bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 4
Deuteronomy 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 5 →
1
ඉතින් ඉශ්රායෙල්වරුනි, ඔබ සැම ජීවත්ව සිට ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් ඔබ සැමට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.
2
මා ඔබට අණකරන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥා පවත්වන පිණිස මා ඔබ සැමට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.
3
බාල්-පෙයෝර් නිසා ස්වාමීන්වහන්සේ කළ දෙය ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය. මක්නිසාද බාල්-පෙයෝර් පස්සේ ගිය සියලු මනුෂ්‍යයන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරෙන් විනාශකළසේක.
4
එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඇලුම්ව සිටි ඔබ සැම සියල්ලෝම අද දවසේ ජීවත්ව සිටිති.
5
බලව, ඔබ සැම හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී ඔබ සැම විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද ඔබ සැමට ඉගැන්වීමි.
6
එබැවින් ඒවා පවත්වමින් කරන්න; මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි ඔබ සැමගේ ප්‍රඥාවත් ඔබ සැමගේ නැණවත්කමත්ය, ඔවුන් මේ සියලු පනත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනඟක්යයි කියනවා ඇත.
7
මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට අප යාච්ඤාකරන සියලු ප්‍රස්තාවයන්හිදීම උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවිකෙනෙක් ළංව සිටින්නේද?
8
අද මා විසින් ඔබ සැම ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?
9
ඔබේ ඇස්වලින් දුටු දේවල් ඔබට මතකනැති නොවන පිණිසත් ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඒවා ඔබේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, ඔබේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා ඔබේ පුත්‍රයන්ටද ඔබේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.
10
ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල ඔබ හොරෙබ්හිදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.
11
ඔබ සැම වනාහි ළංවී කන්ද මුල සිටියහුය; කන්දද අඳුරත් වලාපටලත් ඝනාන්ධකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නෙන් ඇවිළී ගියේය.
12
ස්වාමීන්වහන්සේ ද ගිනි මැද සිට ඔබ සැමට කථාකළසේක. ඔබ සැම වචන හඬ ඇසූ නුමුත් කිසි රූපාකාරයක් දුටුවේ නැත; හඬ පමණක් ඔබ සැමට ඇසුණේය.
13
උන්වහන්සේ ඔබ සැමට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය ඔබ සැමට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක.
14
ඔබ සැම හිමිකරගන්ට යන දේශයේදී ඔබ සැම විසින් පැවැත්විය යුතු පනත් හා විනිශ්චයන්ද ඔබ සැමට උගන්වන්ට ස්වාමීන්වහන්සේ ඒ කාලයේදී මට අණකළසේක.
15
ස්වාමීන්වහන්සේ හොරේබ්හි ගින්න මැද සිට ඔබ සැමට කථාකළ දවසේදී ඔබ සැම කිසි රූපාකාරයක් දුටුවේ නැත.
16
එබැවින් ඔබ සැමම දූෂ්‍යකරගන, පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ආකාරයවත්,
17
පොළොවේ කිසි මෘගයෙකුගේ ආකාරයවත්, ආකාශයෙහි පියාසරකරන පියාපත් ඇති කිසි පක්ෂියෙකුගේ ආකාරයවත්,
18
භූමිය පිට බඩගා යන කිසි සතෙකුගේ ආකාරයවත්, පොළොව යට ජලයෙහි ඉන්න කිසි මත්ස්‍යයෙකුගේ ආකාරයවත් යන මේ කොයි රූපාකාරයකට නුමුත් සමානවූ කැපූ රූපයක් සාදානොගන්න හැටියටද,
19
ඔබේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.
20
එහෙත් අද තිබෙන්නාක්මෙන් ඔබ සැම තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ ඔබ සැම රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් ඔබ සැම පිටතට ගෙනාසේක.
21
තවද ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මා කෙරෙහි උදහස්ව, මට යොර්දානෙන් එතරට යන්ටත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන ඒ යහපත් දේශයට ඇතුල්වෙන්ටත් නොලැබෙන්නේය කියා දිවුළසේක.
22
මෙසේ මා මේ දේශයෙහි මැරෙන්ට ඕනෑය, මා යොර්දානෙන් එගොඩට නොයා යුතුය. එහෙත් ඔබ සැම එගොඩට ගොස් ඒ යහපත් දේශය හිමි කරගන්නවා ඇත.
23
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.
24
මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විනාශකරන ගින්නක් වන, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්ය.
25
ඔබට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, ඔබ සැම දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, ඔබ සැම දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,
26
ඔබ සැම හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් ඔබ සැම ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ ඔබ සැමට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි ඔබ සැමගේ දවස් වැඩිනොවී, ඔබ සැම සහමුලින්ම විනාශ වන්නහුය.
27
ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ඔබ සැම විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් ඔබ සැම පමුණුවන ජාතීන් අතරෙහි ඔබ සැම ගණනින් ස්වල්පව සිටින්නහුය.
28
එහිදී ඔබ සැම ඇස් පෙනෙන්නේවත් කන් ඇසෙන්නේවත් කෑම කන්නේවත් ගඳ සුවඳ දැනෙන්නේවත් නැත්තාවූ ලී සහ ගල්වලින් මනුෂ්‍යයන්ගේ අතින් සෑදුවාවූ දෙවිවරුන්ට මෙහෙකරනවා ඇත.
29
එහෙත් එතන සිට ඔබ සැම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයමින් ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන්වහන්සේ ඔබට සම්බවනසේක.
30
ඔබ පීඩා විඳින කලද මේ සියලු දේ ඔබට පැමිණි කලද අන්තිම දවස්වලදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දුන්නොත්,
31
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ ඔබ අත්නොහරිනසේක, ඔබ විනාශනොකරනසේක, උන්වහන්සේ ඔබේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.
32
මක්නිසාද දෙවියන් වහන්සේ පොළොව පිට මනුෂ්‍යයා මැවූ දවසේ පටන් අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා මෙයාකාර මහත් දෙයක් සිද්ධ වුණාද නොහොත් මෙයාකාර දෙයක් අසන්ට යෙදුණාද කියා ඔබට ප්‍රථම තිබුණු පසුගිය දවස්වලින් විභාගකරන්න.
33
ගින්න මැද සිට කථාකරන දෙවියන්වහන්සේගේ හඬ ඔබ විසින් ඇසුවාක් මෙන් වෙන යම් සෙනඟක් අසා ජීවත් වුණාද?
34
නොහොත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී ඔබ සැමගේ ඇස් ඉදිරියෙහි ඔබ සැම උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?
35
එසේ ඔබට පෙන්වනලද්දේ ස්වාමීන්වහන්සේ ම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් ඔබ දැනගන්න පිණිසය.
36
උන්වහන්සේ ඔබට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් ඔබට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න ඔබට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් ඔබට ඇසුණේය.
37
උන්වහන්සේ ඔබේ පියවරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන්ට පසුව ඔවුන්ගේ වංශය තෝරාගෙන, ඔබට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් ඔබ ඉදිරිපිටින් පන්නාදමා ඔබ ඇතුළට පමුණුවා,
38
අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන්ගේ දේශය ඔබට උරුමයක් කොට දෙන පිණිස තෙමේම ප්‍රකාශවී, ස්වකීය මහත් බලය කරණකොටගෙන ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.
39
එබැවින් ස්වාමීන්වහන්සේ ම ඉහළ ස්වර්ගයෙහිත් පහත පොළොවෙහිත් දෙවියන්වහන්සේ බවද වෙන දෙවිකෙනෙක් නැති බවද අද දවසේ දැනගෙන ඒ බව ඔබේ සිතේ තබා ගන්න.
40
ඔබටත් ඔබෙන් පසු ඔබේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේ සදාකාලයටම ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.
41
එකල මෝසෙස් පෙර වෛරයක් නොතිබී අත් වැරැද්දෙන් තමාගේ අසල්වාසියා මරන කෙනෙකුට පලා යාමට,
42
යොර්දානෙන් එගොඩ නැගෙනහිර දෙස නුවරවල් තුනක් වෙන්කෙළේය; එසේ කළේ ඔහු එයින් එකකට පලාගොස් ජීවත්වන පිණිසය.
43
ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.
44
මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි තැබූ ව්‍යවස්ථාව මේය.
45
ඉශ්රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආ කල මෝසෙස් යොර්දානෙන් එගොඩදී හෙෂ්බොන්හි වාසයකළාවූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ දේශයෙහි බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවෙත්දී ඔවුන්ට කියාදුන් ශික්ෂාද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
46
මෝසෙස් සහ ඉශ්රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ආ කල සීහොන් රජුට පහරදී,
47
අර්ණොන් ඔයබඩ තිබෙන අරෝයෙර් පටන් හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා යොර්දානෙන් එගොඩ
48
නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,
49
පිස්ගායේ පාවුලට පහළින් තිබෙන අරබා සමභූමියේ මුහුද දක්වා යොර්දානෙන් එගොඩ නැගෙනහිරට තිබෙන මුළු අරබා සමභූමියද හිමිකරගත්තෝය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34