bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 33
Deuteronomy 33
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 34 →
1
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.
2
ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක; උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.
3
එසේය, උන්වහන්සේ ජනයන්ට ප්‍රේම කරනසේක; ඔවුන්ගේ සියලු ශුද්ධවන්තයෝ ඔබ අතෙහිය. ඔව්හු ඔබ පාමුල හිඳ, ඔබගේ වචන පිළිගන්නෝය.
4
යාකොබ්ගේ සභාවේ උරුමයක් කොට මෝසෙස් අපට ව්‍යවස්ථාවක් පනවා දුන්නේය.
5
ඉශ්රායෙල්හි සියලු ගෝත්‍ර වන සෙනඟගේ ප්‍රධානීන් රැස්වූ කල, උන්වහන්සේ යෙෂුරූන්හි රජව සිටිසේක.
6
රූබෙන් නොනැසී ජීවත්වේවා; එහෙත් ඔහුගේ මනුෂ්‍යයෝ ස්වල්ප දෙනෙක් වෙත්වා.
7
යූදාගේ ආශීර්වාදය මේය: ඔහු කියනුයේ- ස්වාමීන්වහන්ස, යූදාගේ හඬ අසා, ඔහුගේ සෙනඟ වෙතට ඔහු ගෙන ආවමැනව. ඔහු සියතින් තමා උදෙසා පොර බැදුවේය; ඔහුගේ එදිරිකාරයන්ට විරුද්ධව ඔබ ඔහුට පිහිටක් වනසේකැයි කීය.
8
ඔහු ලෙවී ගැන කියනුයේ- ඔබ විසින් මස්සාහිදී පරීක්ෂාකර, මෙරීබාහි වතුර ළඟදී විවාදකළාවූ,
9
තමාගේ පියා ගැනත් මවු ගැනත් මම ඔවුන් නුදුටුවෙමියි කීවාවූ, තමාගේ සහෝදරයන් නෑඳින තමාගේ දරුවන් නොදැන සිටියාවූ, ඔබේ ප්‍රිය තැනැත්තා ළඟ ඔබේ තුම්මීම්ද ඔබේ ඌරීම්ද ඇත්තේය. මක්නිසාද ඔව්හු ඔබගේ වචනය පැවැත්තුවෝය, ඔබගේ ගිවිසුමද රක්ෂාකෙරෙති.
10
ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.
11
ස්වාමීන්වහන්ස, ඔහුගේ ශක්තියට ආශීර්වාද කොට, ඔහුගේ අත්වල වැඩය පිළිගත මැනව. ඔහුට විරුද්ධව නැගිටින්නන්ද ඔහුට වෛර වෙන්නන්ද තවත් නොනැගිටින ලෙස, ඔවුන්ගේ තුනටියට ගැසුව මැනවයි කීවේය.
12
ඔහු බෙන්යමින් ගැන කියනුයේ ස්වාමීන්වහන්සේ ගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.
13
ඔහු යෝසෙප් ගැන කියනුයේ අහසේ අනර්ඝ දේවලින්ද පිනිවලින්ද යට තිබෙන ගැඹුරෙන්ද
14
සූර්යයාගේ අනර්ඝ අස්වැන්නෙන්ද චන්ද්‍ර මාසවල අනර්ඝ වැවිලිවලින්ද
15
පුරාණ කඳුවල උතුම් දේවලින්ද සදාකාල හෙල්වල අනර්ඝ දේවලින්ද
16
භූමිය සහ එහි පූර්ණකමේ අනර්ඝ දේ වලින්ද ස්වාමීන්වහන්සේ ඔහුගේ දේශයට ආශීර්වාද කරන සේක්වා; පඳුරෙහි විසූ තැනන්වහන්සේගේ කරුණාවද යෝසෙප්ගේ හිස පිටටත්, තමාගේ සහෝදරයන් අතරෙහි ශ්‍රේෂ්ඨව සිටි තැනැත්තාගේ හිස් මුදුන පිටටත් පැමිණේවා.
17
ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි; ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය. එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය. ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන් යයි කීය.
18
ඔහු සාබුලොන් ගැන කියනුයේ-එම්බා සාබුලොන්, ඔබේ නික්ම යාම් ගැනද එම්බා ඉස්සාඛර්, ඔබේ කූඩාරම් ගැනද ප්‍රීති වන්න.
19
ඔව්හු කන්දට ජනයන් කැඳවාගෙන, එහි ධර්මිෂ්ඨකමේ පූජා ඔප්පුකරන්නෝය. මක්නිසාද ඔව්හු මුහුදුවල සම්පූර්ණකමද වැල්ලෙහි සැඟවී තිබෙන වස්තුවද උරාගන්නෝයයි කීය.
20
ඔහු ගාද් ගැන කියනුයේ-ගාද් විශාලකරන තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔහු සිංහ ධේනුවක් මෙන් හිඳ බාහුව සහ හිස්මුදුනත් ඉරාදමන්නේය.
21
ඔහු ප්‍රථම කොටස තමාටම සපයාගත්තේය, මක්නිසාද නීති දායකයා විසින් කොටසක් එහි ඉතුරුකර තිබුණේය; ඔහු සෙනඟගේ ප්‍රධානීන් කැටුව විත් ස්වාමීන්වහන්සේ ගේ ධර්මිෂ්ඨකමද ඉශ්රායෙල් සමඟ උන්වහන්සේගේ විනිශ්චයන්ද ඉෂ්ටකෙළේයයි කීය.
22
ඔහු දාන් ගැන කියනුයේ-දාන් සිංහ පැටවෙක, ඔහු බාෂාන්හි සිට පනින්නේයයි කීය.
23
ඔහු නප්තලී ගැන කියනුයේ-එම්බා නප්තලී, කරුණාවෙන් තෘප්තියට පැමිණ, ස්වාමීන්වහන්සේ ගේ ආශීර්වාදයෙන් පූර්ණව සිටින ඔබ, බස්නාහිර දිශාවද දකුණු දිශාවද හිමිකර ගන්නැයි කීය.
24
ඔහු ආෂෙර් ගැන කියනුයේ-ආෂෙර්ට දරුසම්පත ලැබේවා; ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා.
25
ඔබේ අගුල් පොලු යකඩ සහ පිත්තලය; ඔබේ ශක්තියද ඔබේ දවස් මෙන් වන්නේය.
26
අහෝ යෙෂුරූන්, ඔබට උපකාර කරන්ට අහස පිටද ස්වකීය මහිමයෙන් වලාකුල් පිටද නැගී එන්නාවූ දෙවියන්වහන්සේට සමාන කෙනෙක් නැත.
27
සදාකාල දෙවියන්වහන්සේ ඔබේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ ඔබ දරා සිටින්නෝය. ඔබ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.
28
ඉශ්රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.
29
එම්බා ඉශ්රායෙල්, ඔබ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ ඔබට සමාන කවුද? උන්වහන්සේ ඔබට උපකාර කරන පලිහත් ඔබේ මහිමයේ කඩුවත්ය. ඔබේ සතුරෝ ඔබට යටත් වන්නෝය; ඔබද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 34 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34