bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 5
Deuteronomy 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 6 →
1
මෝසෙස් සියලු ඉශ්රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්රායෙල්වරුනි, අද ඔබ සැම අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; ඔබ සැම ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.
2
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප සමඟ හොරේබ්හිදී ගිවිසුමක් කළසේක.
3
ස්වාමීන්වහන්සේ මේ ගිවිසුම කළේ අපේ පියවරුන් සමඟ නොව අප සමඟය, එසේය, අද මෙහි ජීවත්ව සිටින සියල්ලන් වන අප සමඟය.
4
ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට ඔබ සැම සමඟ මුහුණට මුහුණ ලා කථාකළසේක.
5
(ස්වාමීන්වහන්සේ ගේ වචන ඔබ සැමට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේ ටත් ඔබ සැමටත් අතරේ සිටියෙමි; මක්නිසාද ඔබ සැම ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය.) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක:
6
මම මිසර දේශය වන වහල්කමේ ගෙදරින් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
7
මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.
8
කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් ඔබට සාදා නොගනුව.
9
ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
10
මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.
11
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
12
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස සබත් දවස ශුද්ධකොට පවත්වන්ට බලාගනුව.
13
සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩකර්මාන්ත කරගනුව.
14
නුමුත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබ මෙන් ඔබේ වැඩකාරයාත් ඔබේ වැඩකාරීත් නිවාඩු ගන්න පිණිස ඔබවත් ඔබේ පුතාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ ගවයාවත් ඔබේ කොටළුවාවත් ඔබේ කිසි සිව්පාවෙක්වත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.
15
ඔබත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද ඔබ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට ඔබට අණකළසේක.
16
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝවන පිණිසද ඔබට ශුභසිද්ධ වන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස ඔබේ පියාටද ඔබේ මවුටද ගෞරව කරව.
17
මිනී නොමරව.
18
කාමමිථ්‍යාචාරය නොකරව.
19
සොරකම් නොකරව.
20
ඔබේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.
21
ඔබේ අසල්වාසියාගේ භාර්යාවට ආසානොවව; ඔබේ අසල්වාසියාගේ ගෙටවත් ඔහුගේ කෙතටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසිම දෙයකටවත් තණ්හා නොවව.
22
මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට ඔබ සැමගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.
23
කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් පැමිණි හඬ ඔබ සැමට ඇසුණු කල්හි ඔබ සැම එනම් ඔබ සැමගේ ගෝත්‍රවල සියලු ප්‍රධානියෝද ඔබ සැමගේ වැඩිමහල්ලෝද මා ළඟට අවුත් කථාකොට:
24
බලව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ තේජසද මහන්තත්ත්වයද දැක්වූසේක, උන්වහන්සේගේ හඬද ගින්න මැදින් අපට ඇසුණේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ කථාකරලාත් ඔහු ජීවත්ව සිටින බව අද දවසේ අපි දුටිමුව.
25
ඉතින් අපි මක්නිසා නස්නෙමුද? මේ මහත් ගින්න අප දවා දමනවා ඇත. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬ අප විසින් තවත් ඇසුවොත් අප නසිනවා ඇත.
26
මක්නිසාද මාංසමයවූ සියල්ලන්ගෙන්, අප ඇසුවාක් මෙන් ගින්න මැද සිට කථාකරන ජීවමාන දෙවියන්වහන්සේගේ හඬ අසා ජීවත්ව සිටියේ වෙන කවරෙක්ද?
27
ඔබ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.
28
ඔබ සැම මා සමඟ කථාකළ විට ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ වචනවල හඬ අසා මට කථාකොට: මේ සෙනඟ ඔබට කථාකළ වචනවල හඬ ඇසීමි. ඔවුන් කී සියල්ල මනා ලෙස කීවෝය.
29
අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!
30
ඔබ ගොස්: ඔබ සැමගේ කූඩාරම්වලට හැරී යන්නැයි ඔවුන්ට කියන්න.
31
එහෙත් ඔබ වනාහි මෙහි මා වෙත සිටින්න, මමද හිමිකරගැනීම පිණිස මා ඔවුන්ට දෙන දේශයෙහි ඔවුන් පවත්වන පිණිස ඔබ ඔවුන්ට ඉගැන්විය යුතුවූ ආඥා පන්තියද පනත්ද විනිශ්චයන්ද ඔබට කියන්නෙමියි කීසේක.
32
එබැවින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.
33
ඔබ සැම හිමිකරගන්ට යන දේශයෙහි ඔබ සැම ජීවත්ව සිටින පිණිසත් ඔබ සැමට ශුභ සිද්ධවන පිණිසත් ඔබ සැමගේ දවස් වැඩිකරගන්න පිණිසත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34