bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 8
Exodus 8
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 9 →
1
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස්, ඔහු අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මට වැඳුම්පිදුම් කරන පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න.
2
ඔබ ඔවුන්ට යන්න අවසර නුදුන්නොත් මෙන්න, මම ඔබේ මුළු රටට ම මැඩි වසංගතයකින් පහර දෙමි.
3
එවිට නයිල් ගඟ මැඩියන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය. මැඩියෝ එයින් පිට වී ඔබේ මාලිගාවට ද ඔබේ යහන් ගබඩාවට ද ඔබේ යහනට ද ඔබේ නිලධාරීන්ගේ නිවාසවලට ද ඔබේ සෙනඟ වෙතට ද ඔබේ උදුන්වලට හා පිටි බඳුන්වලට ද පනින්නෝ ය.
4
තවද, උන් ඔබේ ඇඟටත්, ඔබේ ජනතාවගේ හා සියලු නිලධාරීන්ගේ ඇඟටත් පනිනු ඇත’ කියා කියන්නැ”යි වදාළ සේක.
5
උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘මිසර දේශයෙහි මැඩියන් හටගන්න පිණිස එහි ගංගා, ඇල දොළ, පොකුණු මත ඔබේ සැරයටිය ගෙන අත දිගු කරන්න’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.
6
ආරොන් මිසරයේ ජලය මත තම අත දිගු කළ විට මැඩියෝ මතු වී මිසර දේශය වසාගත්හ.
7
ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම් මඟින් එලෙස කර මිසර දේශයෙහි මැඩියන් හටගන්නට සැලැස්වූ හ.
8
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “මාගෙන් ද මාගේ සෙනඟගෙන් ද මැඩියන් පහ කරන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස මම සෙනඟට යන්න අවසර දෙමි”යි කී ය.
9
එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය.
10
ඔහු පිළිතුරු දෙමින්, “හෙට ය”යි කී විට, “ඔබ කී ලෙස එසේ වනු ඇත. එවිට අපේ දෙවියන් වහන්සේ හා සමාන වෙන කිසි සමිඳාණන් වහන්සේ කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.
11
මැඩියෝ ඔබෙන් හා ඔබේ නිවාසවලින් ද, ඔබේ නිලධාරීන්ගෙන් හා සෙනඟගෙන් ද ඉවත ගොස් ගංගාවෙහි පමණක් සිටිනු ඇතැ”යි කී ය.
12
ඉන්පසු මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතින් නික්ම ගියහ. මෝසෙස්, පාරාවෝට පීඩා කිරීමට සැලැසූ මැඩියන් ගැන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
13
මෝසෙස් ඉල්ලූ පරිදි උන් වහන්සේ ඉටු කළ සේක. ගෙවල ද ගෙමිදුල්වල ද කෙත්වල ද සිටි මැඩියෝ මැරුණාහ.
14
උන් එකතු කොට ගොඩගැසූ කල මුළු රට ම දුගඳ විය.
15
එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.
16
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘නුඹේ සැරයටිය දිගු කොට පොළොවේ දූවිල්ලට ගසන්න, එවිට මුළු මිසර දේශය පුරා ඇති දූවිල්ල කිනිතුල්ලන් බවට හැරෙනු ඇත’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.
17
ඔව්හු එසේ කළහ. ආරොන් සැරයටිය ගෙන අත දිගු කොට එයින් පොළොවේ දූවිල්ලට ගැසූ විට ඒවා මිනිසාගේ සහ මෘගයාගේ ඇඟේ වසන කිනිතුල්ලන් බවට පත් විය. මුළු මිසර දේශය පුරා පොළොවේ සියලු දූවිල්ල කිනිතුල්ලන් බවට පත් විය.
18
එවිට ඉන්ද්‍රජාලිකයන් ද තමන්ගේ ඇස්බැන්දුම් මඟින් කිනිතුල්ලන් හටගැන්වීමට වැර දැරූ නමුත් ඔව්හු ඊට අපොහොසත් වූ හ. මෙලෙස මිනිසා පිට හා මෘගයන් පිටත් කිනිතුල්ලෝ බෝ වූ හ.
19
ඉන්ද්‍රජාලිකයන් පාරාවෝට කතා කොට, “මෙය දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි”යි කී නමුත් සමිඳාණන් වහන්සේ වදාළ පරිදි ඔහු තම සිත දැඩි කරගෙන ඔවුන් කී දේ සැලකුවේ නැත.
20
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතාකොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.
21
මාගේ සෙනඟට යන්න ඔබ අවසර නොදෙන්නෙහි නම් බලන්න, මම මැසි රංචු රංචු ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා ජනයා පිට ද ගෙවලට ද එවන්නෙමි. එවිට මිසර වාසීන්ගේ ගෙවල් ද ඔවුන් සිටින භූමිය ද මැසි රංචුවලින් පිරී යනු ඇත.
22
එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගෝෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය.
23
තවද, මාගේ සෙනඟ හා ඔබේ සෙනඟ අතර වෙනසක් කරමි. මේ හාස්කම හෙට සිදු වන්නේ ය’ ”යි වදාළ සේක.
24
සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.
25
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “යන්න, නුඹලා මේ දේශයෙහි ම නුඹලාගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නැ”යි කී ය.
26
මෝසෙස් පිළිතුරු දෙමින්, “එසේ කිරීම හරි නැත. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේට අප පූජා කරන සතුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි. හොඳයි, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ම ඔවුන් පිළිකුලක් මෙන් සලකන පූජා අප ඔප්පු කළොත් ඔවුන් අපට ගල් ගසන්නේ නැද් ද?
27
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි, තුන් දවසක දුර පාළුකරයට ගොස්, උන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නෙමු”යි කී ය.
28
එවිට පාරාවෝ කතා කොට, “පාළුකරයේ දී නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස නුඹලා බොහෝ දුර නොයන්නහු නම් මම නුඹලාට යන්න අවසර දෙමි. මා වෙනුවෙන් ද යාච්ඤා කරන්නැ”යි කීවේ ය.
29
මෝසෙස් ඊට උත්තර දෙමින්, “මෙන්න, මා ඔබ වෙතින් ගිය කෙණෙහි ම, හෙට පාරාවෝගෙන් ද නිලධාරීන්ගෙන් ද සෙනඟගෙන් ද මැසි රංචු පලා යන ලෙස, මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස සෙනඟට යන්න අවසර නොදෙන ලෙස පාරාවෝ කපටිකමින් තවදුරටත් ක්‍රියා නොකළ යුතු ය”යි කීවේ ය.
30
මෝසෙස් පාරාවෝ වෙතින් ඉවතට ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
31
උන් වහන්සේ ඔහු ඉල්ලූ ලෙස ඉටු කරමින් පාරාවෝගෙන් ද ඔහුගේ නිලධාරීන්ගෙන් ද ඔහුගේ සෙනඟගෙන් ද මැසි රංචු පහකළ සේක. එවිට එකෙක් වත් ඉතිරි නො වී ය.
32
එහෙත්, පාරාවෝ මේ වතාවේ ද තම සිත දැඩි කරගනිමින් සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40