bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 35
Exodus 35
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 36 →
1
මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය:
2
‘දවස් හයක් තුළ ඔබ වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දින ඔබට ශුද්ධ දිනයක් ද සමිඳාණන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක් ද විය යුතු ය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරනු ලැබිය යුතු ය.
3
සබත් දවසේ දී ඔබේ කිසි ම නිවාසයක ගින්නක් පවා නො දැල්විය යුතු ය.’ ”
4
නැවතත් මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මේ ය:
5
ඔබ සතු දෙයින් සමිඳාණන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතු ය. එසේ කිරීමට කැමැති සෑම කෙනෙකු ම තම පඬුර සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. එය රන්, රිදී, ලෝකඩ ද
6
නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ සහ එළු ලොම් ද
7
රතු සායම් පෙවූ බැටළු හම් හා පදම් කළ හම් ද ෂිටිම් ලී ද
8
පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද
9
ඒපොද් නම් සැට්ටයේ සහ ළය වැස්මේ එබ්බවීමට නඛමාණික්‍ය හා වෙනත් මැණික් ද විය හැක.”
10
“ඔබ අතර සිටින සියලු දක්ෂ ශිල්පීන් පැමිණ, සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල සෑදිය යුතු ය.
11
එනම් මණ්ඩපය සහ එහි කූඩාරම, ඊට ආවරණය, කොකු සහ ලෑලි, හරස් පොලු සහ කණු, කෙවෙණි;
12
ගිවිසුම් කරඬුව සහ එය උසුලාගෙන යෑමට පොලු, කරුණාසනය, එය වසන තිරය;
13
මේසය සහ එහි කකුල්, එහි උපකරණ සහ පුදන රොටි
14
ආලෝකය දීමට පහන් රුක, එහි උපකරණ, එහි පහන් හා ඒවා දැල්වීමට තෙල්;
15
දුම් පූජාසනය හා එහි පොලු, ආලේප තෛලය, සුවඳ දුම්, මණ්ඩපයට ඇතුළු වන දොරටුවේ කඩතුරාව;
16
දවන යාග පූජාව පුදන පූජාසනය, ඊට සම්බන්ධ ලෝකඩ මේසය, එහි පොලු හා සියලු උපකරණ, සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය;
17
මළුවට තිර, එහි කණු, කෙවෙණි, මළුවේ දොරටුවට කඩතුරාව;
18
මණ්ඩපයට හා මළුවට කූඤ්ඤ හා ඒවායේ ලණු;
19
ශුද්ධස්ථානයේ සේවය පිණිස නිල් වස්ත්‍ර, පූජක නිලයේ සේවාවට පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුතුන් හට වස්ත්‍ර යන ඒවා සෑදිය යුතු ය.”
20
ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස් වෙතින් නික්ම ගියහ.
21
තවද, එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සැම කෙනෙක් ම සම්මුඛ මණ්ඩපය සෑදීමට ද එහි සියලු සේවාවන් සඳහා ද ශුද්ධ වස්ත්‍ර සඳහා ද සමිඳාණන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ.
22
ස්ත්‍රීහු හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනා ම, හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝ ම සමිඳාණන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ.
23
නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද එළු ලොම් ද රතු සායම් පෙවූ බැටළු ලොම් ද පදම් කළ හම් ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ.
24
රිදී හෝ ලෝකඩ හෝ දෙන්නට හැකි වූ සියල්ලෝ ම ඒවා සමිඳාණන් වහන්සේ වෙත පඬුරු වශයෙන් ගෙනාහ. යම් වැඩකට ගත හැකි ෂිටිම් ලී තිබූ සියල්ලෝ ද ඒවා ගෙනාහ.
25
දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝ ද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන, ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් හණපිළි ද ගෙනාහ.
26
දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ.
27
ඒපොද් නම් සැට්ටයේ හා ළය වැස්මේ ඔබ්බනු සඳහා ප්‍රජා මූලිකයෝ නඛමාණික්‍ය හා වෙනත් මාණික්‍ය ද
28
පහනට තෙල් ද ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල් ද ගෙනාහ.
29
සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.
30
මෝසෙස් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේ ය: “බලන්න, සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරාගත් සේක.
31
උන් වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා, කෞශල්‍යය, හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළ සේක. එසේ කෙළේ නන්වැදෑරුම් කලාත්මක කෘතීන් සඳහාත්,
32
දක්ෂ කලාවන් නිපැයීමටත් ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්,
33
මැණික් ගල් කපා ඒවායේ එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, වෙනත් නා නා විධ කලාත්මක කෘතීන් සෑදීමටත් ය.
34
උන් වහන්සේ ඔහුට ද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත් ඔහොලියාබ්ට ද කලා ශිල්පීන්ට ඉගැන්වීමේ වරය දුන් සේක.
35
තවද, උන් වහන්සේ කැටයම් ශිල්පීන්ගේ ද කලා ශිල්පීන්ගේ ද නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූලින් සහ සිහින් ව කටින ලද හණවලින් මල් වැඩ දමන්නන්ගේ ද වියන්නන්ගේ ද නන්වැදෑරුම් කෘතීන් කිරීමට හැකියාව ඔවුන්ට දානය කළ සේක. ඔවුන්ට සියලු ආකාර කලා වැඩ කිරීමටත්, දක්ෂ ලෙස සැලැස්ම පිළියෙළ කිරීමටත් පුළුවන් විය.
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 36 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40