bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 9
Exodus 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 10 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.
2
ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත්
3
මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය.
4
එහෙත් සමිඳාණන් වහන්සේ වන මම ඉශ්රායෙල් ජනයාගේ ගවයන් හා මිසර වාසීන්ගේ ගවයන් අතර වෙනසක් දක්වන්නෙමි. ඉශ්රායෙල් ජනයා සතු මුළු ගවසම්පතින් එක සතෙක් වත් නොමැරෙන්නේ ය.
5
තවද, උන් වහන්සේ වේලාවක් ද නියම කරමින්, ‘හෙට සමිඳාණන් වහන්සේ මේ දේ මේ රටේ ඉටු කරනු ඇතැ’ ”යි වදාළ සේක.
6
පසුදින උන් වහන්සේ එලෙස කළ සේක. එවිට මිසරයේ ගවසම්පත මුළුමනින් ම වැනසිණි. එහෙත්, ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙක් වත් නොමළේ ය.
7
පාරාවෝ පණිවුඩකාරයන් යැවූ විට ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙකු වත් නොමළ බව දිටී ය. එහෙත්, ඔහුගේ සිත දැඩි වූයෙන් ඔහු සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.
8
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “උදුනින් අළු අහුරක් ගන්න. පාරාවෝ බලා සිටිය දී මෝසෙස් ඒවා අහසට විසි කළ යුතු ය.
9
එවිට ඒවා මුළු මිසර දේශය පුරා සිහින් ධූලි වී, මුළු මිසර දේශයේ සිටින මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කරන්නේ ය”යි වදාළ සේක.
10
ඔව්හු උදුනින් අළු ගෙන පාරාවෝ ඉදිරිපිට සිට ගත්හ. එවිට මෝසෙස් අහස දෙසට එය විසි කළ විට, එය මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කෙළේ ය.
11
එවිට ගඩු නිසා ඉන්ද්රජාලිකයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්න නොහැකි විය. මන්ද, ඉන්ද්රජාලිකයන් හා මිසර වාසීන් සියල්ලන් මත ගඩු හට ගැනිණි.
12
එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත.
13
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අලුයම නැඟිට පාරාවෝ ඉදිරියට ගොස් ඔහු අමතා, ‘හෙබ්රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න. එනම්, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.
14
ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.
15
මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි.
16
එහෙත්, ඔබට මාගේ බලපරාක්රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.
17
එහෙත්, ඔබ තවමත් මාගේ සෙනඟට විරුද්ධ ව අහංකාරකම් පාමින්, ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි ය.
18
බලන්න, හෙට මේ වේලාවට පමණ, මිසරයේ ආරම්භයේ සිට අද දක්වා, එහි නුවූ විරූ, ඉතා දරුණු ගල් වර්ෂාවක් මම වස්වන්නෙමි.
19
එබැවින් දැන් ඉතින් පණිවුඩ යවා කෙත්වල සිටින ගවසම්පතට හා නුඹ සතු සියල්ලට ආරක්ෂා සලසන්න. ගෙට නොගෙන්වාගෙන, කෙත්වල සිටින සියලු මිනිසුන් හා සතුන් පිට ගල් වැස්ස වැටේ. ඔව්හු නසින්නෝ ය’ ”යි වදාළ සේක.
20
පාරාවෝගේ නිලධාරීන් අතර සමිඳාණන් වහන්සේගේ වචනයට බිය වූ සමහරෙක් තමන්ගේ වහලුන් හා ගවසම්පත ගෙවලට ගත්හ.
21
එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.
22
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු මිසර දේශය පුරා ගල් වර්ෂාව වැස, මුළු මිසර දේශයෙහි සිටින මිනිසුන් හා මෘගයන් ද කෙතෙහි සෑම පැළෑටි ද මත එය වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ”යි වදාළ සේක.
23
ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.
24
මෙලෙස ඉතා වේගවත් ලෙස ගල් වර්ෂා ද ගල් වර්ෂා සමඟ විදුලි කෙටීම් ද විය. මෙවැන්නක් මුළු මිසර දේශය පුරා එම රට ජාතියක් වූ දින සිට කවදා වත් සිදු නොවිණි.
25
ගල් වර්ෂාව මුළු මිසර දේශය පුරා කෙතේ සිටි සියලු මිනිසුන්ට හා මෘගයන්ට පහර දුනි. තවද එය, කෙතෙහි වූ පැළෑටි සියල්ලට ද පහර දෙමින් එහි වූ ගස් සියල්ල ද බිඳදැමී ය.
26
එහෙත්, ඉශ්රායෙල් ජනයා විසූ ගෝෂෙන් දේශයෙහි පමණක් ගල් වර්ෂාව නො වී ය.
27
එවිට පාරාවෝ පණිවුඩ යවා මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙවර මම පව් කෙළෙමි; සමිඳාණන් වහන්සේ කළ දේ හරි ය; මාගේ සෙනඟත්, මාත් කළ දේ වැරදි ය.
28
අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.
29
මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.
30
එහෙත්, ඔබත් ඔබේ නිලධාරීනුත් තව ම දෙවි සමිඳාණන් වහන්සේට බිය නොවන බව මම දනිමි”යි කීවේ ය.
31
එවකට යව පැසෙමින් තිබුණු නිසාත්, හණ පීදෙමින් තිබුණු නිසාත් හණ සහ යව වැනසිණි.
32
එහෙත් තිරිඟු හා තණහාල් පමා වී පීදෙන බැවින් ඒවා නොවැනසිණි.
33
මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි.
34
වැස්සත්, ගල් වර්ෂාවත්, මේඝ ගර්ජනාවත් නැවතුණු බව පාරාවෝ දුටු කල ඔහු නැවත පව් කෙළෙන්, ඔහු ද නිලධාරීහු ද තම සිත් දැඩි කොටගත්හ.
35
පාරාවෝගේ සිත දැඩි විය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඉශ්රායෙල් ජනයාට යන්න අවසර නුදුන්නේ ය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40