bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Deuteronomy 7
Deuteronomy 7
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 8 →
1
ඔබ හිමිකරගන්ට යන්නාවූ දේශයට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන ඔබට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත ඔබ ඉදිරියෙන් පහකර දමන කල්හිද,
2
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදෙන්ටත් ඔබ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද ඔබ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.
3
ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; ඔබේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව ඔබේ පුත්‍රයාට පාවා නොගන්න.
4
මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ඔබේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේ ගේ උදහස ඔබට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම ඔබ විනාශකරනවා ඇත.
5
එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.
6
මක්නිසාද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස ඔබ තෝරාගත් සේක.
7
ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ඇලුම්වී ඔබ සැම තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා ඔබ සැම ගණනින් වැඩි නිසා නොවේ; මක්නිසාද ඔබ සැම අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහුය.
8
නුමුත් ස්වාමීන්වහන්සේ ඔබ සැම බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජවූ ඵාරාවෝ අතින් ඔබ සැම මිදුවේ උන්වහන්සේ ඔබ සැමට ප්‍රේමකළ නිසාත් ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්ට කැමතිවූ නිසාත්ය.
9
එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,
10
උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගන්න. උන්වහන්සේ තමන්ට වෛරවන්නා ගැන ප්‍රමාද නොවී ඔහුගේ මුහුණ ඉදිරිපිට ඔහුට ප්‍රතිඵල දෙනසේක.
11
එබැවින් පවත්වන්ට මා විසින් අද ඔබට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්න.
12
තවද ඔබ සැම මේ විනිශ්චයන් අසා ඒවා පවත්වා ඉෂ්ටකරන බැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම හා කරුණාව ඔබ සමඟ පවත්වා,
13
ඔබට ප්‍රේමවී, ඔබට ආශීර්වාදකොට, ඔබ වැඩිකර, ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී ඔබේ ගර්භයෙහි ඵලයට සහ ඔබේ භූමියේ ඵලය වන ඔබේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.
14
ඔබ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. ඔබ සැම අතරෙහිද ඔබ සැමගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි.
15
ස්වාමීන්වහන්සේ සියලු රෝග ඔබ කෙරෙන් පහකොට, ඔබ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් ඔබ පිටට නොපමුණුවා, ඔබට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.
16
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; ඔබේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක ඔබට මලපතක් වන්නේය.
17
මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි ඔබට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.
18
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඵාරාවෝ සහ මුළු මිසරයට කළ දේද
19
ඔබේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. ඔබ භයවෙන්නාවූ සියලුම ජනයන්ට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.
20
තවද ඉතුරුවී සැඟවෙන්නාවූ අය ඔබ ඉදිරියෙන් නැතිවී යනතුරු ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට දෙබරුන් යවනවා ඇත.
21
මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.
22
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් ඔබ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. ඔබ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ ඔබට විරුද්ධව වැඩිවන්නෝය.
23
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදී, ඔවුන් නැතිවී යන තුරු මහත්වූ පරාජයකින් ඔවුන් පරාජය කරනවා ඇත.
24
ඔවුන්ගේ රජවරුන්ද උන්වහන්සේ ඔබ අතට පාවා දෙනවා ඇත, ඔබ අහස යටින් ඔවුන්ගේ නාමය නැතිකර දමන්නෙහිය. ඔබ ඔවුන් විනාශකර දමන තුරු කිසි මනුෂ්‍යයෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.
25
ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් ඔබ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය.
26
පිළිකුල් දෙයක් ඔබේ ගෙට ගෙනගොස් ඔබ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. ඔබ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34