bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 9
Deuteronomy 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 10 →
1
(ඉහත හා සම්බන්ධයි.) එම්බා, ඉශ්රායෙල්, අසන්න. දැන් ඔබ යොර්දානෙන් එතරවී, ඔබට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,
2
ඔබ දන්නාවූ අනාක්වරුන්ගේ පුත්රයන් වන මහත්වූ උස ඇත්තාවූ සෙනඟක් පන්නා දමන්ටත් යන්නෙහිය. අනාක්ගේ පුත්රයන් ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටදැයි යන කීම ඔබ අසා තිබේ.
3
එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම විනාශකරන ගින්නක්ව ඔබට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් ඔබ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ ඔබට කී ලෙස ඔබ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.
4
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පහකළ පසු: මේ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ මා ගෙනාවේ මාගේ ධර්මිෂ්ඨකම නිසායයි ඔබේ සිතින් නොකියන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය.
5
ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට ඔබ ඇතුල්වෙන්නේ ඔබේ ධර්මිෂ්ඨකම නිසාවත් ඔබේ සිතේ අවංකකම නිසාවත් නොවේ. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් ඔබේ පියවරුන් වන ආබ්රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.
6
එබැවින් ඒ හොඳ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ එය ඔබට දෙන්නේ ඔබේ ධර්මිෂ්ඨකම නිසා නොවන බව දැනගන්න; මක්නිසාද ඔබ තද කුළල් ඇති සෙනඟක්ය.
7
ඔබ කාන්තාරයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. ඔබ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කැරළිකාරව සිටියහුය.
8
හොරේබ්හිදීත් ඔබ සැම ස්වාමීන්වහන්සේ උදහස් කළහුය, ස්වාමීන්වහන්සේ ද ඔබ සැම විනාශකරන තරමට ඔබ සැමට කෝපවූසේක.
9
එසේ වුණේ ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,
10
දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලි දෙක ස්වාමීන්වහන්සේ මට භාරදුන්නාවූද ප්රස්තාවේදීය; රැස්වීමේ දවසේ ස්වාමීන්වහන්සේ කන්දෙහිදී ගිනි මැද සිට ඔබ සැමට කථාකළ සියලු වචනවල ප්රකාරයට ඒවායේ ලියා තිබුණේය.
11
දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගතවූ කල ස්වාමීන්වහන්සේ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි දෙක මටදී කථාකොට:
12
ඔබ නැගිට මෙතනින් ඉක්මනට බැස යන්න; මක්නිසාද ඔබ මිසරයෙන් ගෙනාවාවූ ඔබේ සෙනඟ දුෂ්ටකම් කළෝය; මා ඔවුන්ට අණකළ මාර්ගයෙන් ඔව්හු අහක්වී තමුන්ට පිළිමයක් වාත්තුකරගන සිටිතියි කීසේක.
13
ස්වාමීන්වහන්සේ තව දුරටත් මට කථාකොට: මේ සෙනඟ බැලුවෙමි, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය.
14
මා විසින් ඔවුන් විනාශ කොට ඔවුන්ගේ නාමය අහස යටින් මකාදමන පිණිස මට ඉඩ අරින්න. මම ඔබ ඔවුන්ට වඩා බලවත්වූ මහත්වූ සෙනඟක් වෙන්ට සලස්වන්නෙමියි කීසේක.
15
එවිට මම හැරී කන්දෙන් බැස්සෙමි, කන්ද ගින්නෙන් ඇවුළුණේය. ගිවිසුමේ ලෑලි දෙක මාගේ දෑතෙහි තිබුණේය.
16
මම බැලීමි, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ඔබ සැම පව්කොට, වහු රූපයක් ඔබ සැමට වාත්තුකරගෙන, ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ මාර්ගයෙන් ඔබ සැම ඉක්මනින් අහක්ව ගිය බව දැක,
17
මම ලෑලි දෙක ගෙන මාගේ දෑතින් වීසිකොට ඔබ සැමගේ ඇස් හමුයෙහි ඒවා බින්දෙමි.
18
ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් ඔබ සැම කළාවූ ඔබ සැමගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.
19
මක්නිසාද ඔබ සැම විනාශකිරීමට ස්වාමීන්වහන්සේ ඔබ සැමට විරුද්ධව උදහස්වී සිටිය උදහසද කෝපයද නිසා භයවීමි. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දුන්සේක.
20
ස්වාමීන්වහන්සේ ආරොන්ද විනාශකරන පිණිස ඔහුට විරුද්ධව ඉතා උදහස්ව සිටිසේක. මම ඒ ප්රස්තාවේදී ආරොන් උදෙසාත් යාච්ඤා කෙළෙමි.
21
ඔබ සැමගේ පාපය වන ඔබ සැම සෑදු වස්සා මම අරගන ගින්නෙන් පුලුස්සා දමා, කොටා, ධූලි මෙන් පොඩිවෙන තුරු අඹරා, ඒකේ කුඩු කන්දෙන් ගලාගන ආ ඔයේ හෙළිමි.
22
තවද තාබෙරාහිදීත් මස්සාහිදීත් කිබ්රොත්-හත්තාවාහිදීත් ඔබ සැම ස්වාමීන්වහන්සේ උදහස් කළහුය.
23
ඔබ සැම නැගී ගොස් මා ඔබ සැමට දුන් දේශය හිමිකර ගන්නය කියා ස්වාමීන්වහන්සේ කාදේෂ්-බර්නේයේ සිට ඔබ සැම යැවූ විටත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ අණට විරුද්ධව ඔබ සැම කැරළිගැසුවහුය, ඔබ සැම උන්වහන්සේ විශ්වාස කළේවත් උන්වහන්සේගේ හඬ ඇසුවේවත් නැත.
24
මා ඔබ සැම දැනගත් දවස පටන් ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කැරළිකාරව සිටියහුය.
25
ස්වාමීන්වහන්සේ ඔබ සැම විනාශකරනසේකැයි කී බැවින් මා වැටී සිටිය දවස් ලෙස දවල් සතළිසකුත් රෑ සතළිසකුත් ස්වාමීන්වහන්සේ ඉදිරියේ වැටී,
26
උන්වහන්සේට යාච්ඤාකරමින්: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහන්තත්වයෙන් ඔබ මුදාගත්තාවූ, බලවත් හස්තයකින් මිසරයෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟද උරුමයද විනාශනොකළ මැනව.
27
ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්රහම්ද ඊසාක්ද යාකොබ්ද සිහිකළ මැනව; මේ සෙනඟගේ මුරණ්ඩුකමවත් දුෂ්ටකමවත් පාපයවත් නොබලා වදාළ මැනව.
28
බැලුවොත් ඔබ යම් දේශයකින් අප පිටතට ගෙනාසේක්ද එහි වැසියන් කථාකොට: ස්වාමීන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවුණ දේශයට ඔවුන් පමුණුවන්ට උන්වහන්සේට නොහැකිවූ බැවින්ද උන්වහන්සේ ඔවුන්ට වෛරවුණ බැවින්ද කාන්තාරයේදී ඔවුන් මරණ පිණිස පිටතට ගෙනාසේකැයි කියනවා ඇත.
29
නුමුත් මොවුන් ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ ඔබගේ බාහුවෙන්ද ඔබ විසින් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්යයි කීවෙමි.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34