bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 30
Exodus 30
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 31 →
1
“නුඹ සුවඳ දුම් ඔප්පු කිරීමට ෂිටිම් ලීයෙන් පූජාසනයක් තනන්න.
2
එහි දිග සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළල සෙන්ටිමීටර් හතළිස්පහක් ද උස සෙන්ටිමීටර් අනූවක් ද ඇති ව, හතරැස් ව එය සෑදිය යුතු යි. එහි අං එය සමඟ ඒකකයක් විය යුතු ය.
3
එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය.
4
එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත.
5
ඒ පොලු ද ෂිටිම් ලීයෙන් සාදා රනින් ආලේප කළ යුතු ය.
6
ගිවිසුම් කරඬුව වසා තිබෙන කරුණාසනයට ඉස්සරහින්, එනම්, ගිවිසුම් කරඬුව ඉදිරියට ඇති තිරය ඉස්සරහින්, එය තැබිය යුතු ය. මා නුඹ හමු වන්නේ එම ස්ථානයේ ය.
7
දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය.
8
සවස ඔහු පහන් දල්වන විට ද සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය. නුඹේ සෑම පෙළපතක් මඟින් ම එය නොකඩවා ඉටු කළ යුතු සුවඳ දුම් පූජාවක් විය යුතු ය.
9
තවද, එය මත තහනම් වූ සුවඳ ද්‍රව්‍යයන් හෝ දවන යාග පූජාවක් වත්, ධාන්‍ය පූජාවක් හෝ පානීය පූජාවක් වත් ඔප්පු නොකළ යුතු ය.
10
අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”
11
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, මෙසේ වදාළ සේක:
12
“නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වංසගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය.
13
සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.
14
සංගණනයට ඇතුළත් වන සෑම කෙනෙක් ම එනම් අවුරුදු විස්සක් හා ඊට වැඩි වයසැති අය, මට පඬුරක් දිය යුතු වේ.
15
නුඹ ඔවුන් වෙනුවට මිදීම ලබාගැනීමේ මුදලක් වශයෙන් තම පඬුර සමිඳාණන් වහන්සේ වන මට පුදන කල ධනවතා නියම මිලට වැඩියෙන් හෝ දුප්පතා ඊට අඩුවෙන් හෝ නොදිය යුතු ය.
16
නුඹ ද ඉශ්රායෙල් ජනයා උදෙසා මිදීම ලබාගැනීමේ මුදල් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා එය වැය කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි ඉශ්රායෙල් ජනයා සිහිවීමක් ද නුඹලා වෙනුවට පව් කමාවේ මුදලක් ද වනු ඇත.”
17
සමිඳාණන් වහන්සේ නැවතත් මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
18
“පවිත්‍ර වීම පිණිස නුඹ ලෝකඩයෙන් භාජනයක් ද, ලෝකඩයෙන් එහි අඩිය ද සාදන්න. එය සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය අතර තබා ඊට වතුර දැමිය යුතු යි.
19
ආරොන් සහ ඔහුගේ පුතුන් තමන්ගේ අත් පා එයින් සේදිය යුතු ය.
20
ඔවුන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ගින්නෙන් දැවූ දවන පඬුර සමිඳාණන් වහන්සේට ඔප්පු කරමින්, සේවා කිරීම සඳහා පූජාසනය ළඟට කිට්ටු වන විට හෝ ඔව්හු වතුරින් තමන් සෝදාගන්නෝ නම් මරණයට පත් නො වන්නෝ ය.
21
මෙලෙස ඔවුන් නොමැරෙන පිණිස තමන්ගේ අත් පා සෝදාගත යුතු ය. මෙය ඔහු කෙරෙහි ද, ඔහුගේ පෙළපතින් පැවතෙන සියල්ලන් කෙරෙහි ද සදහට ම වලංගු නියෝගයකි.”
22
සමිඳාණන් වහන්සේ යළි මෝසෙස් අමතා මෙසේ වදාළ සේක:
23
“කිලෝග්‍රෑම් හයක දියාරු ගන්ධ රස ද ඉන් බාගයක් වන කිලෝග්‍රෑම් තුනක සුවඳ කුරුඳු ද කිලෝග්‍රෑම් තුනක සුවඳ උක්ගස් ද
24
ශුද්ධස්ථානයේ මිල අනුව කිලෝග්‍රෑම් හයක තලිස් පතුරු ද යන අගනා සුවඳ ද්‍රව්‍ය ද ඔලීව තෙල් ලීටර් හතරක් ද ඔබ ගත යුතු ය.
25
ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත.
26
එයින් සම්මුඛ මණ්ඩපය හා ගිවිසුම් කරඬුව ද
27
මේසය හා එහි උපකරණ ද පහන් රුක හා එහි උපකරණ ද සුවඳ දුම් පූජාසනය ද
28
දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය.
29
මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත.
30
ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්රදානය කළ යුතු ය.
31
ඉන්පසු නුඹ ඉශ්රායෙල් ජනයා අමතා, ‘ඔබේ පෙළපත් මේ ආලේප තෛලය ශුද්ධ දෙයක් හැටියට සැලකිය යුතු ය.
32
මනුෂ්‍ය ශරීරය පිට එය වත් නොකළ යුතු ය. එකී සංයෝගය මෙන් අන් කිසිවක් ද නොසෑදිය යුතු ය. එය ශුද්ධ ය. එය ඔබට ශුද්ධ දෙයක් විය යුතු ය.
33
යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”
34
නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ සුවඳ ද්‍රව්‍ය වන නාතාප් සහ ෂෙබෙලෙක් ද බෙල්බෙනා සහ පිරිසිදු තුවරලා ද සම බරට ගෙන,
35
සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.
36
තවද, නුඹ එයින් කොටසක් සුණු කොට, ඉනුත්, කොටසක් මා නුඹ හමු වන සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඉසිය යුතු ය. නුඹ මෙය අතිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතු ය.
37
නුඹේ ප්‍රයෝජනය සඳහා මේ සුගන්ධ සංයෝගයට සමාන අනෙකක් නොසෑදිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ දෙයක් හැටියට නුඹ සැලකිය යුතු ය.
38
යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.”
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40