bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 6
Deuteronomy 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 7 →
1
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට භයව ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් ඔබේ දවස් වැඩිවෙන පිණිසත්,
2
ඔබ සැම හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට ඔබ සැමට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
3
එබැවින් ඉශ්රායෙල්, ඔබට ශුභ සිද්ධවන පිණිසත් ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී ඔබ සැම අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.
4
එම්බා, ඉශ්රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේ ය.
5
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.
6
මා විසින් අද ඔබට අණකරන මේ වචන ඔබේ සිතේ තිබේවා.
7
ඒවා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, ඔබ ගෙයි හිඳින කලද මග යන කලද ඔබ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.
8
ඒවා ඔබේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා ඔබේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා.
9
ඒවා ඔබේ ගෙයි උළුවහු පිටද ඔබේ දොරවල් පිටද ලියන්න.
10
ඔබට දෙන හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළාවූ දේශයට ඔබ පැමිණෙවු කල්හිත්, ඔබ ගොඩ නොනැගුවාවූ විශාලවූ හොඳවූ නුවරවල්ද,
11
ඔබ නොපිරෙවුවාවූ, සියලු යහපත් දේවලින් පිරී තිබෙන ගෙවල්ද ඔබ නොකැපුවාවූ කපා තිබෙන තටාකද ඔබ නොහිටෙවු මිදිවතුද ඔලීව ගස්ද ඔබ විසින් ලබාගන කාලා තෘප්තියට පැමුණුණ කල්හිත්,
12
මිසර දේශය වන වහල්කමේ ගෙයින් ඔබ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න.
13
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ විසින් භයවෙන්ටත් උන්වහන්සේටම සේවයකරන්ටත් උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්ටත් ඕනෑය.
14
අන් දෙවිවරුන් වන ඔබ සැම වටකර සිටින ජාතීන්ගේ දෙවිවරුන් අනුව නොයන්න;
15
එසේ කළොත් ඔබ සැම මධ්‍යයෙහි වැඩ සිටින ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අන්‍ය භක්ති නොඉවසන්නාවූ දෙවිකෙනෙක් බැවින්, උන්වහන්සේගේ උදහස ඔබට විරුද්ධව ඇවිළ ඔබ පොළොව මතුපිටින් විනාශකරනවා ඇත.
16
මස්සාහිදී කළාක් මෙන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂානොකරන්න.
17
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද හොඳාකාරයෙන් රක්ෂාකරන්න.
18
ඔබට ශුභ සිද්ධවන පිණිසද ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්ට දිවුළ යහපත් දේශයට ඇතුල්ව එය හිමිකරගන්නා පිණිසද ස්වාමීන්වහන්සේ කී ලෙස ඔබේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් එළවා දමන පිණිසද,
19
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරිව යහපත්ව පෙනෙන දේ කරන්න.
20
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට,
21
ඔබේ පුත්‍රයාට උත්තරදෙමින්: අපි මිසරයෙහි ඵාරාවෝගේ දාසයෝව සිටියෙමුව; ස්වාමීන්වහන්සේ ද බලවත් හස්තයකින් අප මිසරයෙන් පිටතට ගෙනාසේක;
22
මිසරයද ඵාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමීන්වහන්සේ අපේ ඇස් හමුයෙහි මහත්වූ භයානකවූ ලකුණුද ආශ්චර්යද කොට,
23
අපේ පියවරුන්ට දෙන්ට දිවුළ දේශයට අප පමුණුවා, ඒක අපට දෙන පිණිස එතැනින් පිටතට අප ගෙනාසේක.
24
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට අප විසින් භයවෙන පිණිසත් සෑම කල්ම අපට ශුභසිද්ධවෙන පිණිසත් අද දවසේ මෙන් අප ජීවමානව රක්ෂාකරන පිණිසත් මේ සියලු පනත් ඉෂ්ටකරන්ට ස්වාමීන්වහන්සේ අපට අණකළසේක.
25
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්ට බලාගනිමුනම් ඒ අපට ධර්මිෂ්ඨකම වන්නේයයි කියන්න.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34