bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 18
Deuteronomy 18
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 19 →
1
ලෙවීවරුන්වූ පූජකයන්ටද ලෙවීගේ මුළු ගෝත්‍රයටද ඉශ්රායෙල් සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබේ. ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ ගිනි-පූජාද උන්වහන්සේගේ උරුමයද කන්නෝය.
2
ඔවුන්ට තමුන්ගේ සහෝදරයන් අතරෙහි උරුමයක් නොලැබේ. ස්වාමීන්වහන්සේ ඔවුන්ට කීලෙස ඔවුන්ගේ උරුමය නම් උන්වහන්සේමය.
3
සෙනඟගෙන් එනම් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ යාගයක් පිණිස ඔප්පුකරන තැනැත්තන්ගෙන් පූජකයන්ට ලැබිය යුතු කොටස මේය: ඉස්සරහ ගාතයක්ද දෙකන්සද ආමාශයද පූජකයාට දිය යුතුය.
4
ඔබේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද තෙලින්ද ප්‍රථම ඒවාත් ඔබේ බැටළුවන්ගේ ප්‍රථම ලෝමත් ඔහුට දෙන්න.
5
මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සහ ඔහුගේ පුත්‍රයන්ද ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් සෑම කල්හිම සේවයකිරීමට සිටින පිණිස ඔබේ සියලු ගෝත්‍රවලින් ඔහු තෝරාගත්සේක.
6
මුළු ඉශ්රායෙල්හි කොතන නුමුත් තිබෙන ඔබේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවීයයෙක් එතනින් පිටත්වී ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත්,
7
එහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින ලෙවීවරුන් වන තමාගේ සියලු සහෝදරයන් කරන්නාක් මෙන් ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් සේවය කෙරේවා.
8
තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.
9
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.
10
තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,
11
මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් ඔබ අතරෙහි නොසිටීවා.
12
මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක.
13
ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න.
14
මක්නිසාද ඔබ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් ඔබට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.
15
මා සමාන අනාගතවක්තෘකෙනෙකු ඔබ සැම අතරෙන් ඔබේ සහෝදරයන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට නැගුටුවා දෙනවා ඇත; ඔබ සැම එතුමාට ඇහුම්කන් දෙන්නහුය.
16
ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී ඔබ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගෙන් ඔබ ඉල්ලුවෙහිය.
17
ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔවුන් කී දේ මනා ලෙස කීවෝය.
18
මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඔබ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.
19
මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි.
20
එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.
21
ඉදින් ස්වාමීන්වහන්සේ නොකී වචනය අපි කෙසේ දනිමුදැයි ඔබේ සිතින් කියන්නෙහි නම්,-
22
අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34