bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 28
Exodus 28
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 29 →
1
“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.
2
නුඹේ සහෝදරයා වන ආරොන් සඳහා ගරුත්වය හා අලංකාරය ගෙන දෙන ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු ය.
3
ආරොන් මට පූජක සේවය කරන පිණිස ඔහු කැප කිරීමට අවශ්‍ය වස්ත්‍ර සෑදීමට මා විසින් විශේෂ හැකියාවකින් පූර්ණ කොට තිබෙන, සියලු දක්ෂ ශිල්පීන් හට නුඹ අණ කළ යුතු ය.
4
ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි.
5
මේ සඳහා රත්රන් ද, නිල්, දම් සහ තද රතු පාට නූල් ද සිහින් හණ ද ශිල්පීන් පාවිච්චි කළ යුතු ය.”
6
“ඒපොද් නම් සැට්ටය, රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් ද වැඩ දමා විසිතුරු කර සිහින් ව කටින ලද හණවලින් සෑදිය යුතු ය.
7
එහි දෙකෙළවරේ සම්බන්ධ කරන උර පටි දෙක සවි කළ යුතු ය.
8
එහි මනා සේ ගොතන ලද බඳපටිය ද සැට්ටය සමඟ එකට සම්බන්ධ ව, එය මෙන් ම රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සෑදූ එකක් විය යුතු ය.
9
තවද, නුඹ නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්රායෙල් ජනයාගේ නාම ඒවායේ කැටයම් කළ යුතු වේ.
10
ඔවුන් උපන් පිළිවෙළ අනුව නම් හයක් එක ගලක ද අනික් නම් හය අනිත් ගලේ ද විය යුතු යි.
11
මැණික්කරුවෙකුගේ දස්කම් පාමින්, මුද්‍රා කෙටීම මෙන් ඉශ්රායෙල් ජනයාගේ නාම ගල් දෙකේ කැටයම් කොට, ඒවා රන් කෙවෙණිවල බැඳිය යුතු ය.
12
ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.
13
නුඹ රන් කෙවෙණි දෙකක් ද
14
ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය.
15
“තවද, ඒපොද් නම් සැට්ටයේ කලාවට සම වන පරිදි විනිශ්චයේ ළය වැස්ම ද ගෙත්තම් කොට සෑදිය යුතු ය. එය රනින් ද නිල්, දම් සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද සෑදිය යුතු ය.
16
එය හතරැස් ව දෙපටක් විය යුතු අතර, එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය යුතු ය.
17
එය පිට මැණික් ගල් පේළි හතරක් බැඳිය යුතු ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද
18
දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්රයක් ද
19
තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණකාන්තියක් ද අඹතෙස් ගලක් ද
20
සතර වන පේළිය රන් කාන්තියක් ද නබමාණික්‍ය ද සූර්යකාන්තියක් ද විය යුතු ය. ඒවා ද රන් කෙවෙණි වල බහා තිබිය යුතු ය.
21
ඒ ගල්වල ඉශ්රායෙල් ජනයාගේ නම් තිබිය යුතු වේ. මෙලෙස නම් ඇති ගල් දොළහේ, මුද්‍රා කැටයම් මෙන්, එක් එක් ගලක ගෝත්‍ර දොළහේ නම් එක එක බැගින් තිබිය යුතු ය.
22
ළය වැස්ම සඳහා ද තනි රනින් එකට ගෙතූ මාල සෑදිය යුතු යි.
23
ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි.
24
ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ ඇති මුදු දෙකේ ඇමිණිය යුතු වේ.
25
ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවර ද රන් කෙවෙණි දෙකට අමුණා, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට ඉස්සරහින් තැබිය යුතු යි.
26
රන් වළලු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට වන පරිදි ඒවා ඇතුළු පැත්තෙන් සවි කළ යුතු ය.
27
තවත් රන් වළලු දෙකක් සාදා, ඒපොද් සැට්ටයට යටින් දෙපැත්තේ උර පටි දෙක පිට, මූට්ටුව ළඟ ගෙත්තම් කළ බඳපටියට උඩින් දැමිය යුතු ය.
28
ළය වැස්ම ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද පිණිසත්, එය ඒපොද් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි වළලු ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද යුතු ය.
29
ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය.
30
විනිශ්චයේ ළය වැස්මෙහි උරිම් සහ තුම්මිම් යන පස ඇට දැමිය යුතු වේ. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියට පැමිණෙන විට ඒවා ඔහුගේ ළය මත තිබෙනු ඇත. ඔහු ද සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර ම ඉශ්රායෙල් ජනයා විනිශ්චය කිරීමේ උපකරණ තම ළය මත දැරිය යුතු වේ.”
31
“ඒපොද් සැට්ටයේ සළුව සම්පූර්ණයෙන් ම නිල් පාටින් සෑදිය යුතු ය.
32
එහි මැද හිස දැමීමට සිදුරක් තිබිය යුතු අතර මේ සිදුර නොඉරෙන පිණිස, හම් කබායක සිදුර මෙන් එය වට වියන ලද වාටියක් තිබිය යුතු යි.
33
එහි පහළ මුළු වාටිය දිගේ ම, නිල්, දම් සහ තද රතු පැහැති දෙළුම් ගෙඩි ද ඒවා අතරතුර වටේට ම රනින් කළ මිණි ගෙඩි ද සෑදිය යුතු ය.
34
මෙසේ සළුවේ වාටිය දිගේ ම රන් මිණි ගෙඩියක් හා දෙළුම් ගෙඩියක් ද බැගින් මාරුවෙන් මාරුවට ඇති වේ.
35
ආරොන් පූජක සේවය ඉටු කරන කල එය පැළඳිය යුතු ය. මෙලෙස ඔහු ශුද්ධස්ථානයෙහි සමිඳුන් වන මා ඉදිරියට පැමිණෙන විට ද එයින් පිටත එන විට ද කිංකිණි නාදය ඇසෙනු ඇත; ඔහු ද නොමැරෙන්නේ ය.”
36
“නුඹ තනි රනින් තහඩුවක් සාදා, එය මත මුද්‍රා කැටයමක් මෙන් ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන කැටයම් කළ යුතු අතර
37
නිල් පටියකින් එය මකුටයේ ඉදිරිපසට වෙළිය යුතු යි.
38
එය ආරොන්ගේ නළල මත විය යුතු වේ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මට කැප කරන ශුද්ධ පඬුරුවල යම් අඩුපාඩුවක් තිබේ නම්, ඒවා ගැන ඔහු වග කියනු ඇත. පුද පඬුරු සමිඳාණන් වහන්සේ වන මට ප්‍රසන්න වන පිණිස, ආරොන් නිතර ම එය තම නළල මත පැළඳිය යුතු යි.”
39
“සිහින් හණ නූලින් සැදි කබාය ගෙත්තම් කොට, මකුටය ද සිහින් හණ නූලින් සාදා, බඳපටිය ද ගෙත්තම් කොට සෑදිය යුතු ය.
40
“ආරොන්ගේ පුත්‍රයන්ට ද ගරුත්වය හා අලංකාරය ගෙන දෙන කබා ද බඳපටි ද ශිරස්ක ද සෑදිය යුතු ය.
41
මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය.
42
ඔවුන්ගේ නග්නභාවය වසන පිණිස හණ නූලින් ඉඟ සිට කලවය දක්වා කලිසම් සෑදිය යුතු යි.
43
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40