්නේවත් සඟවන්නේවත් නැතුව,
9
ඔබ විසින් ඔහු මැරිය යුතුමය; ඔහු මරන පිණිස පළමුකොට ඔබේ අතද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා.
10
වහල්කමේ ගෙයවූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් ඔබ අහක්කරන්ට සෙවූ බැවින්, ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසන්ට ඕනෑය.
11
සියලු ඉශ්රායෙල්වරු ඒ අසා භයවී එබඳු දුෂ්ටකමක් ඔබ සැම අතරෙහි තවත් නොකර සිටින්නාහුය.
12
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ වාසය කරන්ට දෙන නුවරකදී සමහර අධමයන් ඔබ සැම අතරෙන් නික්ම ගොස්:
13
ඔබ සැම දැන නොගත්තාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ට යමුයයි කියමින් තමුන්ගේ නුවරවාසීන් අහක්කර ගන්නාලදැයි කියනවා ඔබ ඇසුවොත්,
14
ඔබ හොඳාකාර සොයා විභාගකර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් ඔබ සැම අතරෙහි කරනලද බව සැබෑවක්නම්, කාරණය සත්තකනම්,
15
ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.
16
එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස්කර, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සාදමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා.
17
විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් ඔබේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ සියලු ආඥා ඔබ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,
18
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට ඇහුම්කන්දෙන කල්හි, ස්වාමීන්වහන්සේ තමන්ගේ තද උදහසෙන් හැරී ඔබට කරුණාව පෙන්වා, ඔබට අනුකම්පාකර ඔබේ පියවරුන්ට දිවුළ ලෙස ඔබ වැඩිකරනවා ඇත.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34