bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 12
Exodus 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 13 →
1
සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස් සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“මේ මාසය, හැම මාසවලට ම මුල් මාසය විය යුතු ය; අවුරුද්දේ පළමු වන මාසය ද විය යුතු ය.
3
නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය.
4
යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය.
5
නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
6
එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.
7
“ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේ ද උළුවස්සේ උඩ ලීයේ ද තැවරිය යුතු ය.
8
එම රාත්‍රියේ දී උගේ මාංස අනුභව කළ යුතු ය. එය අනුභව කළ යුත්තේ මඳ ගින්නේ පුළුස්සා, නුමුහුන් රොටි හා තිත්ත පලා සමඟ ය.
9
ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය.
10
උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය.
11
“තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි.
12
එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.
13
නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත.
14
මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
15
“සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.
16
පළමු වන දිනයෙහි ද, හත් වන දිනයෙහි ද ආගමික රැස්වීමක් පැවැත්විය යුතු ය. එම දිනවල හැම දෙනා ම කෑම පිළියෙළ කිරීම හැර අන් කිසි වැඩක් නොකළ යුතු ය.
17
තවද නුඹලා මේ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිසර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළ ම මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහට ම නියෝගයක් පැනවිය යුතු ය.
18
පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.
19
නුඹලාගේ ගෙවල දින හතක් ම මුහුන් නොතිබිය යුතු ය. යමෙකු මුහුන් මුසු යමක් අනුභව කළොත්, ඔහු විදේශිකයෙක් වේ වා, ස්වදේශිකයෙක් වේ වා, ඔහු ඉශ්රායෙල් ජනතාව කෙරෙන් නෙරපාදමනු ලැබේ.
20
මුහුන් මුසු කිසිවක් නුඹලා අනුභව නොකළ යුතු බැවින්, ගෙවල් සියල්ලෙහි ම නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.”
21
එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් ඔබේ පවුල්වලට ප්‍රමාණ වන බැටළු පැටවෙකු බැගින් තෝරාගෙන, ඒ පාස්කු බැටළුවා මරන්න.
22
ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය.
23
මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක.
24
තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය.
25
සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට, එහිදීත් මේ පිළිවෙත පැවැත්විය යුතු ය.
26
මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට
27
‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය.
28
ඉශ්රායෙල් ජනයා ද පිටත් ව ගොස් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට වදාළ පරිදි කළහ.
29
ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක.
30
පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය.
31
එවිට පාරාවෝ රාත්‍රියේ දී ම මෝසෙස් හා ආරොන් කැඳවා, “නුඹලා සහ ඉශ්රායෙල් ජනයා නැඟිට, මාගේ සෙනඟ කෙරෙන් පලා ගොස්, නුඹලා කී පරිදි සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න.
32
තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය.
33
“නැතහොත් අප හැම දෙන ම මැරෙන්නට පුළුවනැ”යි කියමින්, මිසර වැසියෝ ඉශ්රායෙල් ජනයාට වහා රටින් පිට වන ලෙස බල කළහ.
34
එවිට සෙනඟ ඇනූ පිටි පිපෙන්න කලින් ගෙන, තමන්ගේ පිටි අනන හට්ටි ද තම ඇඳුම්වල ඔතාගෙන කරේ තබාගත්හ.
35
ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ.
36
සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්‍රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ.
37
ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.
38
තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.
39
ඔව්හු මිසර දේශයෙන් පිටතට ගෙනා, ඇනූ නුමුහුන් පිටිවලින් රොටි පිළිස්සූ හ. මිසරයෙන් ඔවුන් නෙරපාදැමූ විට පමා වීමට ඉඩක් නොතිබුණු බැවින් මුහුන් දමා ඇනූ පිටි ඔවුන් සතු නො වී ය. තවද, කිසි ආහාරයක් පිළියෙළ කරගැනීමට ද ඔවුන්ට නොහැකි විය.
40
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙහි පදිංචි ව සිටි මුළු කාලය අවුරුදු හාරසිය තිහක් විය.
41
මෙසේ අවුරුදු හාරසිය තිහක් අවසාන වූ දිනයෙහි ම සමිඳාණන් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් නික්ම ගියෝ ය.
42
ඒ රාත්‍රියෙහි ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස සමිඳාණන් වහන්සේ අවදි ව සිටි බැවින් සෑම පරම්පරාවක ම මුළු ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස අවදි ව සිට අනුස්මරණය කළ යුතු රාත්‍රිය මෙය වේ.
43
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “පාස්කුව පිළිබඳ නියෝග මේ ය. කිසි ම විදේශිකයෙකු එයින් අනුභව නොකළ යුතු ය.
44
එහෙත්, නුඹ මිල දී ගත් වහලෙක් සිටී නම්, නුඹ ඔහු චර්මඡේදනය කළ පසු ඔහුට එය අනුභව කළ හැක.
45
එහෙත්, විදේශිකයෙකු හෝ කුලියට ගත් වහලෙකු හෝ එය අනුභව නොකළ යුතු ය.
46
තවද, මස්වලින් කිසිවක් ගෙයින් පිටතට ගෙන නොගොස් එක ගෙදරක දී ම එය අනුභව කළ යුතු ය. ඇරත් බැටළුවාගේ එක ඇටයක් වත් නොකැඩිය යුතු ය.
47
තවද, මුළු ඉශ්රායෙල් ජනතාව ම පාස්කුව පැවැත්විය යුතු ය.
48
එහෙත්, නුඹ සමඟ වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ නමින් පාස්කුව සිදු කිරීමට කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මඡේදනය ලැබිය යුත්තෝ ය. එවිට නුඹ සමඟ එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකි ය. තවද, එවැන්නෙකු ස්වදේශිකයෙකු මෙන් සැලකිය යුතු ය. එහෙත්, අචර්මඡේදිත කෙනෙක් නම් පාස්කුව අනුභව නොකළ යුතු ය.
49
ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.”
50
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ දුන් පරිදි මුළු ඉශ්රායෙල් ජනයා එලෙස ඉටු කළහ.
51
තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40