bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 27
Exodus 27
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 28 →
1
“ෂිටිම් ලීවලින් මීටර් දෙකයි දශම දෙකක් දිග, මීටර් දෙකයි දශම දෙකක් පළල, මීටර් එකයි දශම තුනක් උස, හතරැස් පූජාසනයක් සෑදිය යුතු යි.
2
එය සමඟ ඒකාබද්ධ ව සිටින සේ එහි කොන් හතරේ අං හතරක් සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු යි.
3
තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය.
4
ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය.
5
එය ද පූජාසනයේ පහළ සිට පූජාසනයේ මැද හරියට වෙන තෙක්, පූජාසනයේ ගැටිය යට තැබිය යුතු යි.
6
පූජාසනයට ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු අතර,
7
පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ.
8
පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.”
9
“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.
10
ඒවායේ කුළුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.
11
එලෙස ම මණ්ඩපයේ උතුරු පැත්තට මීටර් හතළිස්හතරක් දිග තිර සකස් කළ යුතු ය. ඒවායේ කණු විස්ස හා තවු විස්ස ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.
12
මණ්ඩපයේ බටහිර පැත්තට මීටර් විසිදෙකක් පළල තිර ද ඒවාට කණු දහයක් හා තවු දහයක් ද සෑදිය යුතු ය.
13
නැගෙනහිර දෙසටත් මළුවේ පළල මීටර් විසිදෙකක් විය යුතු ය.
14
දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ.
15
අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය.
16
තවද, දොරටුව සඳහා නිල් පාට, දම් පාට, ලා රතු සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද වැඩදමා ගෙතූ, මීටර් නවයක් දිග තිරයක් විය යුතු ය. ඊට කණු හතරක් හා තවු හතරක් ද තිබිය යුතු ය.
17
මළුව වටේට ඇති කණු සියල්ල ම රිදී පොලුවලින් යා කළ යුතු ය. ඒවායේ වළලු රිදීයෙන් ද තවු ලෝකඩයෙන් ද තැනිය යුතු ය.
18
මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ.
19
මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”
20
“පහන නිතර ම දැල්වෙමින් පවතින පිණිස, පහනට පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්නට නුඹ ඉශ්රායෙල් ජනයාට අණ කළ යුතු ය.
21
තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40