bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 14
Deuteronomy 14
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 15 →
1
ඔබ සැම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ දරුවෝය. මළ කෙනෙකු නිසා ශරීරය කපාගැනීමවත් ඔබ සැමගේ ඇස්බැම අතරේ බූගෑමවත් නොකරන්න.
2
මක්නිසාද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ශුද්ධ සෙනඟක්ය, ස්වාමීන්වහන්සේ ද පොළෝතලයෙහි වසන සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් තමන් සන්තක සෙනඟක් වන පිණිස ඔබ තෝරාගත් සේක.
3
කිසි පිළිකුල් දෙයක් නොකන්න.
4
ඔබ සැමට කන්ට පුළුවන්වූ මෘගයෝනම්:
5
ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.
6
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ, වමාරා කන්නාවූ සියලු මෘගයන් ඔබ සැමට කන්ට පුළුවන.
7
එසේ වී නුමුත් වමාරා කනවුන්ගෙන්ද කුරය බෙදී වෙන්ව තිබෙනවුන්ගෙන්ද ඔබ සැම නොකෑ යුතු සත්තු නම්: ඔටුවාත් හාවාත් බෙන්හාවාත්ය; උන් වමාරා කන නුමුත් උන්ගේ කුරය බෙදී නැති නිසා ඔබ සැමට අපවිත්‍රය.
8
ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා ඔබ සැමට අපවිත්‍රය. ඔබ සැම උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය.
9
ජලයෙහි ඉන්න සියල්ලන් අතරෙන් ඔබ සැමට කන්ට පුළුවන් මේ සත්තුය, එනම් වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන.
10
වරල් සහ කොරපොතු නැති කිසි සතෙකු ඔබ සැම විසින් නොකෑ යුතුය; ඌ ඔබ සැමට අපවිත්‍රය.
11
සියලු පවිත්‍ර පක්ෂීන් ඔබ සැමට කන්ට පුළුවන.
12
එහෙත් ඔබ සැම කන්ට යුතු නැති පක්ෂීහු නම්: රාජාලියාත් මහගිජුලිහිණියාත් මුහුදු උකුස්සාත්ය;
13
ගුරුළාත් කුරුළුගොයාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;
14
ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝය;
15
පැස්බරාත් රෑ උකුස්සාත් මුහුදු ලිහිණියාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;
16
බස්සාත් බකමූණාත් උලමාත්;
17
කරවැල් කොකාත් ගිජුලිහිණියාත් දිය කාවාත්ය;
18
මානකොකාත් ඒ ඒ වර්ගයේ කොක්කුත් හුපුවාත් වවුලාත්ය.
19
පියාපත් ඇත්තාවූ බඩගායන සියලු සත්තු ඔබ සැමට අපවිත්‍රය. උන් නොකෑ යුතුය.
20
පවිත්‍රවූ සියලු පක්ෂීන් ඔබ සැමට කන්ට පුළුවන.
21
ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා ඔබේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ ඔබට පුළුවන. මක්නිසාද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය.
22
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට නිතරම භයවෙන්ට ඉගෙනගන්න පිණිස අවුරුද්දෙන් අවුරුද්ද කෙතේ ඔබේ බීජවලින් හටගන්න සියලු අස්වැන්නෙන් දසයෙන් කොටසක් වෙන්කර,
23
ඔබේ ධාන්‍යවලිනුත් මුද්‍රික රසයෙනුත් තෙල්වලිනුත් දසයෙන් කොටසද ඔබේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී උන්වහන්සේ ඉදිරියෙහි කන්න.
24
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන කල්හි උන්වහන්සේ ස්වකීය නාමය තබන්ට තෝරාගන්න ස්ථානය ඔබට දුර නිසා ඒවා ගෙනයන්ට බැරි ලෙස ඒ ගමන ඔබට දුර වැඩි නම්,
25
ඒවා මිලේටදී, ඒ මුදල ඔබේ අතේ බැඳ තබාගෙන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා තැනට ගොස්
26
ඔබේ හිතට රුචිවන කොයි දෙයකට නුමුත් එනම් ගවයන්ට හෝ බැටළුවන්ට හෝ මුද්‍රිකපානයට හෝ මද්‍යපානයට හෝ ඔබේ සිත ඔබට කියන කොයි දෙයකට නුමුත් ඒ මුදල දී ඒවා රැගෙන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබද ඔබේ ගෙයි වැසියෝද කා ප්‍රීතිවෙන්න.
27
ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාත් අත්නොහරින්න; මක්නිසාද ඔහුට ඔබ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත.
28
හැම තුන් අවුරුදු කෙළවරදී ඒ අවුරුද්දේ ඔබේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම පිටතට ගෙනවුත් ඔබේ දොරටු ඇතුළෙහි තබන්න.
29
එවිට ලෙවීයයාට ඔබ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් ඔබේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ කරන ඔබේ අතේ ඇති සියලු වැඩපලවලදී ඔබට ආශීර්වාදකරනවා ඇත.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34