bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 15
Deuteronomy 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 16 →
1
හැම අවුරුදු සතක කෙළවරදී ඔබ විසින් මුදාලීමක් කළ යුතුය.
2
මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය.
3
පරදේශියෙකුගෙන් නම් ඒක අයකරන්ට ඔබට පුළුවන. එහෙත් ඔබට අයිති යමක් ඔබේ සහෝදරයා ළඟ ඇද්ද, ඔබ එය නිදහස්කර දෙන්න.
4
කොයි හැටි වුවත් ඔබ වෙත දිළින්දෙක් නොසිටිය යුතුය; මක්නිසාද මා විසින් අද ඔබට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න හැටියට ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට මනාකොට ඇහුම්කන්දෙන්නෙහිනම්,
5
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකර ගැනීමට උරුමයක් කොට දෙන දේශයේදී ස්වාමීන්වහන්සේ ඔබට සැබවින් ආශීර්වාද කරනවා ඇත;
6
එසේය, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා, ඔබ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; ඔබ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු ඔබ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය.
7
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ යම් නුවරක් තුළ ඔබේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් ඔබ වෙත සිටින්නේ නම්, ඔබ ඔබේ හෘදය දැඩිකරගන්නේවත් ඔබේ දිළිඳු සහෝදරයා වෙතින් ඔබේ අත පියාගන්නේවත් නැතුව,
8
ඔබේ අත ඔහුට විදහා, ඔහුගේ හිඟකමට සෑහෙන පමණ ඇත්තෙන්ම ඔහුට ණයට දෙන්ට ඕනෑය.
9
ඔබ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් ඔබේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, ඔබේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස ඔබේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු ඔබට විරුද්ධව ස්වාමීන්වහන්සේ ට මොරනොගසන හැටියටත්, එසේ ඔබ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න.
10
ඔබ ඔහුට දෙන්ටම ඕනෑය, ඔබ ඔහුට දෙන විට ඔබේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ සියලු වැඩවලදීත් ඔබේ අත තබන සියල්ලේදීත් ඔබට ආශීර්වාදකරනවා ඇත.
11
දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් ඔබේ දේශයෙහිදී ඔබේ සහෝදරයාවූ ඔබේ දුප්පතාටත් ඔබේ දිළින්දාටත් ඔබේ අත සැබවින් විදහන්නැයි ඔබට අණකරමි.
12
ඔබේ සහෝදරවූ හෙබ්‍රෙව් පුරුෂයෙක්වත් හෙබ්‍රෙව් ස්ත්‍රියෙක්වත් ඔබට විකුණනලදුව සාවුරුද්දක් ඔබට මෙහෙකළොත්, සත්වෙනි වර්ෂයෙහි ඔහු ඔබ වෙතින් නිදහස්කර හරින්න.
13
ඔහු ඔබ වෙතින් නිදහස්කර හරින කල්හි ඔහු හිස් අතින් නෑර,
14
ඔබේ එළු බැටළු රැළෙන්ද ඔබේ පාවරෙන්ද ඔබේ මිදි පැසෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකළ හැටියට ඔහුට නොමසුරු ලෙස දිය යුතුය.
15
ඔබ මිසර දේශයෙහි වහලෙක්ව සිටි බවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ මිදූ බවද සිහිකරන්න. එබැවින් මම අද මේ දෙය ඔබට අණකරමි.
16
එහෙත් ඔහු ඔබ සමඟ හොඳින් සිට ඔබටත් ඔබේ පවුලටත් ප්‍රේමකරන බැවින්: මම ඔබෙන් අහක්වී නොයන්නෙමියි කියන්නේ නම්,
17
විදින කටුවක් අරගෙන ඔහුගේ කන දොරට තදකර තබා විදින්න, මෙසේ ඔහු හැම කල්හිම ඔබේ දාසයා වන්නේය. ඔබේ දාසීටත් එසේම කරන්න.
18
ඔබ කෙරෙන් ඔහු නිදහස් කර හැරීම ඔබට අමාරු කාරණාවක් ව නොපෙනේවා; මක්නිසාද ඔහු සාවුරුද්දක් කුලීකාරයෙකුගේ වැඩෙන් දෙපංගුවකට වඩා ඔබට වැඩකෙළේය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ද ඔබ කරන සියල්ලේදී ඔබට ආශීර්වාදකරනවා ඇත.
19
ඔබේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට කැපකරන්න. ඔබේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, ඔබේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න.
20
ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී අවුරුද්දෙන් අවුරුද්ද ඔබ සහ ඔබේ ගෙයි වැසියෝ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උගේ මස් කන්න.
21
එහෙත් උගේ යම් කැලලක් ඇත්නම්, කොරකමක් හෝ අන්ධකමක් හෝ වෙන යම් නරක කැලලක් ඇත්තේවීනම්, ඌ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජා නොකරන්න.
22
ඌද ඔබේ දොරටු ඇතුළතදී කන්න. මුව මස්ද ගෝන මස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් එකාකාරයෙන් එය කන්ට පුළුවන.
23
එහෙත් උගේ ලේ නොකා එය වතුර මෙන් පොළොව පිට වත්කරන්න.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34